Previously on පාසල් සහ කොට ජීවිතේ,
පාසල්ගේ අහා සිතුවිල්ල
කොට ජීවිතේගේ ගෙදරට ළඟාවේගෙන එනකොටත් පාසල් කල්පනා කලේ ආයෙත් මේ වගේ මොහොතක් කවදා උදාවේවිද කියලා. කෙසේ වෙතත් තමන්ට මේ ලබාදුන් මොහොත ගැන පාසල් සතුටු උනත් හිත ඇතුලෙන් පාසල්ට අමුතු හැඟීමක් දැනෙන්නට පටං ගත්තේ කොට ජීවිතේගේ ගෙදර ඉස්සරහ කාරෙක නැවැත්තුව වෙලාවේ. කොට ජීවිතේට පරිස්සමෙන් බහින්න කියා කියුවත් පාසල්ට කොට ජීවිතේ එක්ක මේ ගත කරපු කාලය මදී. තවත් නොසෑහෙන දේ කතා කරන්නට තියේ.
පාසල් මේ හැරෙන්නේ පොල්පැලේ කන්න විත්තියක් අමුතුවෙන් කොට ජීවිතේට කියන්නට අවශ්‍ය නැති විත්තියක් මේ ගැන දන්න කාටත් තේරෙන දෙයක්. කොට ජීවිතේ කාරෙකෙන් බැස්සේ පාසල්ට කෝල් කරන්නම් කියාගෙන නිසා පාසල්ට පුදුමාකාර සතුටක් දැනුනා. පාසල් එදා ගෙදර යනකන්ම කොට ජීවිතේ එක්ක fone එකේ කතා කරකර ගියත් මංගල යෝජනාවන් සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකියන්න තීරණය කලා. පාසල්ට අවශ්‍ය උනේ කොට ජීවිතේගේ ඒ "නපුරු මයිත්‍රී" චරිතය තේරුම් ගන්නටත් කොට ජීවිතේගේ හිතට ඇතුළුවන්නට දොර ඇරගන්නටත් පමණක් නිසා මංගල යෝජනාවට පාසල්ට ජොබ් එකේ අන්තිම දවස හෝ ඊට කලින් දවසක් උදාවෙවී යැයි පලාපොරොත්තුවෙන් ආදර සම්බන්ධකම් හා ඒ ආශ්රිත දෑ ගැන පොඩ්ඩකට අමතක කරදාන්න පාසල් හිතාගත්තා.
සාමාන්‍යයෙන් පාසල් නින්දෙන් දකින්නේ නපුරු හීන උනත් එදා රෑ පාසල් හිටියේ වෙනම සිහින ලෝකෙක. කැඩිච්ච music තැටියක් එක තැන කැරකෙනවා වගේ මීළඟට වෙන්න යන්නේ මොකද්ද කියන දේ නැවත නැවතත් නොයෙක් ආකාරයෙන් පාසල් එදා රෑ එලිවෙනතුරුත් සිහින මවන්නට පටන් ගත්තේ කොට ජීවිතේ ගැන ඒ තිබුනු බලාපොරොත්තු තවතවත් වැඩි කරගෙන. පාසල් පහුවදා වැඩ ඇරෙන වෙලාව පහුවෙන්නට කලින් කොට ජීවිතේව අදත් ගෙදරට ඇරලවන්නට හිතාගෙන කොට ජීවිතේට text කලත් ඒකට කොට ජීවිතේගෙන් පාසල් බලාපොරොත්තු උනු ආකාරයේ reply එකක් නොලැබුණු නිසා පාසල් ඒ සිකුරාදා දවසත් ඒ රැයත් ගෙව්වේ මේ සති අන්තය අනන්තයක් වෙයිද කියන හිත්තැවුලෙන්.
