
අවුරුදු කීපයකට කලිං පට්ට රස්නෙ කාලයක් තිබ්බනේ. ඒ කාලෙ පාසල්ගෙ නෑයො සෙට්ටෙහෙකුත් රට ඉඳං ඇවිල්ලා. එයාලට ලංකාව සෑහෙන රස්නෙයි. පාසල් ඉතිං එයාලව එහෙ මෙහෙ එක්කං යනවා. දවසක් පාසල්ල ඔය නෑයො සෙට්ටෙකත් එක්ක ගෙදර ඉන්න වෙලේ සේල්ස් රෙප් මල්ලි කෙනෙක් ගැජමැටික්ස් ටිකකුත් උස්සගෙන ගෙයින් ගෙට මාකටිං පාර දාගෙන යන ගමං මෙහෙටත් ආව. රට ඉඳං ආපු බාප්පලට ඉතිං ඔහොම අය ආවම හරි ආසයි. එයාලත් ඉතිං මේ මල්ලිව වට කරගෙන එයා ගාව තියෙන ගැජමැටික්ස් ටික ගැන අහනවා. මේ අස්සෙ පාසල් ඉතිං කට්ටියට එක දාගන්න කියලා මල්ලිගෙන් වැදගත් දෙයක් ගැන ඇහුවා.
පාසල් : පට්ට රස්නෙයි නේ

සේල්ස් රෙප් : ඔව් සර්.. තියෙනවා. අතේ තියාගෙන ඉන්න පුළුවන් එකක්ක් තියෙනව. ඒක හොඳයි සර්.
බාප්පා, පුංචි : ෂා..

දැං ඉතිං මේ සේල්ස් රෙප් මල්ලි ගාව තියෙන පෝටබල් fan එක අර උස්සගෙන ආපු පෙට්ටියේ අස්සකින් ඇදල ගත්ත. පෝටබල් කිව්වට මේක ටිකක් ලොකු පෙට්ටියක්. ඒ පෙට්ටියෙ හැටියට නම් fan එක උස්සං ඉන්න අත් දෙකම ඕනෙ පාටයි. ඩම්බෙල් 1ක් උස්සන් ඉන්නව වගේ තමයි ඒක උස්සං ඉන්න වෙන්නේ.
සේල්ස් රෙප් : සර් මේ තමයි දැනට මාකට් එකේ තියෙන fast මූවිං අය්ටම් එක


බාප්පා, පුංචි : ශා.. ෂෝක් නේ..

සේල්ස් රෙප් මල්ලි ඉතිං ඔය ඔක්කොම කිව්වේ අර අත් දෙකෙන්ම උස්සල ගත්තු පෙට්ටියත් අතේ තියාගෙනයි. ඔය පෙට්ටිය ඇරල පොඩි සුදු පාට හුරුබුහුටි ප්ලාස්ටික් fan එකක් අරං පෙන්නුවා. පාසලුත් ඉතිං දැක්කෙ ගමං ඒක අතට එහෙම ගන්න ලෑස්ති උනා. මල්ලි ඉතිං ඒක පාසල්ට නොදී අතේ තියාගෙනම ON කරල පෙන්නුවා. අනේ අපොයි.. එකෙන් එන හුළං පාරට දාඩිය පොදක්වත් අඩුවෙන්නෙ නෑ. මූ මේක ගැනනේ මෙච්චර වෙලා පම්පෝරි ගගහ කියල තියෙන්නේ.
පාසල් : අපෝ මල්ලි..


සේල්ස් රෙප් :

නෑයො සෙට්ටෙක :


කොහොම උනත් රෙප් මල්ලිට පාඩුවක් නම් උනේ නෑ. මෑන්ස්ගේ මාකටින් පාරට බාප්පල පොඩි පොඩි ගැජමැටික්ස් ටිකක් එහෙම ගත්තා.
චිකේයි...යා... ඔයා ඉතින් කිව්වොත් ඔහොම කතාවක්ම තමයි.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteuge mala maru wenna athi
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහික් හික් හික් .... :D
ReplyDeleteකතාවේ ඉතිරි කොටස..
ReplyDeleteසේල්ස් රෙප් : ඔව් සර්.. සර්ගේ පු# ට වහන නිළමැස්සෝ නම් එලවන්න බැ තමා.. :P
පව් අහින්සකයා කොච්චර වචන ගොඩක් නාස්ති කලත් ඔයාගෙ එක වචනයකින් ඔක්කොම ඉවරයි................
ReplyDeleteහික්ස්.. මොනව කරන්න ද ඉතිං.. මට බ්රේක් නැති උනා..
ReplyDeleteපඩයක් ගියොත් ඩිෆුයස් කරල දාන්න යොදා ගන්න ඇහැකිද?
ReplyDeleteඒ වගේ දේකට නම් පාවිච්චි කර ඇහැකි.. ඒත් ඉතිං තමන්ට විතරයි.. අනික් උන්ට දුක උහුලගෙන ඉන්න වෙනවා..
ReplyDeleteපව් අහිංසක රෙපා,කමක් නැහැ ඉතින් මොන මොනවා හරි පොරගෙන් ගත්තනං,මොකද වෑන් වලින් ගිහිල්ල ට්ය්, බය් දාගෙන කඩ සාප්පු වලට,බහින ලොකු කොම්පැනි වල රෙපාල වගේ නෙමෙය් ගෙවල් ගානේ යන එවුන් මාර රැගක් කනව ඇත්තෙ.
ReplyDelete@Observer: ඒක නම් ඇත්ත. මේ කරගෙන යන රස්සාව හොඳා කියල හිතෙනවා ඒව දැක්කම.
ReplyDeleteමෑන්ස්ට පාඩුවක්නම් උනේ නෑ.
හික් හික් හික්!!!
ReplyDelete