Saturday, March 26, 2011

බංකු බංකු on කෝල් සපෝට්

Technical support / troubleshooting

රංගගේ ටෙලර් මැසින් කතාව කියෙව්වම මතක් උනේ ඉස්සර පාසල් වැඩකරපු තැන වෙච්ච සීන් වගයක්. පාසල්ට මුලින්ම හම්බ වුනු වැඩේ ටිකක් විතර ලේසි පහසු එකක්. බැංකුවල computer වැඩකරන්නෙ නෑ කියලා කෝල් කරාම ඒවා හදලා දෙන එක හරියට නිකං technical support/troubleshooting වගේ වැඩක්. වැඩේ ලේසි වගේම පට්ට ආතල්. මේ බැංකු සීන් ඉතිං ටිකක් සංකීර්ණයි. මේ සිස්ටම් අපේ දැංකාලේ තියෙන PC වගේ ඒව නම් නෙමේ. මේව සෑහෙන වෙනස්. Keyboard එකේ සාමාන්‍ය අකුරුවලට අමතරව තව සෑහෙන අකුරු තොගයක් තියෙනව. සාමාන්‍යයෙන් බැංකු ශාඛාවේ computer room එකක් වෙනම තියෙනවා. ඒක branch එකේ එක්කෙනෙකුට භාරදීල තියෙනව මොනව හරි උනොත් පාසල්ලට කතා කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ බැංකුවල ඉන්නේ honeymoon යන්න ඉන්න වයසේ අය නං නෙමේ.

ඒ කාලේ කොල්ලුපිටිය ලංකා බැංකුවේ computer system එක භාරව හිටියා mr. අප්සාල් කියල ටිකක් වයසක පහේ පොරක්.

mr. අප්සාල්: හලෝ.. අහ් mr. පාසල් ද කතා කරන්නේ? මම මේ mr. අප්සාල් merchant tower branch කතා කරන්නේ, අපේ සිස්ටම් out නේ nail biting
පාසල්: ඔව් mr. අප්සාල්, කියන්න මොකද්ද වුනේ කියලා.

mr. අප්සාල්: මේකෙ මුකුත්ම එන්නෙ නෑ නේ. ටෝටලි blank crying
පාසල්: confused හරි.. මට කියන්න ඔතන කොල ලය්ට් එක පත්තු වෙනව ද කියලා.
mr. අප්සාල්: අහ්.. කොල ලය්ට් නෑ. නෝමල් ලය්ට් තියෙන්නේ cool
පාසල්: හරි.. නෝමල් එක තමයි කොල පාට එක.
mr. අප්සාල්: නෝ mr. පාසල්.. මෙතන ලය්ට් එක නෝමල් එකක්.
පාසල්: nerd ඔයා කියන්නෙ කොයි ලය්ට් එක ද?
mr. අප්සාල්: මෙතන තියෙන සීලිමේ ලය්ට් එක, florazon ලය්ට් එක, ඒක කොල නෙමේ.
පාසල්: d'oh rolling on the floor oh go on

ඔය වගේ තවත් පට්ට ආතල් දෙන කෙනෙක් හිටියා වැල්ලවත්ත මහජන බැංකුවේ mr. සමරවික්‍රම කියලා. මෙයත් අර කියන system එක භාරව ඉන්න කෙනෙක්.

mr. සමරේ: හෙලෝ අපි මේ කතා කරන්නේ වැල්ලවත්ත branch එකෙන් nail biting ඔය mr. පාසල් ද?
පාසල්: ඔව් පාසල් තමයි, කියන්න mr. සමරවික්‍රම.
mr. සමරේ: අපේ මේ සිස්ටම් එකේ මුකුත් වෙන්නෙ නෑ නේ මහත්තයෝ.
පාසල්: වෙන්නෙ නෑ කිව්වේ? ඔයා ඉන්නේ computer room එකේ ද nerd
mr. සමරේ: ඔව් මහත්තයෝ. මම මේ screen එක දිහා බලාගෙන ඉන්නේ. මම මෙතන 12 ගහලා ගියා. දැං 12හෙ ඉන්නව මුකුත්ම වෙන්නෙ නෑ whistling
පාසල්: හරි ඔයා ඔතන S ගහලා 4 ගහලා 25 ගහලා එලියට යන්න.

කියපු ගමං ලය්න් එක කට් උනා. තප්පර 30ක් ගියේ නෑ මේ සීන් එක අස්සෙ පාසල්ට තවත් කෝල් එකක් ආවා අනික් ලය්න් එකේ.

පාසල්: හෙලෝ confused
mr. සමරේ: මේ mr. පාසල් ද? මම මේ සමරවික්‍රම කතා කරන්නේ. මම එලියට ගියා. දැං මොකද කරන්නේ?
පාසල්: ඔහ් හරි.. දැං ඔතන S ගහලා 2 ගහලා 25 ගහලා XYAA දා..
mr. සමරේ: මේ මහත්තයෝ මම දැං ඇතුලට යන්න ද? මම මේ ඉන්නේ මැනේජර් මහත්තයගේ කාමරේ.
පාසල්: surprise ඇයි දැං computer room එකේ නෙමේ ද ඉන්නේ?
mr. සමරේ: නෑ මහත්තයෝ මට එලියට යන්න කිව්වනේ. ඉතිං මම මේ එලියෙ ඉඳං කතා කරන්නේ day dreaming
පාසල්: d'oh rolling on the floor oh go on

15 comments:

  1. ෆුල් ආතල් බුවාල තමයි ඔය මෑදි වියේ කට්ටිය. පරිගණක මජික් වෙලා තිබ්බ කාලෙකුත් තිබ්බනෙ. ලොලේ ලොල්.......

