Friday, April 15, 2011

ඔයාගේ පාටිය කවද්ද?

Death at a Funeral

රංගගේ "ගෙදර" පොස්ට් එක දැක්කම මතක් උනේ අර නෑයෝ සෙට් එක ඉතිං ඒ දවස්වල පාසල්ගෙනුත් ඔය වගේම බඳින සීන් අහපු එක. පාසල්ට ඔය වෙලාවට මතක් වෙන්නේ "You are next!" කියලා කතාවක් තියෙන්නේ, අන්න ඒක.

ඒත් ඉතිං හුඟක් වෙලාවට ඔය ප්‍රශ්න පත්තරේ බැන්දයිං නවතින්නේ නෑ. බැන්දට පස්සෙත් ඉතිං නෑයො සෙට් එක හම්බ උනාම තවත් ප්‍රශ්න පත්තරයක් තියාගෙන අහන්න ගන්නවා.

Tuesday, April 12, 2011

බැංකු පාස්පොත නැතිව සල්ලි දෙන්නේ නෑ

පාසල්ට දවසක් බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ වෙලා බැංකුවට යන්නම උනා. මේක ඉතිං සාමාන්‍යයෙන් පාසල් කරන්න කැමති වැඩක් නෙමේ. මොකද, පාසල්ට, Identity card එකත් නෑ, බැංකු පාස්පොතත් නෑ. ඉතිං කොහොමද සල්ලි ගන්නේ බැංකු කවුන්ටරෙන්. පාසලුත් කරන්නේ මේ වගේ වෙලාවට සල්ලි අතට ගන්නේ නැතිව අදාල බැංකු ගිණුමට සල්ලි යවන්න කියලා ලියුමක් ලියලා දීලා එනවා. බැංකුවේ කට්ටිය ඉතිං වැඩේ හිමිං සැරේ කරල තියනවා.

මේ සීන් එකට පාසල්ට එහෙම කරන්න බැරි උනා. සල්ලි අතට ගන්න ම උනා. ඉතිං පාසල් බැංකුවට ගිහිං "මුදල් ආපසු ගැණුම්" කොළයක් පුරවගෙන කවුන්ටරේට ගියා. Identity එක වෙනුවට Driving License එක දුන්නා. දැං ඉතිං කවුන්ටරේ ඉන්න මිස් පාස්පොතක් ඉල්ලනවා.

Saturday, April 9, 2011

ඔයා interview පාස් appointment letter එක ගන්න එන්න

You have been selected

පාසල්ගේ කලින් ofis එකේ සෙට් පිටින් අස්වෙන්න පටං ගත්තා කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු (බලධාරිණිය විසිං කැපුවා) වගේ හේතු හුඟාක් නිසා. ඒකට කමක් නෑ. ඔය interview වලට ගියාම අමුතු අමුතු ප්‍රශ්න වැලක් විතර අහනවනේ. Program එකේ bug count එක වැඩි උනාම Queen Latifa'ව බයිසිකලේ මැද පොල්ලේ වාඩිකරගෙන කන්ද පාගපු සචියත් සෑහෙන interviews වලට යන්න පටං ගත්තා. බුවා ඇවිල්ල අමුතුම ඩයල් එකක්. වැඩිය කවුරුත් එක්ක කතාවට යන්නෙ නෑ. තමංගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. පාසල්ල එක්ක සෙට් වෙලා පොඩි පොඩි project කීපයක් කරනකොට තමා බුවා පොඩ්ඩක් විතර කතා කරන්න අරගෙන ලාවට වගේ social උනේ. දවසක්;

සචී : මේ පාසල්.. උඹ interviews යනවද?
පාසල් : big grin Without without!
සචී : මොකෝ උනේ ඉතිං? නැද්ද තාම එකක් හරියට සෙට් උනේ?
පාසල් : නෑ බං sigh technical මදි කිව්වා. ඉල්ලපු ගාන වැඩී කිව්වා. සමහරක් උන් interview කෝල් කලෙත් නෑ. සමහරක් උන් ඕනේ ගාන අහගෙන ආයෙත් කතා කරන්නං කියල ආගිය අතක් නෑ.
සචී : surprise අනෙ මෙහ්.. පලයං.. බයිල ගහන්නැතුව.

Saturday, April 2, 2011

Extra-Mile සීන් එක manager කොහොම ද දන්නේ?

Willing to go extra-mile

මේ දවස්වල කස්ටිය හෝ ගාලා වැඩපලෙන් අස්වෙලා යනවා. හුඟක් තැන්වලින් අලුත් කස්ටිය ගන්නවත් එක්ක. නැත්තං ඉතිං අස්වෙලා කොහේ යන්න ද. පරණ අළුත් කියලා නෑ පාසල්ගේ වැඩපලෙන් අස්වෙලා යන උන්ට හොඳට සලකලා තමා යවන්නේ. වැඩපලේ කස්ටියටම එන්න කියල එක තැනකට සෙට්වෙලා manager ඉතිං බුවාගේ වටිනාකම කියලා.. කරපු වීර ක්‍රියා එහෙමත් කියලා... ඉස්තූති කතාවක් එහෙම කරනවා.

හුඟක් වෙලාවට මේ සීන් එකනම් ඉතිං වැඩපලේ ඉන්න කස්ටියට අමතක වෙන්නේ නෑ. මේක තමා යන කට්ටියට ලැබෙන අන්තිම චාන්ස් එක බනින්න ඕනේ උන්ට බනින්නත් ඉස්තූති කරන්න ඕනේ උන්ට ඉස්තූති කරන්නත්.

Friday, April 1, 2011

පෞද්ගලිකයි කිව්වොත් හේතුව අහන්න එපා

දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්‍රාන්ච් එකේ වෙච්ච පරණ සිද්දියක් කිව්වා.

මහජන බැංකුවේ head office branch එකට අලුත් manager නෝනා කෙනෙක් ආවා. Staff එකේ කට්ටිය ඉතිං නිවාඩු approve කරගන්න manager නෝනා ගාවට ගියාම හුඟක් අය පට්ට විදියට බැනුම් අහගන්නවා "පෞද්ගලිකයි" කියල reason එකට දාගෙන ගියාම. ඉතිං ආයෙත් ඒක කපලා අලුත් එකක ඇත්ත හේතුවක් හරි නැත්තං මොකක් හරි බොරුවක් ලියාගෙන ඇවිල්ල approve කරගන්නවා. Approve කරන ගමං දාහක් විතර ප්‍රශ්නත් අහනවා.