Monday, January 10, 2011

මචං.. කෝ බං ඩොකා? පාසල් අහයි

NuttyProfessor

පාසල්ගෙ ගෙදර යාළුවෙක් නැවතිලා හිටියා දෙවෙනි වතාවටත් A/Level කරලා කොහොම හරි campus යන්න. බුවාට ටික දවසක ඉඳං රෑ පාඩම් කරනකොට කඳුළු එන්න අරගත්ත. පොඩි ඔළුවෙ කැක්කුමකුත් එක්ක.

බුවාට දැං කොළඹ හොඳ hospital එකක ඩොකෙක් ගාවට යනකං සිහියක් නෑ.

පාසල් : ඔළුවෙ කැක්කුමක් ආවනං උඹ සතු‍ටුවෙයං උඹට ඔළුවක් තියෙනව කියලා. නිකං ඉන්නගමං අඬන එකත් නවත්තපං. එතකොට ඇස්වලට කඳුළු එන එකත් නවතී. උඹට කසන සල්ලි තියේ නං මට දීපං

ඉස්සර Durdans එක දැං තරම් posh නෑ. OPD එක ඉස්සරහ කොරිඩෝවෙ දිගටම පු‍ටු දාල තිබ්බ ලෙඩ්ඩුන්ට වාඩිවෙන්න. පාසලුයි යාළුවයි ඔතෙන්න්ට යනකොට තඩි බතල Nutty Professor වගේ බුවෙකුත් එළියෙ වාඩිවෙලා ඉන්නවා දැක්කා. පාසල් ඉතිං බතලයට හිනාවක් දාගෙන එතන ඉස්සරහ තියෙන දොරෙං ඇතුල් උනා. යාළුවත් පස්සෙං ආවා. OPD එකේ මෙලෝ බල්ලෙක් නෑ. ඩොකත් නෑ, නර්ස් නෝනලත් නෑ.

පාසල් : මේකෙ මොකෙක්වත් නෑනෙ බං. ඩොකා මොන මඟුලක ගිහිං ද මන්දා
යාළුවා : අර බතලයත් එලියට වෙලා ඉන්නෙ ඩොකා එනකං වෙන්න ඇති. අපි නිකමට වගේ අහල බලමුද බුවාගෙං?
පාසල් : hmm.

පාසලුත් ඉතිං හොඳට හිනාවක් දාගෙන බතලය ගාවට ගියා.

පාසල් : ඒ.. කෝ මචං මේකෙ ඩොකා.
බතලයා : ආ.. එන්න.
පාසල් :
යාළුවා :

හුටා. රෙදි නෑ. එළියෙ වාඩිවෙලා ඉන්න බතලයා තමා OPD Doctor. ලෙඩ්ඩු නැති නිසා එළියෙ වාඩිවෙලා ආතල් එකක් අරගෙන.

7 comments:

  1. ඩොකා බව ඇහුවම දෙන්නටම කදුලු එන්න ඇති නේ ... ඩොකා යාලුවට දුන්න බේතෙන් වෙන මොනවත් එහෙම උනේ නෑ නේ

    ReplyDelete
  2. ඒක කොන්දොස්තරයෙක් වෙන්නැති

    ReplyDelete
  3. ඒ කාලේ කිව්වෙ කොයි කාලේද ? දැන් නම් ඩර්ඩන්ස් එකේ ඩොකා ල අස්පයො පිට නොවැ ඉන්නේ

    ReplyDelete
  4. හෆොයි උඹටත් වෙන වැඩ බන් . .

    ReplyDelete
  5. "ඩොකා" කියල කියන්න කලින් බුවාට "මචං" කියලත් කිව්වනේ. අවුලක් උනේ නෑ වගේ හිටියා :-D

    ReplyDelete
  6. අනේ අම්මේ හිනා කාල මාරෙනවා :D

    ReplyDelete