ආයෙත් කොට ජීවිතේ එක්ක කතා කරන්නට ලැබෙන්නේ කවදා ද හිත හිතා පාසල් සෙනසුරාදා උදේ කාරෙක හෝදන්න යන ගමන් නිකමට කොට ජීවිතේට sms කලේ කොට ජීවිතේ මේ වෙලාවේ මොනවා කරනවද කියලා දැනගැනීමට තිබුණු කුතුහලයටත් වැරදිලාවත් කොට ජීවිතේ කොළඹ ඇවිති හිටියොත් හමුවෙන්නට අවස්තාවක් ලබාගන්නටත් හිතාගෙනයි. වැඩිවෙලාවක් යන්නට කලින් පාසල්ට කොට ජීවිතේගෙන් reply එකක් ආවේ පාසල්ගේ හිතට පුදුමාකාර සතුටකුත් පපුව පිච්චෙන බයකුත් එක්ක. පාසල්ට ඒ sms එක කියවන්නට බයක් ඇති උනේ වැරදිලාවත් පාසල්ගේ බලාපොරොත්තු නැතිවේවි කියලා. කාලය කා දමන්නට විදියක් නැතිව ඔහේ කම්මැළි කමෙන් සෙනසුරාදාව ගෙවන කොට ජීවිතේට කොළඹට එන්නට පාසල් කතා කලේ කොට ජීවිතේගෙන් ඒ ආපු reply එකට අනික් පැත්තට reply කරලා. කොට ජීවිතේට තේ වත්තේ පල්ලියට හෝ කැළණි පංසලට යන්නට හිතක් පහල උනේ පාසල්ගේ ඒ reply එක දැකලා. ඒත් ඒ වෙලාවේ හැටියට කොට ජීවිතේ කොළඹට එනකොට දවල් 1 පහුවෙන පාටක් තිබ්බ නිසා තේ වත්තේ පල්ලි ගමන වෙන දවසකට කල් දැම්මේ කැළණි පංසලට ආදරවන්තයන් ඉස්සිස්සෙල්ලාම යන්නට හොඳ නැතැයි කියන කතාවත් එක්කමයි.
පාසල් ඉඳල හිටල පල්ලියකට ගොඩවෙන එක්කෙනෙක් උනත් පාසල් ගමේ පංසලට එක්කගෙන යන්නට පොරොන්දු පිට කොට ජීවිතේව කොළඹට ගෙන්නා ගන්නකොට දවල් 1ට විතර ඇති. පාසල් මේ වෙනකොට කරන්නේ මොනවද කිසිවක් හිතන්නේ නැතිව කොට ජීවිතේව දෙහිවල හංදියෙන් කාරෙකට නග්ගාගෙන පංසලට යනගමන් නිකමට වගේ කොට ජීවිතේගෙන් පාසල්ගේ ගෙදරට යමුද කියලා විහිළුවට වගේ ඇහුවේ කොට ජීවිතේ මොනවගේ උත්තරයක් දෙයිද කියලා බලන්න. පාසල් නොහිතපු විදියකට අහන පරක්කුවෙන් කොට ජීවිතේ පාසල්ගේ ඒ යෝජනාවට කැමතී කිව්වේ විහිළුවට ද නැති ද යන්න තාමත් ප්‍රෙහේලිකාවක්. පාසල් ඇත්තටම කොට ජීවිතේව ගෙදර එක්කරගෙන යනව ද නැති ද කියලා කල්පනා කරනගමන් කොට ජීවිතේ වඳින පුදින දේ බල බල පන්සල වටේ එක්කරගෙන ගියා. පන්සල් වැඩ කටයුතු ඉවරවෙලා කෙලින්ම දවල්ට කන්න කියලා ගල්කිස්සේ KFC එකට ගොඩ උනා.