    ReplyDelete
  2. පාසල් අයියට මෙහෙමවත් මතක් උනා ලොකු දෙයක්...

    "s ගහල 2 ගහල 25 ගහලා එලියට යන්න"

    මේකනම් පට්ටා

    ReplyDelete
  3. අමතක වෙලා තිබ්බෙ නෑ. මේ දවස්වල පොඩ්ඩක් විතර වැඩ වැඩී. ඒක නිසා මුකුත් පොස්ට් කරන්න බැරි උනා.

    ReplyDelete
  4. පව් අප්පා...නොදන්නකමටනෙ ඉතින්.මමත් ඉස්සර ඔහොමයි කොම්පුටර් එකක් හම්බුන මුල් කාලෙ,වින්ඩෝ එකක් ක්ලෝස් උනත් "ගල්ටික්" වෙනව.

    ReplyDelete
  5. ඔක්කොම හරි කියමුකෝ....මිස්ටර් පාසල් කියන්නේ ආචාර්‍‍ය වගේ පට්ටමක් වෙන්න ඇති...නාකි ඩයල් පිස්සු කෙලිනවා....
    අපිත් ඔහොම වෙයි නේ තව අවුරුදු 80කින් විතර

    ReplyDelete
  6. ඉස්සර අපේ ඔෆිස් එකේ හිටිය පරණ සයන්ස් කාරයෙක්.

    පොර කරන්නේ, මං වැඩ කරන කොට -ඔය spreadsheet, db වගේ ඒචා, මං කරන දේවල් පොඩි පොතක ලියා ගන්නවා.

    ඒ දබස්වල නෙස්ප්‍රේ පැකට්වල ඇතුලේ පොඩි සටහන් පොත් තිබුණා. ඒවා තමයි පොර පාවිච්චි කලේ.

    පොත් පුරවලා ලියා ගත්තාට කවදාකවත් මිනිහා ඒවා පාවිච්චි කරලා බලනවා නං දැක්කේ නෑ.

    පස්සේ පොරව පර්චේසින් එකට මාරු කළා!

    ReplyDelete
  7. ඩ්‍රයිවින් ටෙස්ට් එකට ගියාම ගහන්නේ 8 ඒත් 25 කොහොමද ගහන්නේ? :P

    ReplyDelete
  8. කාලෙකින් පාසල් අයියා,,,

    ReplyDelete
  9. ඇයි මනුස්පයෝ... ඒ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියන්න එපැයි....

    එල අයියා නියම කතා ටික.... මැක්සා...

    ReplyDelete
  10. @නදී: පව් තමා ඉතින්. ඔය වගේ තව හුඟක් සීන් තිබ්බා.. දැං මට මතක් වෙන්නේ නෑ. පරණ කට්ටිය සෙට්‍ටුනාම තමා ඕව ආයෙත් එලියට එන්නෙ.. :-D

    @රත්ගමයා: බැංකුවේ බුවාල අපි එනකොට පට්ට සැලකිල්ල. බැකප් එකක් ගේන්න ගියත් කන්න දීල බොන්න දීල යවන්නේ.

    මට නම් ඉතිං තව අවුරුදු 80ක් යන එකක් නෑ ඔහොම වෙන්න :-D

    ReplyDelete
  11. @kathandhara: ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු අනික් එකත් ඔහොම ලියා ගන්නවා.. ඒත් බුවාට තනියම වැඩේ කරන්න බෑ.. කවුරුහරි එකෙක් ඉන්න ඕනේ මොරාල් එකට.. :-D

    @sankalpana.info: මම 8 ගහල නෑ.. :-D

    ReplyDelete
  12. @ItallyDilan: ඔව් මේ දවස්වල ටිකක් විතර බිසී..

    @prasanna86k: මීට වඩා තේරෙණ භාෂාවකින් කිව්වනම් ඒ මිනිස්සු මොනවා කරයි ද දන්නෑ..

    අහල තියේ ද computer වැඩ සිංහලෙන්.. "මේ මෘඩු තැටිත්ත.. මෘඩු තැටිති ධාවකයට බහාලන්න.. එහි ඇති මෘදුකාංග.." ඔහොම කතාකරන්න පුලුවන් ද අනේ crisis එකක දී fone එකෙන් :-D

    ReplyDelete
  13. තව හොද කතා ඇති නේ අර නියිට් ගහපු කාලේ.. ඉන්ෆො එකට ඒවත් ඔය ඉඩ තියෙන වෙලවක දාන්න..

    ReplyDelete
  14. පාසල් ඒ කාලෙ වැඩර් වගේ ඉන්න ඇති නේද

    ReplyDelete
  15. @Naveen: අනිවා.. වා.. වා.. ඉඩ තියෙන වෙලාවක දාන්න ඕනේ..

    @පිණි: ඒ කාලෙ විතරක් නෙමේ ඉතිං දැනුත් ඉන්නේ වැඩර් "වගේ" තමා.. :-D

    ReplyDelete