Tuesday, February 15, 2011

පාසල් සහ කොට ජීවිතේ : නපුරු මයිත්‍රීගේ වෙනසක්

Previously on පාසල් සහ කොට ජීවිතේ,
පාසල්ගේ අහා සිතුවිල්ල

කොට ජීවිතේගේ ගෙදරට ළඟාවේගෙන එනකොටත් පාසල් කල්පනා කලේ ආයෙත් මේ වගේ මොහොතක් කවදා උදාවේවිද කියලා. කෙසේ වෙතත් තමන්ට මේ ලබාදුන් මොහොත ගැන පාසල් සතු‍ටු උනත් හිත ඇතුලෙන් පාසල්ට අමුතු හැඟීමක් දැනෙන්නට පටං ගත්තේ කොට ජීවිතේගේ ගෙදර ඉස්සරහ කාරෙක නැවැත්තුව වෙලාවේ. කොට ජීවිතේට පරිස්සමෙන් බහින්න කියා කියුවත් පාසල්ට කොට ජීවිතේ එක්ක මේ ගත කරපු කාලය මදී. තවත් නොසෑහෙන දේ කතා කරන්නට තියේ.

පාසල් මේ හැරෙන්නේ පොල්පැලේ කන්න විත්තියක් අමුතුවෙන් කොට ජීවිතේට කියන්නට අවශ්‍ය නැති විත්තියක් මේ ගැන දන්න කාටත් තේරෙන දෙයක්. කොට ජීවිතේ කාරෙකෙන් බැස්සේ පාසල්ට කෝල් කරන්නම් කියාගෙන නිසා පාසල්ට පුදුමාකාර සතුටක් දැනුනා. පාසල් එදා ගෙදර යනකන්ම කොට ජීවිතේ එක්ක fone එකේ කතා කරකර ගියත් මංගල යෝජනාවන් සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකියන්න තීරණය කලා. පාසල්ට අවශ්‍ය උනේ කොට ජීවිතේගේ ඒ "නපුරු මයිත්‍රී" චරිතය තේරුම් ගන්නටත් කොට ජීවිතේගේ හිතට ඇතුළුවන්නට දොර ඇරගන්නටත් පමණක් නිසා මංගල යෝජනාවට පාසල්ට ජොබ් එකේ අන්තිම දවස හෝ ඊට කලින් දවසක් උදාවෙවී යැයි පලාපොරොත්තුවෙන් ආදර සම්බන්ධකම් හා ඒ ආශ්‍රිත දෑ ගැන පොඩ්ඩකට අමතක කරදාන්න පාසල් හිතාගත්තා.

Wednesday, February 9, 2011

පාසල් සහ කොට ජීවිතේ : පාසල්ගේ අහා සිතුවිල්ල

එක දවසක් පාසල් වැඩ ඇරිල හවස 6ට විතර ගෙදර යන්න කියලා කාරෙකට නැග්ගා. දෙහිවල හන්දියේ කලර් ලයිට්ස්වල නවත්තගෙන ඉන්නකොට පාසල්ට එක පාරටම ගෙදර නොගිහිං Head office එකට යන්න හිතුනා. මේක "අහා" සිතුවිල්ලක් උනත් මේක අහේතුවකට පහල උන එකක් නම් නෙමේ. තත්පරයකටත් අඩු කාලයක් ඇතුලතයි මේ ඔක්කොම සිද්ධ උනේ. ඒ කියන්නේ පාසල්ගේ මුළු ජීවිතයම ඒ සිතුවිල්ලෙන් වෙනස් උනා.

