Sunday, January 2, 2011

Bugs වැඩිවුනාම දෙන punishment'එක

monique

අපේ office එකේ පහුගිය දවස්ටිකේ අම්බානෙකට වැඩ සෙට්වෙලා තිබ්බෙ. පැය 24ත් මදිවෙන තරමටම වැඩ. ඉතිං break එකටත් එක්ක කියල හිටපුගමං team'එකේ කීපදෙනෙක් එක්ක ළග තියෙන කෑම කඩේට යනව lunch'වලට.

මේ සිද්දිය වෙච්ච දවසේ ලොක්කො සෙට්'එකට ටිකක් මල පැනල තිබ්බේ errors වගයක් නිසා (නිකනුත් මලෙන් තමයි ඉන්නේ).

සචී : මේ.. මොකද්ද බං අර bugs ටිකට කරන්නේ. DM'ට (Delivery Man) මල පැනල e-mail එකක් ගහලතිබ්බේ.

පාසල් : පොඩ්ඩක් බලන්න වෙනව බං. අපෙත් වැ‍රැද්ද. තව test කරන්න ඕනෙ කියල, දෙන්නෙ නැතුව තියාගත්තනං ඔය errors'ටික අහුවෙන්නත් තිබ්බ.

සචී කියන්නෙ සාමාන්‍යයෙන් වැඩි භජනෙට යන්නෙ නැති එකෙක්. අපිත් එක්ක ටිකක් fit උනා project එක කරගෙන යනකොට. හිටපුගමං බුවාට අමුතු සීන් හිතෙනවා.

සචී : කොහොමද bugs වැඩිවෙනකොට punishment දෙන සීන්'එකක් තිබ්බනං?
පාසල් : ඒ කිව්වෙ.. මොනවගේ punishment ද?

අපේ project එකේ PM වැඩේට දාල හිටියෙ ටිකක් ඇගපත තියෙන matured පෙනුමක් තියෙන කෙල්ලෙක්ව. ටිකක් කිව්වෙ බේබිශානිකා'ගෙ කොට version එකක් වගේ.

සචී : Punishment එක තමයි.. බයිසිකල් එකක අර ගෑණිව (PM) ඩබල් දාගෙන කන්දක් පාගන්න දෙන එක..

පොඩ්ඩක් හිතල බලපං, බේබිශානිකා වගේ කෙනෙක්ව පුස්සයිකලේ ඉස්සරහ බාර්'එකේ වාඩිකරගෙන, දෙහිවල Hills Street කන්ද පාගනවා කියන එක!

8 comments:

  1. සචීගෙ ඔලුවෙත් හිටිගමන් වැඩකරන පොඩි bug එකක් ඇති මයෙ හිතේ ඔය වගේ ඒව හිතෙන්නෙ

    ReplyDelete
  2. සචී බ්ලොග් ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  3. ඇඩෙනවා නේ ඉතින් එහෙම උනොත්

    ReplyDelete
  4. @පිටස්තර: බුවා blog ලියන්නෙ නැතිව ඇති.

    ReplyDelete
  5. @පලා: Gym ගිහිං ඇඟ හදං ආවත් පනිශ්මන්ට් නම් උහුලන්නවත් බෑ.

    ReplyDelete
  6. බුවත් හිටපු ගමං පට්ට ආතල් දෙනවා. මේ ළඟදි phone package විකුණන එකෙක් ආවා. සචියත් ඔතෙන්ට ආවා. බුවා ඉතිං සචියට මේ phone සීන් එක ගැන පොඩි intro එකක් දීගෙන එනකොටම සචිය අහක බලා ගත්තා :-D අරූට නිකං ඇඬෙන්න වගේ.

    ReplyDelete
  7. ඔය පනිශ්මන්ට් සීන් එක පටන් ගත්තෙ අපේ E*A ප්‍රොජෙක්ට් එකෙන්. බිල්ඩ් එක ෆේල් කරොත් ෆෘට් ජූස් අරන් දෙන්න ඕනෙ ටීම් එකටම

    ReplyDelete
  8. හික්ස් .. ඒක තමා බුවාට එක පාරටම ඔහොම සීන් එකක් මතක් වෙලා තියෙන්නේ.

    ReplyDelete