Monday, January 31, 2011

Shanaya Fernandez ගැන ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න

Shanaayaa Fernandiz ගැන ප්‍රශ්න

පාසල්ගෙ වැඩපලේ coming soon කෙල්ලො සෙට්ටෙකක් ඉන්නවා. Coming soon කිව්වේ කෙදිනක හෝ ඉදිරියේ දී posh වෙන්න ඉන්න ගෑණු ළමුන් කිහිප දෙනෙක්. ඒ අතර සමහරක් අය නානාප්‍රකාරයේ දුක් විඳිනවා posh වෙන්න. පහුගිය මාස කිහිපයේ Shanaya Fernandez නිලියක් හැටියට ටිකක් ප්‍රසිද්ධ වේගෙන ආවා. එයා සිංදු කීපයකුත් කිව්වා, ටෙලිනාට්‍ය සහ සුරූපී ඇඩ්ස් වලත් පෙනී හිටියා. ඉතිං එයාගෙ interviews එහෙමත් TV එකේ යන්න ගත්තා. එතකොට ඔය රෑට TV එකේ යන පැදුරු පාටි වගේ ඒවටත් එයා එන්න පටං ගත්තා. පාසල්ගෙ වැඩපලේ "වෙන්ට posh" කෑලි ටිකත් ඉතිං Shanaya Fernandez ගැනතමා කතාව. හැබැයි ටිකක් වෙනස් විදියේ කතාවක්.

සජානි : Ya men.. she is හරිම පොඩි girl කෙනෙක්.
අනූපමා : එහෙම ද.. but එයා හරිම matured looking නෝ.
නදිනි : හාපෝ අර ඊයේ රෑ TV එකේ හිටියේ.. මේකප් දාල කියන්නේ..
සජානි : Ya men සාරි එකක් ඇඳං ඇවිල්ල හිටියේ. she.. එයාට college එකෙන් warning දීල තියෙන්නේ.
අනූපමා : එයා කොහෙ ද studying?
සජානි : R. I. එකේ නේ. There මොකක් හරි scene එකක් ගිහින් එයාව එලියට දාලා.
නිම්මි : Really? but you cant say the way she is in fronta da screen නෝ.
සජානි : Yaa men..

Wednesday, January 26, 2011

office එකේ පරිස්සම් වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා

පාසල්ගෙ වැඩ හොඳ වැඩි කමට කලින් වැඩකරපු office එකේම වෙන company එකකට පාසල්ව මාරු කලා. අලුත් තැන එල. ඔක්කොම ඉන්නෙ පාසල්ගෙ වයසෙ කොල්ලො කෙල්ලො සෙට් එකක්, දැනට අවු. 10කට කලින් පට්ට තරුණ කාලෙ. පාසල් හිතාගෙන හිටියේ office එකේ කෙල්ලො පාසල්ගෙ මූණවත් බලන්නෙ නැත්තේ පාසල් හිටපු තැනට ඇත්තටම එකෙක්ටවත් එන්න බැරි නිසා කියලා. කොටින්ම ලඟින් යන්නත් බැරි නිසා කියලයි. පාසල්ගෙ වැ‍රැද්දක් නිසා නෙමේ. ඒ හරියෙ හිටියෙ maxxa කොල්ලො සෙට් එකක්. පිට කවුරුහරි ආවොත් ඉවරයි. මේ තියෙන්නෙ එන කෙනාට දෙන වද list එකෙන් ටිකක්:

එකෙක් කොන්ඩෙ අවුල් කරයි.
අනිකා ලස්සනට යටකරගෙන ඉන්න shirt එකෙන් අදී.
එතකොට තව එකෙක් කලිසම් zip එක ගලවයි.
කලිසම් belt එක ගලවයි.
ආපු කෙනා කෙල්ලෙක් නම්, කොළෙත් එක්ක ටොපි කාල තියේ ද අහයි.

Tuesday, January 25, 2011

කෙල්ලොත් එක්ක ක්‍රිකට් ගහල තියේ ද?

පාසල්ගෙ නංගිගෙ ඉස්කෝලෙ යාලුවෝ එක්ක දවසක් ක්‍රිකට් ගහන්න කියල සෙට් උනා. පාසල් නම් ක්‍රිකට්වලට වැඩි කැමැත්තක් නෑ. ඒත් ඉතිං ගිණි කිකිලියො ටිකක් නිසා සෙට් උනා. Six-a-side. ටීම් එකකට කෙල්ලො දෙන්නෙක් ඉන්න ඕනෙ. ඔය කෙල්ලො සෙට් එකේ පට්ට සුදු කෙල්ලෙක් ඉන්නවා. ඉන්නෙ වැඩි හරියක් පිටරට. හරිම පොෂ්. නම සුදූ.