වැඩකරගෙන ගියතැන සිද්ද උනු හැම දේම අමතක කරල දාලා ජොබ් එකෙනුත් අස් වෙලා හිත හදාගෙන අළුත් තැනක රස්සාව පටන් ගන්න පාසල්ට තිබ්බේ සති 2කටත් අඩු කාලයක්. මාස ගානක් තිස්සේ "සුද්දා try again කිව්වෙ නිකං නෙමෙයිනේ.." කියලා පහුගිය කාලේ පාසල් සැහෙන ගේමක් දුන්නා කොට ජීවිතේව සෙට් කරගන්න. ඒ එකකින්වත් කිසිම සුභ ප්‍රතිඵලයක් ලැබුනේ නෑ. සමහරක් වෙලාවට පාසල් වැඩපලේ ළඟින්ම ඇසුරු කරන කීප දෙනෙක් එක්ක "මට කොටාව සෙට් උනොත් මම මේ හැම දේ ම අත ඇරල දානවා.. මට ඒ ඇති.." කියලත් තිබ්බා. ඒ හැම වෙලාවකම ඒ කතාවට හරින්දයා (ඩයියා) හිනා උනේ "අනේ පලයං උඹ වෙනස්වෙන්නේ නෑ.. උඹ කවද්ද බං සීරියස් උනේ.." කියලා. ඩයියට එහෙම කියන්නත් හේතු ගනනාවක්ම තිබ්බා.

Monday, February 7, 2011

පුතාගේ චූ සීන් ටික

පුතාගේ චූ සීන් ටික

පාසල්ගේ කසින් අක්ක කෙනෙක්ට දුවල පුතාල දෙන්නෙක් ඉන්නවා. පුතා නම් පට්ට අන්ඩපාලයා. හයිප‍රැක්ටිව්. එක විදියකට ඉන්නම බෑ. පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. දවසක් පාසල් එහෙ යනකොට ඇහෙනව හෙන සද්දයක් හරියට නිකං ලොකු විජ්ජුම්බරයක් වෙලා වගේ.

පාසල් : මොකෝ අක්කේ?
අක්කා : නෑ මල්ලි. මේ පුතාගේ වැඩ තමයි ඉතිං.
පාසල් : ඇයි?
අක්කා : මම fridge එක අරිනකොට අමුතු ගඳක් එනව. බැලින්නම් මෙයා එකෙ චූ දාල.
පාසල් : laughing

Saturday, February 5, 2011

ලාකැන්ඩියන් කිව්වේ කැන්ඩිවලට ළඟ කියන එකද

ලාකැන්ඩියන් කිව්වේ කැන්ඩිවලට ළඟ කියන එකද

රංගගේ දුර කියන හැටි පෝස්ටෙක කියවගෙන යනකොට දැක්කෙ ආ පුතා මම ඉන්නෙ කොළඹ පෝස්ටෙක. මේ සීන් එක මතක් උනේ එතකොටයි. පාසල් කලිං වැඩ කරපු වැඩපලේ ඊ-මේල් හා අන්තර්ජාල පහසුකම් බලාකියා ගන්න ඩයල් එකක් හිටියා මාරේ කියලා. හිටපු ගමං web templates එහෙමත් හදල දෙනවා. බුවාට ඉතිං ටීම් එකක් වැඩක් නෑ. බුවා බුවාගෙ කාලසටහනට අනුව යක්කු ගස් නගින වෙලාව කිට්‍ටු කරල වැඩපලට වාර්තාකරනවා.

පාසල් : මචං බඩගිනී party බිත්තර ආප්ප ගේමු ද?
මාරේ : මචං මං vegetarian.
පාසල් : ඔහ්.
ජයලත් : මෙහ්.. අපි එහෙනං බිත්තර රොටී ගේමු ද? මස් හොදිත් එක්ක පාට්ට.
පාසල් : මාරෙ.. උඹට ප්ලේන් රොටී ගේන්න ද?

