Previously on පාසල් සහ කොට ජීවිතේ,
පාසල්ගේ අහා සිතුවිල්ල
කොට ජීවිතේගේ ගෙදරට ළඟාවේගෙන එනකොටත් පාසල් කල්පනා කලේ ආයෙත් මේ වගේ මොහොතක් කවදා උදාවේවිද කියලා. කෙසේ වෙතත් තමන්ට මේ ලබාදුන් මොහොත ගැන පාසල් සතුටු උනත් හිත ඇතුලෙන් පාසල්ට අමුතු හැඟීමක් දැනෙන්නට පටං ගත්තේ කොට ජීවිතේගේ ගෙදර ඉස්සරහ කාරෙක නැවැත්තුව වෙලාවේ. කොට ජීවිතේට පරිස්සමෙන් බහින්න කියා කියුවත් පාසල්ට කොට ජීවිතේ එක්ක මේ ගත කරපු කාලය මදී. තවත් නොසෑහෙන දේ කතා කරන්නට තියේ.
පාසල් මේ හැරෙන්නේ පොල්පැලේ කන්න විත්තියක් අමුතුවෙන් කොට ජීවිතේට කියන්නට අවශ්‍ය නැති විත්තියක් මේ ගැන දන්න කාටත් තේරෙන දෙයක්. කොට ජීවිතේ කාරෙකෙන් බැස්සේ පාසල්ට කෝල් කරන්නම් කියාගෙන නිසා පාසල්ට පුදුමාකාර සතුටක් දැනුනා. පාසල් එදා ගෙදර යනකන්ම කොට ජීවිතේ එක්ක fone එකේ කතා කරකර ගියත් මංගල යෝජනාවන් සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකියන්න තීරණය කලා. පාසල්ට අවශ්‍ය උනේ කොට ජීවිතේගේ ඒ "නපුරු මයිත්‍රී" චරිතය තේරුම් ගන්නටත් කොට ජීවිතේගේ හිතට ඇතුළුවන්නට දොර ඇරගන්නටත් පමණක් නිසා මංගල යෝජනාවට පාසල්ට ජොබ් එකේ අන්තිම දවස හෝ ඊට කලින් දවසක් උදාවෙවී යැයි පලාපොරොත්තුවෙන් ආදර සම්බන්ධකම් හා ඒ ආශ්‍රිත දෑ ගැන පොඩ්ඩකට අමතක කරදාන්න පාසල් හිතාගත්තා.