දැං සුදූ බැට් කරන්න යන්නෙ. කට්ටිය ඉතිං හෝ ගාල සප් එක දෙනවා. ඔන්න ඉතිං පාසල්ගෙ මල්ලි බෝල් කරන්න පටං ගත්තා. පළවෙනි බෝලෙ දාන්න දුවගෙන එනවා.

සුදූ : මේ මචං.. මම ඊයෙ වෙඩින් එකකට ගියා... මම ඇන්දෙ අර ඔයාට එදා පෙන්නුවෙ.. එන්න ඒක.
චතූ : ආ.. ඇත්තද? අර ලස්සන සාරි එක ද?
සුදූ : yeah men...
...

Friday, January 21, 2011

දෙය්යගෙ chemistry class එකට යමං

සාමාන්‍යයෙන් පාසල් class කියල යන්නෙ පිරිවෙණකට. ඒව ගණං අඩුයි. හිටපු ගමං මානව ඔඩිටෝරියම් එකටත් යනවා. ඉස්කෝලෙ කොල්ලො ඔය මානව ඔඩිටෝරියම් එකට එන්නෙ නෑ, උං කොහෙ යනවද දන්නෙ නෑ. කොහොම හරි ටික කලක් යනකොට ඉස්ස්කෝලෙ කොල්ලො සෙට් එකක් පාසල්ට කතා කලා.

ලකී : පාසල්. තොට ඉගෙන ගන්න පුළුවං වෙලත් ඇයි උඹ ඉගෙන ගන්නෙ නැතිව පිස්සු කෙල කෙල ඉන්නෙ? වරෙන් යන්න අපිත් එක්ක class.
පාසල් : ඒ මොකට ද confused
ගජනායක : දෙයියගෙ class එකට යමං smug
ජීනියස් : ඔව්, ඒකෙ උඹට ඔහොම පිස්සු කෙලින්න බෑ. කෑ කෝ බෑ. හොඳ ළමයි වගේ වැඩකරගෙන ඉන්න වෙනවා cool
පාසල් : බෑ බං not listening
ඩයියා : මම සල්ලි දෙන්නං උඹ වරෙන් අද රොටරියට.

Monday, January 17, 2011

Honeymoon යන්න එළ තැනක් කියපං

පාසල් වැඩකරපු තැන කොල්ලො ටිකයි, client-site එකේ බුවාලයි රෑ වැඩවගයකට සෙට් උනා. සාමාන්‍යයෙන් ඔහොම සෙට් උනාම රෑට ළඟ කඩේකින් කාල client-site එක ඉස්සරහ පඩිපෙලේ ඔක්කොම ටික කියව කියවා ඉන්නවා. ඔතන එකෙක් හිටියා wedding එක ඔන්න මෙන්න ළඟ තියාගෙන honeymoon යන්න තැන් හොය හොයා.

රුමේ: ඒ මචං.. මට තැනක් කියපංකො. නැද්ද උඹල ගිය එල තැං?
අපේ එකෙක්: මචං Tree-of-Life පලයං ඒකට එන්නෙ honeymoon couples විතරයි.
රුමේ : එහෙ ගිහිං තියෙනවා බං.
අපේ තව එකෙක් : එහෙනං කන්ඩලම පලයං rock on!
රුමේ : ගිහිං තියෙනව මචං.
තවත් එකෙක් : රම්බොඩ falls එල ඔය වැඩේට
රුමේ : එහෙත් ගියා මචං.
තව එකෙක් : Earl's regency නැත්තං නකල්ස් camping නියමයි day dreaming
රුමේ : ඒ දෙකටම ගිහිං තියෙනව මචං. මොකද්ද බං, උඹල කොල්ලො නේද. කියපංකො හොඳ තැනක් raised eyebrows

Thursday, January 13, 2011

මීට පස්සෙ office එකේ බොන්න එපා

මේ සිද්දිය වුනේ පාසල්ට හා හා පුරා කියල ලැබුණු පළවැනි රස්සාවෙ. කොල්ලුපිටියෙ ප්‍රසිද්ධ තැනක. Shape එකේ වැඩ කරගෙන යන අස්සෙ office එකෙ එකෙක් රට ඉඳං ආව බෝතල් දෙක තුනකුත් එක්ක. එතකොට පාසල් වැඩ පටංගෙන මාසයයි, probation. බෝතලෙ වේලෙන නිසා කීපදෙනෙක් (5ක්) සෙට් උනා saturday දවසක. සෙට් උනේ ඉතිං office එකේම වෙන department එකක, MD ඉන්න තට්‍ටුවෙ. පාසල් ඉතිං අමු අමුවෙම තිබහට වතුට බොනව වගෙ බීල කට්ටියටම ආතල් එකක් දුන්න මුළු floor එකේම හෝටල් sick දදා ගිහිං.