කන ගමන් ආයෙත් පාසල් ගෙදර යමුද කියලා විහිළු නැතිව අහපු විදියට කොට ජීවිතේගේ සිනහ මූණේ අමුතු බයක් ඇතිවෙන ආකාරයක් පාසල්ට පෙනුනා. පාසල්ගේ මේ යෝජනාව කොට ජීවිතේ වැරදියට තේරුම්ගත්තා ද කියලා සැකයක් පාසල්ට හිතුනා. පාසල්ගේ ගෙදර හැමෝම ඉන්නවානම් පමණක් කොට ජීවිතේ එක්කරගෙන යන්න අහන බව කොට ජීවිතේට පාසල් තේරුම් කර දුන්නේ පාසල්ගේ අක්කලා ගෙදර ඇත්නම් කොට ජීවිතේට හොඳ fun එකක් ගන්න පුළුවන් කියන පොරොන්දුව පිටයි. අකමැත්තෙන් දෝ මන්දා ඒ යෝජනාවට කොට ජීවිතේ කැමති උනේ පාසල්ගේ හිත රිද්දන්න තරම් දැං කොට ජීවිතේගේ හිත එකඟ නැති නිසා කියලයි පාසල්ට හිතුනේ. ගෙදරට කෝල් එකක් අරගෙන අක්කාගෙන් ගෙදර හැමෝම ඉන්නවාදැයි අහලා කොට ජීවිතේ එක්ක පාසල්ගේ ගෙදර යන්නට පිටත් උනේ අක්කලා කෙසේ වෙතත් අම්මා මොකක් කියාවිද කියලා බයකින්. "නපුරු මයිත්‍රී" පහුගිය බ්‍රහස්පතින්දා ඉඳන් අද වෙනතුරු පාසල්ට බැනලා නැති වෙනස පාසල් කාරෙකේ යනගමනුත් කල්පනා කරන්නට පටන්ගත්තා.
පාසල් නිතරම හිතාගෙන හිටියේ මොනයම් ආශ්‍රයක් තිබ්බත් කවදා හෝ බඳිනවානම් මේ හැම දෙයක්ම අත ඇරදාලා වෙනමම කෙල්ලෙක් බැඳගෙන වෙනමම ජීවිතයක් ගෙවන්නට. කෙල්ලෙක් ඇසුරු කරන පළමු කාල පරිච්චේදයේ ඇතිවෙන ආදර හැඟීම් අමතක වෙන්නේ නැති තරම්. ඉන්පසු බැඳලා ගත කරන මුල් කාල පරිච්චේද්යේ දී ඒ හැඟීම් නැවත එන්නෙත් නැති තරම්. ඒ නිසා ආදරේ කරලා බඳිනවාට වඩා පාසල් ආසා කලේ බැඳලා ආදරේ කරන්නයි. පාසල් ඉතා සැහැල්ලු ජීවිතයක් ගත කලත් ඒක එසේ මෙසේ එකක් උනේ නැත්තේ පාසල්ගේ අනවශ්‍ය ආශ්‍රයන් වැඩි වීමත් ඒවායෙන් කිසිඳු ඵලක් පාසල්ට නැතිවීමත් ඒවායෙන් කිහිපයක් පාසල්ට අත්හැර දාන්න පාසල්ගේ හිත එක්තැන් කරගන්නට බැරිවීමත් සමහරක් පරණ අනවශ්‍ය ආශ්‍රයන් විටින් විට අළුත් වීමත් වගේ දේවල් නිසා. විටින් විට මේ සිද්ධි නිසා පාසල් කවදාවත් කසාද නොබඳින්න තීරණය කර තිබ්බත් කොට ජීවිතේගේ මේ හමුවීම ඒ හැමදෙයක්ම වෙනස් කරලා පාසල්ට ආයෙත් කසාද ජීවිතයක් ගැන ආසාවක් ඇතිකලා.