Friday, February 4, 2011

ඔටෝමැටික් පෝටබල් කියුට් fans තියෙනව ද මල්ලි


අවුරුදු කීපයකට කලිං පට්ට රස්නෙ කාලයක් තිබ්බනේ. ඒ කාලෙ පාසල්ගෙ නෑයො සෙට්ටෙහෙකුත් රට ඉඳං ඇවිල්ලා. එයාලට ලංකාව සෑහෙන රස්නෙයි. පාසල් ඉතිං එයාලව එහෙ මෙහෙ එක්කං යනවා. දවසක් පාසල්ල ඔය නෑයො සෙට්ටෙකත් එක්ක ගෙදර ඉන්න වෙලේ සේල්ස් රෙප් මල්ලි කෙනෙක් ගැජමැටික්ස් ටිකකුත් උස්සගෙන ගෙයින් ගෙට මාකටිං පාර දාගෙන යන ගමං මෙහෙටත් ආව. රට ඉඳං ආපු බාප්පලට ඉතිං ඔහොම අය ආවම හරි ආසයි. එයාලත් ඉතිං මේ මල්ලිව වට කරගෙන එයා ගාව තියෙන ගැජමැටික්ස් ටික ගැන අහනවා. මේ අස්සෙ පාසල් ඉතිං කට්ටියට එක දාගන්න කියලා මල්ලිගෙන් වැදගත් දෙයක් ගැන ඇහුවා.

පාසල් : පට්ට රස්නෙයි නේ whew! ඔයාල ගාව පොඩි fan එහෙම තියෙනව ද?
සේල්ස් රෙප් : ඔව් සර්.. තියෙනවා. අතේ තියාගෙන ඉන්න පුළුවන් එකක්ක් තියෙනව. ඒක හොඳයි සර්.
බාප්පා, පුංචි : ෂා.. hypnotized කෝ ගන්න බලන්න.

Thursday, February 3, 2011

ඩිස්කවුන්ට් සියට විසිපහයි නම් අපි හතරක්ම ගමු

මතකනේ පාසල්ගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනෙ වැඩපල. මේ වැඩපලේ සේවක සේවිකාවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩපලේ කෙනෙක් අස්වෙනකොට එයාගේ ටීම් එකෙන් පොඩි තෑග්ගක් එහෙම දෙනවා. ඔයවගේ වැඩවලට අතිමහත් කැමැත්තෙන් ඇහැකි උපරිමෙන් සහයෝගය දෙන ගොං සැන්ටා කියල එකෙක් ඉන්නවා.

සුප්පා : පාසල්.. යමං තෑග්ගක් ගන්න Titus Stores එකට.

සුප්ප පාසල්වත් සෙට් කරගත්තා. මේ වගේ වෙලාවට සැන්ට ටිකක් එක්සයිට් වෙනවා.

සැන්ටා : මොනව ද අපි ගන්නේ?

සැන්ට සංකත් එක්ක කාරෙකට නගින ගමං ඇහුවා. සුප්පගාව තමයි එකතු කරගත්තු සල්ලි තියෙන්නේ.

සුප්පා : මචං 4ක් විතර තමයි එකතු උනේ. ගිහිං බලමු.

Tuesday, February 1, 2011

Facebook comments

Facebookuth profile images

පාසල් facebook එකේ ඉන්න කාලෙ වැඩිහරියක් කලේ දන්නෙත් නැති අයට friends request යවපු එකයි, fotos දාන එකයි, අනුන්ගෙ foto වලට comments දාන එකයි. ඉස්සර පාසල්ගෙ comments ටිකක් chaa. ටිකක් කිව්වට සමහරක් ඒවනම් chaa max,

ඕක පටං ගත්තේ පාසල්ගේ අක්කගේ office එකේ අය දාන fotos වලින්. ඒ සෙට්ටෙකේ ඉන්දියානු දමිළ කෙල්ලෙකුත් හිටියා. එයාටත් ඉතිං සෑහෙන comments දැම්මා.

ආ.. මේ ඉන්නෙ කාජොල් නේ ද? tongue
ආ... තංගා.. smug
ඔහ්.. නල්ල කුට්ටි ඩා.. thumbs up

පාසල්ට මහත කෙල්ලෙක්ගේ foto පේන්න බෑ. දැක්ක තැන comment එකක් දානවා.