Friday, December 31, 2010

පොල්ටොම්බා එනවා

දවසක් පාසල්'ට එළ සීන්'එකක් උනා. අපේ ගෙවල් පැත්තෙ කිරිටොපි හදන ගෙයක් තිබ්බා. එහෙ කෙල්ලෙක් හිටියා. මේ සිද්දිය වෙනකොට ඒ කෙල්ල 7වසරේ විතර.

කෙල්ල සුදුයි.. ඒ දවස්වලත් ඕනෙ දේවල් සියල්ලම තිබ්බ, වැඩියෙනුත් එක්ක. වැඩියෙන් කිව්වෙ, මහතයි, කොටයි, එක අතක් මගෙ කකුලක් තරම්, හිටං ඉන්නකොට පස්ස උඩින් laptop එක තියන්න පුළුවං, ලාවටවගේ ‍රැවුලකුත් තිබ්බා. කෙල්ලට කාඩ් ගොඩකුත් වැටිල තිබ්බා. එයින් එකක් තමයි පොල්ටොම්බා.

දවසක් අපි Bus halt එකේ ඉන්නකොට මේ කෙල්ල එනව දැක්කා. පාසල් හිටියේ දෙහිවල සෙන්ට්‍රල් එකේ කොල්ලො සෙට්'එකක් එක්ක. පාසල් ඉතිං වාචීස්වර නෙ. කටපියං ඉන්නම බැරිඋනා.

පාසල් : මචං.. අන්න පොල්ටොම්බා එනව (ඇහුනගමන් අපි බඩ අල්ලං හිනාවෙන්න ගත්තා).
මයිලා : කවුද බං?
පාසල් : පොල්ටොම්බා... දන්නෙ නැද්ද.. අර එන්නෙ.. බලාගනිං...
තණයා : ඒ කිරිටොපිය'ගෙ නංගි'නෙ බං...
පාසල් :

කිරිටොපිය කියන්නෙ මේ සෙට්'එකේ ඉන්න තව එකෙක්. පාසල් දැනං හිටියෙ නෑ බුවා කාගෙ කවුද කියල. Chaa සීන්'එක.. කවුද දන්නෙ පොල්ටොම්බා උගෙ නංගි කියල. මොනව කරන්නද.. දැං වැඩේ දෙල් වෙලා ඉවරයි. කිරිටොපියගෙ මූණ නිකං අදෝමුඛේ වගේ සීන්'එකට...

පාසල් : ඒ.. sorry sorry මචං, very sorry වෙන්න ඕනෙ.. මම දැනං හිටියෙ නෑ උඹේ නංගි පොල්ටොම්...
කිරිටොපියා : මොකද්ද 'ඩෝ කිව්වේ..?

Apologize කරල ඉවරකරන්න වුනේ නෑ.. දිඩි දිඩි ගාල සෙට්'එකම පාසල්'ට නෙලන්න ගත්ත . මේ වෙනකොට පාසල්'ට ගුටිකාල පොඩි experience'එකක් තිබ්බා. ඒ නිසාද කොහෙදෝ ඉබේටම වගේ පාසල්'ට "බුදුඅම්මෝ.." කියවුණා. පහත්වෙලා ඔළුව අත්දෙකෙන්ම බදාගැනුනා.

ගුටිකන අස්සෙ halt'එකෙ කෙල්ලොත් බලනව මූණු දික්කරගෙන.. බැරිම තැන දෙහිවල හංදිය පැත්තට වැටි වැටි දුවල.. යන bus'එහෙක එල්ලුනා. Bus'එක නැත්තං තාම කනවා.

7 comments:

  1. ඔන්න මේ බ්ලොග් එකේ ලිපිටික කියෙව්වා ...


    පාර කිව්වේ

    http://www.google.com/buzz/magemaranaya/Hk4dhSXSQUS/%E0%B7%80-%E0%B6%A0-%E0%B7%83-%E0%B7%80%E0%B6%BB-a-k-a-%E0%B6%B4-%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A-%E0%B6%BD

    ReplyDelete
  2. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

    ඊට පස්සෙ කිරිටොපිය හම්බඋනේ නෑ?

    ReplyDelete
  3. පොටොම්බලා දැං පාසල්ලගෙ ගමේ නැතිද කොහෙදෝ.

    ReplyDelete
  4. ඔන්න බ්ලොග් එකම කියෙව්වා.පට්ටයැ! අඹු සැමි දෙපළගේම බ්ලොග් සිරායැ!

    ReplyDelete
  5. ඊට පස්සේ කිරිටොපියයි, පොල් ටොම්බයි කිරිටොපි ගෙනත් දීලා :))

    ReplyDelete