පාසල් මේ ගත කරන ජීවිතය ගැන පාසල්ගේ ගෙදර කට්ටියට ඒ තරම් පැහැදීමක් තිබ්බෙ නැතත් විටින් විට අම්මා පාසල්ට මංගල යෝජනා හොයන්නට ඇසුවත් පාසල්ගේ අනවශ්‍ය වැඩ නිසා අම්මා පාසල්ට මංගල යෝජනා හොයන එක අත් ඇරලා දාලා තිබ්බා. ආදර කතාවල කෙල්ලගේ ගෙදර කට්ටිය කොල්ලාව ඉතා ආදරෙන් සාදරෙන් පිලිගත්තත් මේ හැමදෙයක්ම කොල්ලගේ ගෙදරට කියන්නේ අන්තිම මොහොතේ කියන එක සාමාන්‍ය දෙයක්. බහුතරයක් මේ වෙනකොට වෙන්වී හමාරය. ඒ නිසා පාසල්ට අවශ්‍ය උනේ ඒ සාමාන්‍ය තත්ත්වෙට වඩා වෙන්ස් ආකාරයකින් කොට ජීවිතේ කැමති කරගන්නටයි. පාසල්ට මෙහෙම හිතෙන්නට පටං ගත්තේ අර බැඳලා ආදරය කරන්න තිබ්බ ආසාව නිසා ද කියලා පාසල් ඒ වෙලේ නොසිතුවත් පාසල්ට අවශ්‍ය උනේ තමාගේ ඇත්ත තත්ත්වය කොට ජීවිතේට පෙන්නලා තමන්ගේ පවුලේ සාමාන්‍ය තත්ත්වය පෙන්නලා මේ වෙනකොටත් කොට ජීවිතේගේ හිතේ මොකක් හරි කහටක් පාසල් ගැන තියෙනවනම් ඒක අයින් කරන්නටයි. මේ කරනා දෙයින් හොඳක් මිසක් නරකක් වෙන එකක් නැහැ කියලා හිතාගෙන පාසල් කොට ජීවිතේ එක්ක ගෙට ගොඩ උනේ ගෙදර කට්ටියට හඳුන්වලා දෙන්න කියලා අම්මටත් අක්කටත් කතා කරගෙනයි.
@පාසල් අය්යා- මාර්ගය පැහැදිලියි. ගමන සුබයි සහෝදරයා.
ReplyDeleteහු......අපි නම් දන්නෝ වෙන්නේ මොකද කියලා....සිරාවටම මම කොට අක්කගේ කතාව කියෙව්වම හිතුවේ යකෝ මූ හෙන ඉක්මන් නේ කියලා..ඒත් දැන් තමා සීන් එක මීටර් වෙන්නේ..මූ හෙනට ප්ලෑන් කොරලා නේ....ඉකේයියා
ReplyDeleteඉකේයියා කියන්නේ හරිම ඉකේයියා... දැක්ක දවසෙ ඉදන්ම ප්ලෑන ගහගෙන ඉදලා වගෙ.... කූජිතයි ආ....
ReplyDeleteකොට ජීවිතේගේ පෝස්ට් එක කියෝල කමෙන්ට් එකක් දැම්ම, මේකට මොනවා කියනවද කියල හිතාගන්න බැහැ.
ReplyDeleteප්ලෑන් කියන්නේ මාස්ටර් ප්ලෑනක්,,කොහොමත් මේ වගේ ලිපියක් පසල් අයියගෙන් ආපු එක හොදා....කොට අක්කගෙන් විතරනේ මේ ලව් ස්ටෝරිය ආවේ..
ReplyDeletek.ජීවිතේ පාසල්ගේ ඇසින්. අනේ කවුරු කොහොම කිව්වත් මට නම් එයාට කොට ජීවිතේ කියන්න බෑ. පවු අයියෝ. කව්ද අප්පා ඔය නම දැම්මේ.
ReplyDelete:) සීරියස් විදියට ආදරේ ගැන කියල තියෙන වාක්‍ය දෙක තුනට උඩින්ම එකඟයි.
ReplyDelete@පිටස්තරයා: අත්දැකීම් බහුල පාටයි :-)
ReplyDelete@පිණිබිඳු: මමත් කොට ජීවිතේ කියන්නෙ බොහොම අමාරුවෙන් නොකිය බැරි නිසා අනේ ;-(
ReplyDelete@ItallyDilan: මේක ප්ලෑන් කරපු විදියටම උනේ නෑ. හිතුවෙ නැති විදියට එක්ස්ප්‍රස් වෙන්න ගත්තා.
