රංගගේ "ගෙදර" පොස්ට් එක දැක්කම මතක් උනේ අර නෑයෝ සෙට් එක ඉතිං ඒ දවස්වල පාසල්ගෙනුත් ඔය වගේම බඳින සීන් අහපු එක. පාසල්ට ඔය වෙලාවට මතක් වෙන්නේ "You are next!" කියලා කතාවක් තියෙන්නේ, අන්න ඒක.
ඒත් ඉතිං හුඟක් වෙලාවට ඔය ප්‍රශ්න පත්තරේ බැන්දයිං නවතින්නේ නෑ. බැන්දට පස්සෙත් ඉතිං නෑයො සෙට් එක හම්බ උනාම තවත් ප්‍රශ්න පත්තරයක් තියාගෙන අහන්න ගන්නවා.
බඳින්න කලින්:
කවද් ද බඳින්නේ? එක්කෙනෙක් ඉන්නව ද? අර කලින් හිටපු කෙනා ද තාම?
බැන්දම:
බැන්ද ද? කාව ද? අර ළමයව ද? තාම ළමයි නැද්ද? එකෙක් හදාගන්නේ කවද් ද?
ළමයි ඉන්නකොට:
දැං කවද්ද තවත් එකෙක් හදා ගන්නේ?
මේ ප්‍රශ්න පත්තරේ ඉවර වෙන එකක් නම් නෙමේ. ළමයි ටිකක් විතර ලොකු වෙනකොට ඉතිං ඔය ප්‍රශ්න අහපු නෑයො සෙට් එක visa ලැබෙන්න ඔන්න මෙන්න. මුනගැහෙන්නේ ඉතිං මළගෙවල්වලදී විතරයි. අන්න එතකොට තමයි අර තිත්තයාගේ වාරේ එන්නේ. එතකොට ඉතිං පුලුවන්;
මළගෙදර දී:
දැං එතකොට ඔයා ද ඊළඟට? ඔයාගේ පාටිය කවද්ද?
අන්න maxxa fun එකක් ගන්න පුලුවන් අර annoy උන නාකි සෙට්ටෙකේ මූණු ටික බලලා. මේ වගේ සිද්දියක් ඇත්තට පාසල්ගේ අක්කා කෙනෙක් මළගෙයකදී කලා
හික්ස්z ඕවට තමයි කියන්නෙ රිවෙන්ජ් ඉන් කෝල්ඩ් බ්ලඩ්...... කියල
ReplyDeleteඉතාම ලොල්..............
http://aluthkolla.blogspot.com
දැන් එතකොට..කවදද පාටිය..?
ReplyDeleteහිනා වෙවී ඉමු. දවස ආවම කාටත් යන්න වෙනවා!
ReplyDeleteහික් හික් තැන්කූ අයියා.....!!! මම මේ දෙන්න උත්තර නැතුව හිටියේ.... හික් හික්
ReplyDelete"Old aunts used to come up to me at weddings, poke me in the ribs and cackle, telling me, "You're next." They stopped after I started doing the same thing to them at funerals."
ReplyDeleteFB එකේ මම ඕක දාල ටික වෙලාවකින් තමයි මේ පෝස්ට් එක දැක්කෙ :D
ඔය විදියටම අපි වගේ පොඩි උන්ගෙන් අහන්නෙ මේව
ReplyDeleteවිභාගෙට කලින්:
මොනඅවුරුද්දෙද කරන්නෙ?මොකද්ද සබ්ජෙක්ට් එක?පාඩම් කරනවද?
විභාගෙ කලාම :
කොහොමද results?කැම්පස් යන්න බැරිද? ආයෙත් කරනවද?පාඩම් කලේ නැද්ද?
ටිකකාලෙකින් :
අපරාදෙ අනේ අයෙත් කලේ නෑ නේද?ඔහොම හිටියම හරියනවද?
ඔය කරදර නිසා මම එකපාරක්වත් නොකර ඉන්නව.ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද.
@කොල්ලා : මොනවා කරන්නද ඉතිං.. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා :D
ReplyDelete@මාරයා : පාටිය කොයි වෙලේ කොහේ තියෙයි ද කියන්න දන්නේ නෑ. ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න කොයි වෙලේ හරි දැනුම් දෙයි එන්න කියලා පාටියට.. :D
@Kathandara : ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ කල් දා ගන්න.
@සංජු : අය්යෝ.. ඔයා You are next කතාව අහලා තිබ්බේ නැද්ද? කමක් නෑ. අහල තිබ්බත් ඉතිං මළගෙයක් සෙට් වෙනකල් රිවෙන්ජ් එක ගන්න බෑ නේ.
ReplyDelete@තර්ඩ් : අන්න ඕක තමා කතාව.
@සහෝ : මුකුත් නොකර හිටියට කමක් නෑ. මළගෙවල් වලදී මතක ඇතිව ඉතිරි වෙලා ඉන්න අයට පොක් කරන්න :D
ReplyDeleteඕක ඇහුවට පස්සෙ ඒ මනුස්සයා එතනම පාටිය දෙන්න ඇති.
ReplyDeleteමොකද K.J. & පාසල් බ්ලොග් ලිවීම අත ඇරලද?
ReplyDeleteමරු බ්ලොග් එක. අද තමා ඉස්සෙල්ලාම ආවේ, අයියා දැන්ම අපිට පාටි ඔන් නැතො. එතකොට මෙ බ්ලොග් එක ලියන්නෙ කව්ද? මමත් මේක අද සිට Follow කරනො
ReplyDeleteඅපේ මිනිස්සුන්ට අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව ඉන්න බැහැනේ .. ඕක අපේ ජාතික උරුමයක් !!
ReplyDeleteහිනා හිනා...
ReplyDelete