Saturday, March 26, 2011

බංකු බංකු on කෝල් සපෝට්

Technical support / troubleshooting

රංගගේ ටෙලර් මැසින් කතාව කියෙව්වම මතක් උනේ ඉස්සර පාසල් වැඩකරපු තැන වෙච්ච සීන් වගයක්. පාසල්ට මුලින්ම හම්බ වුනු වැඩේ ටිකක් විතර ලේසි පහසු එකක්. බැංකුවල computer වැඩකරන්නෙ නෑ කියලා කෝල් කරාම ඒවා හදලා දෙන එක හරියට නිකං technical support/troubleshooting වගේ වැඩක්. වැඩේ ලේසි වගේම පට්ට ආතල්. මේ බැංකු සීන් ඉතිං ටිකක් සංකීර්ණයි. මේ සිස්ටම් අපේ දැංකාලේ තියෙන PC වගේ ඒව නම් නෙමේ. මේව සෑහෙන වෙනස්. Keyboard එකේ සාමාන්‍ය අකුරුවලට අමතරව තව සෑහෙන අකුරු තොගයක් තියෙනව. සාමාන්‍යයෙන් බැංකු ශාඛාවේ computer room එකක් වෙනම තියෙනවා. ඒක branch එකේ එක්කෙනෙකුට භාරදීල තියෙනව මොනව හරි උනොත් පාසල්ලට කතා කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ බැංකුවල ඉන්නේ honeymoon යන්න ඉන්න වයසේ අය නං නෙමේ.

ඒ කාලේ කොල්ලුපිටිය ලංකා බැංකුවේ computer system එක භාරව හිටියා mr. අප්සාල් කියල ටිකක් වයසක පහේ පොරක්.

mr. අප්සාල්: හලෝ.. අහ් mr. පාසල් ද කතා කරන්නේ? මම මේ mr. අප්සාල් merchant tower branch කතා කරන්නේ, අපේ සිස්ටම් out නේ nail biting
පාසල්: ඔව් mr. අප්සාල්, කියන්න මොකද්ද වුනේ කියලා.