ReplyDelete@Observer: ඇයි මොකද්ද අවුල?
ReplyDelete@MaRLaN: කොයි කොල්ලත් ඉතිං හිත ගිය තැන මාලිගා ගහන්න ප්ලෑන් කරනවනේ.
ReplyDelete@රත්ගමයා: මොන ප්ලෑන් ද.. මගේ ප්ලෑන් කැලේ. මේක මෙහෙම උනේ නැත්තම් මොන ප්ලෑන් ගැහුවත් වැඩක් නෑ.
ReplyDelete@Gayan: ඉස්තුතියි.
ReplyDeleteඅද තමා පාසල් අයියා ගේ බ්ලොග් එක දැක්කේ... කිව්වත් වගේ පාසල් අයියා ඉක්මන් නෙමේ වෙලා තියෙන්නේ ප්ලැන් එකක් තිබිලා තියෙන්නේ...
ReplyDelete@නිම්ශා: හාලෝ වෙල්කම් වෙල්කම්.
ReplyDeleteප්ලෑන් එකටත් වඩා.. දෙන දෙයියෝ දෝතටම ගෙනත් දෙනවා කියන්නේ මෙකටයි.
මෙයාගේ පැත්තෙනුත් කතාව අහලා බලමු . දැං ඉතිං දෙන්නටම එක සිදුවීමක්වත් හංගන්නේ නැතිවම ඉදිරිපත් කරන්නම වෙනවා ..හරිය ..මෙහෙම දෙන්න ලියන කතා වලට මම මාර ආසයි .මේක මෙගා කතාවක් උනත් මම කැමතියි .. ලියපල්ලා ..අපි එනවා සපෝර්ට් එකට ..
ReplyDeleteජය වේවා !!
මරු අප්පා එකම 2D කතාව විදිහට අහන්න පුලුවන් නියමයි................
ReplyDeleteමරු අප්පා එකම කතාව 2D විදිහට අහන්න පුලුවන් නියමයි................
ReplyDeleteඕක අපේ රස්සවේ පුරුද්ද නිසා වෙන දෙයක්ද මන්ද අපිත් ඕන වැඩකට බහින්නේ මාස්ටර් ප්ලෑන් එකක් ගහල.. සමහර වෙලාවට ප්ලැන් නිසාම වැඩ කෙලවෙනව.. ;)
ReplyDeleteඅපි නං කතන්දරේ මේ වර්ෂන් එක නෙමේ බලන්නේ.
ReplyDeleteකරුණාසේන ජයලත්ගෙ නවකතා වලත් මේ වගේ දෙපාර්ශ්වයෙන්ම කතාව ලියල තිබුන. කලාතුරකින් තමයි මෙහෙම එකක් බලන්නෙ.
ReplyDelete@කලිකාල: මම නං ජීවිතේට නවකතා පොතක් කියවලා නෑ.. :-(
ReplyDelete@Kathandara: අය්යෝ.. එහෙම කියන්න එපා. මේකත් කියවන්න.. හරිය..
ReplyDelete@Naveen: හික්ස්.. ඒක ඇත්ත. ප්ලෑන් උනත් ඕනෙවට වඩා ගහන්න ඕනෙ නෑ.
ReplyDelete@ධනු: තෑන්ක්ස්.
ReplyDelete@හිස් අහස: හික්ස්. මම නම් හංගන්නෙ නෑ.. හරිය.. මේක මම මෙගා සීරීස් එකක් කරන්න බලා පොරොත්තුවක් නම් තාම නෑ. දැනට මිනිසීරීස් එකක් හැටියට තමා කරගෙන යන්න හිතාගෙන ඉන්නේ.
ReplyDeleteවෑඩේ කියන්නෙ, මෙක පරනයිනෙ දෑන්. කොට ජීවිතේගෙ කතා වලට පසු වදනක් දුන්නොත් නම් කම්මෑලි ක්ම්ක් නෑති වෙයි.නත්තම් REPEAT තමයි අහන්ඩ වෙන්නෙ
ReplyDelete