Monday, January 10, 2011

මචං.. කෝ බං ඩොකා? පාසල් අහයි

NuttyProfessor

පාසල්ගෙ ගෙදර යාළුවෙක් නැවතිලා හිටියා දෙවෙනි වතාවටත් A/Level කරලා කොහොම හරි campus යන්න. බුවාට ටික දවසක ඉඳං රෑ පාඩම් කරනකොට කඳුළු එන්න අරගත්ත. පොඩි ඔළුවෙ කැක්කුමකුත් එක්ක.

බුවාට දැං කොළඹ හොඳ hospital එකක ඩොකෙක් ගාවට යනකං සිහියක් නෑ.

පාසල් : ඔළුවෙ කැක්කුමක් ආවනං උඹ සතු‍ටුවෙයං උඹට ඔළුවක් තියෙනව කියලා. නිකං ඉන්නගමං අඬන එකත් නවත්තපං. එතකොට ඇස්වලට කඳුළු එන එකත් නවතී. උඹට කසන සල්ලි තියේ නං මට දීපං

Wednesday, January 5, 2011

අය්යෙ අර මල කඩල දෙනව ද?

ඉස්සර පාසල් කුණුකථා ඔක්කොම කියල කෙල්ලොන්ව chaa කරල දානවා. කාගෙ කවුද කියල අදාල නෑ. ඉතිං tuition class එකේ ඉන්න කෙල්ලොංට පාසල්ව පේන්න බෑ. ඒ නිසාම ද කොහෙදෝ පාසල්ටත් කෙල්ලො අරහං. පැණියො ටිකනම් කොහොමත් පාසල් එක්ක ඉන්නෑ. ඒ නිසා වැඩිය යාළුවොත් හිටියෙ නෑ.

දවසක් පාසල් පංතියෙ කෙල්ලෙක්ට කුණු කථාවක් කියල අල සෙට්ටෙකක් ඇවිල්ල දිඩි දිඩි ගාල මදි නොකියන්න රීලෝඩ් දීල ගියා. පාසල්ට දවස් කීපයක් හිණාවෙන්නත් බරිව හිටියා.

ගංගොඩවිල පිරිවෙණට tuition එන කෙල්ලො වඳින්න යනව එතන පංසලට. Class එකේ පැණියො ටික තමයි මල් කඩල දෙන්න ඕනෙ. ඉතිං ඔය කෙල්ලොංට ට්‍රයි කරන පැණියො ටිකත් පස්සෙන් යනවා පංසල ඇතුළට (ඔය වෙලාවට බුදුගේ කරුවලයි).

පාසල්ගෙ කාර් පැදිල්ල

පාසල්'ට ඩ්‍රයිවින් ලයිසන් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. ඩ්‍රයිව් කරලත් නෑ. පාසල්ට office එකෙන් කාරෙකක් දුන්න. ඒ ගමන පාසල් තව අතිජාතී මිත්‍රයෙක්ගෙ සහායෙන් ලයිසන් එකත් ගත්ත. දැං ඉතිං පාසල් ලෝඩ්පකීර් වගේ කාරෙකේ යන්න ගත්තා. යනවට වඩා හප්පනවා. ඒ එකකටවත් පාසල් වැරදි නෑ.

ඉස්සිස්සෙල්ලාම දෙහිවල පල්ලිය ඉස්සරහ Crystal super market car park එකේ නවත්තල තියෙන සුදුම සුදු කිරි ටොයියා Jeep එකක හැප්පුවා. Jeep එක හරියට පාක් කරල තිබ්බනම් හැප්පෙන්නෑ. සික්ක බැලුවෙත් නෑ. 119 කථා කරල Jeep එක පාසල්ව හප්පගෙන ගියා කියල කිව්ව.

ඊට පස්සෙ office car park එකේ නවත්තන්න ගිහිං තාප්පෙ හැප්පුව. කාරෙකේ ඉස්සරහ බොනට්‍ටුව එබිල දෙපැත්තෙන් එළියට පොඩ්ඩක් විතර පැන්නා. හරිහමං car park එකක් තිබ්බනං ඔහොම වෙන්නෙ නෑ. කොහොමත් එතන නවත්තන්න සෑහෙන හොඳ පලපුරුද්දක් ඕනෙළු.

