Friday, December 31, 2010

පොල්ටොම්බා එනවා

දවසක් පාසල්'ට එළ සීන්'එකක් උනා. අපේ ගෙවල් පැත්තෙ කිරිටොපි හදන ගෙයක් තිබ්බා. එහෙ කෙල්ලෙක් හිටියා. මේ සිද්දිය වෙනකොට ඒ කෙල්ල 7වසරේ විතර.

කෙල්ල සුදුයි.. ඒ දවස්වලත් ඕනෙ දේවල් සියල්ලම තිබ්බ, වැඩියෙනුත් එක්ක. වැඩියෙන් කිව්වෙ, මහතයි, කොටයි, එක අතක් මගෙ කකුලක් තරම්, හිටං ඉන්නකොට පස්ස උඩින් laptop එක තියන්න පුළුවං, ලාවටවගේ ‍රැවුලකුත් තිබ්බා. කෙල්ලට කාඩ් ගොඩකුත් වැටිල තිබ්බා. එයින් එකක් තමයි පොල්ටොම්බා.

දවසක් අපි Bus halt එකේ ඉන්නකොට මේ කෙල්ල එනව දැක්කා. පාසල් හිටියේ දෙහිවල සෙන්ට්‍රල් එකේ කොල්ලො සෙට්'එකක් එක්ක. පාසල් ඉතිං වාචීස්වර නෙ. කටපියං ඉන්නම බැරිඋනා.