Tuesday, January 25, 2011

කෙල්ලොත් එක්ක ක්‍රිකට් ගහල තියේ ද?

පාසල්ගෙ නංගිගෙ ඉස්කෝලෙ යාලුවෝ එක්ක දවසක් ක්‍රිකට් ගහන්න කියල සෙට් උනා. පාසල් නම් ක්‍රිකට්වලට වැඩි කැමැත්තක් නෑ. ඒත් ඉතිං ගිණි කිකිලියො ටිකක් නිසා සෙට් උනා. Six-a-side. ටීම් එකකට කෙල්ලො දෙන්නෙක් ඉන්න ඕනෙ. ඔය කෙල්ලො සෙට් එකේ පට්ට සුදු කෙල්ලෙක් ඉන්නවා. ඉන්නෙ වැඩි හරියක් පිටරට. හරිම පොෂ්. නම සුදූ.

දැං සුදූ බැට් කරන්න යන්නෙ. කට්ටිය ඉතිං හෝ ගාල සප් එක දෙනවා. ඔන්න ඉතිං පාසල්ගෙ මල්ලි බෝල් කරන්න පටං ගත්තා. පළවෙනි බෝලෙ දාන්න දුවගෙන එනවා.

සුදූ : මේ මචං.. මම ඊයෙ වෙඩින් එකකට ගියා... මම ඇන්දෙ අර ඔයාට එදා පෙන්නුවෙ.. එන්න ඒක.
චතූ : ආ.. ඇත්තද? අර ලස්සන සාරි එක ද?
සුදූ : yeah men...
...

චතූ තමා විකට් කීපර්. බැට් කිරිල්ල පැත්තක තියල මේ දෙන්න දැං ඇඳං ගියපු සාරියක් ගැන කියවනවා time out මල්ල ඉතිං දැං බෝල් කිරිල්ල පැත්තකින් තියල කතාව ඉවරවෙනකල් ඉන්නවා. ටික වෙලාවකට පස්සෙ යාන්තං පළවෙනි බෝලෙ දැම්මා whew! දැං දෙවෙනි බෝලෙ දාන්න දුවගෙන එනවා.
...
සුදූ : Here.. මං අද ගෑවෙ මගෙ අලුත් cutex එක.
චතූ : කෝ?
සුදූ : See ...
...
d'ohඅය්යො.. ආයෙත් ඩබල සෙට් වෙලා බැට් පැත්තක තියල සපත්තු ගලවගෙන cutex වල පාට බලනවා. මල්ල ආයෙත් නැවතිල බලන් ඉන්නව ඉතිං දෙන්නගෙ කතාව ඉවරවෙනකල් waiting විනාඩි කීපටකට විතර පස්සෙ යාන්තම් දෙවෙනි බෝලෙත් දාගත්ත. වැඩක් නෑ. ගහගන්නත් බෑ. කරුමෙට මුං දුවන්නෙත් නෑ laughing දැං තුන්වෙනි බෝලෙ. මල්ල දුවං එන්නෙ නැතිව ලඟ ඉඳං බෝලෙ දාන්න කියල ලෑස්ති උනා.
...
සුදූ : මල්ල.. ටක්ගාල බෝල් කරන්නකො.. මාව කලුවෙනවා. මෙහ්.. චතූ.. මං කලු වෙලා ද? නෑ නෙහ්?
චතූ : ඔයා ට්‍රයි කලා ද L'oreal ලගෙ අලුත් sun-block එක. මම ඒක ගත්ත. හරි ලාබයි. 175ml බොට්ල් එක 5000ක් විතර වෙන්නෙ. හරිම සුවඳයි. Here ...
සුදූ : කොහ්.. mmmm.. yeah men එක නම් සුවඳයි. මාත් try කරන්න ඕනෙ. ඔයා කොහෙන් ද ගත්තෙ? ...
...
අය්යො.. මල්ලට දැන් බෝල දැමිල්ල විතරක් නෙමේ... ක්‍රිකට් ගැහිල්ලත් එපා වෙලා.. බිම වාඩිවෙලා ඉන්නව ඉතිං දෙන්නට දෙන්න ඉඹගෙන ඉවරවෙනකල් hurry up!
...
කොහොම හරි පලවෙනි ඕවරේ දාල ඉවරවෙන්න පැයකටත් වඩා ගියා rolling on the floor