Tuesday, January 4, 2011

කෙල්ලොංගෙ panty

කෙල්ලොන්ට panty ජාති හුඟක් තියෙනව. සාමාන්‍යයෙන් G-strings, Thongs කිව්වම තමයි කොල්ලො අඳුනන්නෙ. ඊට අමතරව 10යෙ කෑලිත් තියෙනව පේමන්ට්වල උඩ දදා විකුණන්න. පාසල් කලින් වැඩකරපු office එකේ maxxa බුවෙක් හිටියා අලියා කියලා. මේ panty සිද්ධිය ඔය අලියා'ගෙ වැඩක්.

එක දවසක් අපි සෙට්'එකම ඉරාගෙන වැඩකරන අස්සෙ අලියා ආතල් එකක් දෙන්න පටං ගත්තා.

අලියා : මේ.. උඹ panty ඇඳල තියෙනව ද?
පාසල් : panty?
අලියා : ඔව් ඔව්, කෙල්ලොංගෙ panty?
පාසල් : ඒව අඳින්නෙ කොහොමද බං. ඒවයෙ තියෙන්නෙ ඉලාස්ටික් පටි දෙකක් විතරයි නෙ. ඇන්දම සෙට් එක එළියෙනෙ බං.

Monday, January 3, 2011

ඔළුවෙ පොල්කුඩු සිද්දිය

අපේ office එකේ ලතා කියල කෙල්ලෙක් ඉන්නවා. ගමේ-ගොඩේ type. කථා කරනකොට, ඇවිදිනකොට, නියම ගමේ කෙල්ල.

දවසක් උදේ පාන්දර ලතා හොඳට නාල office ආවෙ. පාසල්ටත් ඉතිං දැක්ක ගමං කටපියාගෙන ඉන්න බැරිවුණා.

පාසල් : ආ.. ලතා.. නාල වගේ උදේ පාන්දර (පාසල් meanකලේ වෙන නෑමක් ගැන).
ලතා : අපි ඉතිං හොඳට නාලකරල ඉන්නෙ. ඔයා වගේ හඩුවට ඉන්නෙ නෑ

පට්ට නෝන්ඩිය උදේ පාන්දරම. හොඳ වෙලාටව තාම වැඩිය කට්ටිය ඇවිල්ල නෑ. කතාවක් අහගත්තට තාම පාසල්ට හිතට හරි මදී.

Sunday, January 2, 2011

Bugs වැඩිවුනාම දෙන punishment'එක

monique

අපේ office එකේ පහුගිය දවස්ටිකේ අම්බානෙකට වැඩ සෙට්වෙලා තිබ්බෙ. පැය 24ත් මදිවෙන තරමටම වැඩ. ඉතිං break එකටත් එක්ක කියල හිටපුගමං team'එකේ කීපදෙනෙක් එක්ක ළග තියෙන කෑම කඩේට යනව lunch'වලට.

මේ සිද්දිය වෙච්ච දවසේ ලොක්කො සෙට්'එකට ටිකක් මල පැනල තිබ්බේ errors වගයක් නිසා (නිකනුත් මලෙන් තමයි ඉන්නේ).

සචී : මේ.. මොකද්ද බං අර bugs ටිකට කරන්නේ. DM'ට (Delivery Man) මල පැනල e-mail එකක් ගහලතිබ්බේ.

Saturday, January 1, 2011

ඔයාගෙ නමේ තේරුම? තනුජා අහයි

Thanujaa (Top-Heavy)

පාසල් මුලින්ම වැඩට ගිය office එකට අලුතෙන් ඉන්ජිනේරු කෙල්ලො දෙන්නෙක් ගත්තා. එක්කෙනෙක්ගෙ නම තනුජා. කෙල්ල පට්ට හැඩයි. ගිණි කිකිළියෙක් වගේ. සුදුයි.. මූණ රවුම්.. කොන්ඩෙ දිගයි.. ඉතිරි ටිකත් කිසිම අඩුපාඩුවක් නැතිව දෙවියො දීල තියෙනවා. ඒ වෙනකොට අවුරුදු 23ක් විතර වයස. හැබැයි පොඩ්ඩක් ගමේ type.

තනුජලාට අපි ඉතිං පොඩි මල්ලිලා. දවසක් තනුජාට අපේ නම්වල තේරුම දෙනගන්න ඕනිවුනා.

තනුජා : බන්දු.. ඔයාගෙ නමේ තේරුම මොකද්ද?

තනුජා මේ සෙට්වෙන්නේ මොකක් හරි කාඩ් එකක් ගහන්න තමයි කියලා බන්දු'ට නිකමට වගේ හිතුණා.