17 comments:

  1. මෙහෙමත් කිරිකට් ගැහිල්ලක්.. හික් හික්.. ක්‍රීඩකයක් කෙසේවෙතත් නරඹන්නන් නම් වැඩිවෙයි :-D

    ReplyDelete
  2. Charity Games වලට නං ඔය සිස්ටම් එක හොඳා. මොකද ක්‍රිකට් නොබැලුවත් කස්ටිය ටිකැට් අරගෙන ඒවි නෙ!

    ReplyDelete
  3. දැන් ඔය සුදු කොහොද දන්නේ නැ ඉන්නෙ..

    ReplyDelete
  4. "Thai ladyboys playing Cricket"
    බොලේ !!! මන් හිතුවේ පින්තුරේ ඉන්නේ ඇත්ත කෙල්ලෝ කියල.

    ReplyDelete
  5. හොඳ වැඩේ කෙල්ලො එක්ක ක්‍රිකට් ගහන්න ගියා

    ReplyDelete
  6. හික්.......
    බඩ පැලෙන්න හිනා වුනෙමි.... :D

    ජය වේවා...!!

    ReplyDelete
  7. Six-a-side මැච් එක නිකම් ටෙස්ට් මැච් එකක් වගෙ තියෙන්න ඇති.....

    ReplyDelete
  8. පට්ට කතාව, උඹල දවස් කීයක් තිස්සෙ ඔය මැච් එක ගැහුවද?

    ReplyDelete
  9. උඹට ෆුල් ෂුවර්ද උඹ ක්‍රිකට් ගැහුවේ කෙල්ලෝ ටිකක් එක්ක කියලා. මේ පින්තූරේ ඉන්නේ නම් කෙල්ලෝ නෙමෙයි වගේ හැබැයි . . හික්ස්

    ReplyDelete
  10. උඹ ඔය ඇඟිල්ල දික්කරන් ඉන්නේ මොකෝ මචෝ . .

    ඇඟිල්ලේ ජරාවක් ගෑවුනයි ??

    හික් හික් හික්

    ReplyDelete
  11. @ දුකා,
    පොර ඇඟිල්ල දික් කරගෙන ඉන්න විදියට පෙන්නේ ඇඟිල්ල නරක තැනකට දාල අපහු ඇදල ගත්ත වගේ.

    ReplyDelete
  12. ෂා පට්ට කෙල්ලො ටික.....

    ReplyDelete
  13. කෙල්ලො දන්නවද අනේ ක්‍රිකට් ගහන්න.. දොදොල් හැඳි ගානව වගේ නෙ බැට් කරන්නෙ. අනික ලඟ-පාත ඉන්න බයයි බැට් එක විසිවෙලා ඒවි කියල :-D

    ReplyDelete
  14. දැන් ඔතන පසල් ගේ භූමිකාව නැහැනේ..
    බොලා කොහේද හිටියේ..?

    ReplyDelete
  15. ඔය කියන වෙලාවෙ මම හිටියේ එහා පැත්තෙ බැට් කරන්න. ඊළඟ ඕවරේ මං අවුට් උනා මලේ.

    ReplyDelete
  16. දොදොල් හැඳි ගාන කතාව හරියටම හරි.

    ReplyDelete
  17. ඔව්.. කෙල්ලො බැට් කරනකොට ඉස්සරහ ඉන්න ඕනෙ, පෙලපාලියකට පහරදෙන්න ලෑස්තිවෙලා ඉන්න හමුදාව වගේ. කොයි වෙලේ මොකක් විසිවෙලා එයි ද දන්නෙ නෑ.

    ReplyDelete