රංගගේ දුර කියන හැටි පෝස්ටෙක කියවගෙන යනකොට දැක්කෙ ආ පුතා මම ඉන්නෙ කොළඹ පෝස්ටෙක. මේ සීන් එක මතක් උනේ එතකොටයි. පාසල් කලිං වැඩ කරපු වැඩපලේ ඊ-මේල් හා අන්තර්ජාල පහසුකම් බලාකියා ගන්න ඩයල් එකක් හිටියා මාරේ කියලා. හිටපු ගමං web templates එහෙමත් හදල දෙනවා. බුවාට ඉතිං ටීම් එකක් වැඩක් නෑ. බුවා බුවාගෙ කාලසටහනට අනුව යක්කු ගස් නගින වෙලාව කිට්ටු කරල වැඩපලට වාර්තාකරනවා.
පාසල් : මචං බඩගිනී බිත්තර ආප්ප ගේමු ද?
මාරේ : මචං මං vegetarian.
පාසල් : ඔහ්.
ජයලත් : මෙහ්.. අපි එහෙනං බිත්තර රොටී ගේමු ද? මස් හොදිත් එක්ක පාට්ට.
පාසල් : මාරෙ.. උඹට ප්ලේන් රොටී ගේන්න ද?
මාරේ : මචං මස් හොදි කන්නෙ නෑ
පාසල් : මේක හරියන්නෑ අපි Queen's එකෙන් Submarine ගේමු. අපිට Spicy Chicken and Beaf ගනින්. මාරෙට Vegetable Sub එකක් ගෙනෙන්.
මාරේ : මේ.. මේ.. Submarine නම් මටත් Chicken එකක් ගනිං හොඳේ
තවත් දවසක මාරේ හෙන පම්පෝරිය බුවා කැන්ඩි කියලා පාසල්ටත් ඉතිං ඕක අහගෙන ඉන්න බැරි උනාට එදා මුකුත් නොකිය බොහොම අමාරුවෙන් හිටියා. ඔය අස්සේ වැඩපලේ අලුත් branch එකක් open කරන සීන් එකකුත් යනවා. මාරේ සති අන්තයේ නිවාඩුවට ගමේ ගිය වෙලේ ඒකට ගිහිං.
මාරේ : මචං අපේ office එකේ අලුත් branch එක දාල තියෙන්නේ අපේ ගෙදර කිට්ටුවමයි.
පාසල් : උඹලගේ ගෙවල් කිට්ටුව
මාරේ : අඩෝ ඒක එලට තියෙනවා. ඒ හරියෙ තියෙන ලොකුම shop එක ඒක තමා මම drop-in උනා saturday.
පාසල් : ඇත්ත ද.. එතකොට උඹ නුවර කිව්ව නේද. කැන්ඩිවල අලුතෙන් branch එකක් දැම්මෙ නෑනේ
මාරේ : නුවර කිව්වේ මචං මාතලේ.
පාසල් : අනේ යකෝ.. එතකොට අපේ මේ අලුතෙන් ඇරපු දඹුල්ලේ branch එක තියෙන්නේ උඹලගේ නුවර ගෙදර කිට්ටුව ද
මාරේ :
සමහරක් මාතලේ උන් කොළඹ ඇවිල්ල කැන්ඩි කියනවා. කමක් නෑ කියමුකො. සමහරක් කෑගල්ලේ එවුනුත් කැන්ඩි කියල කියනවා. ඒකත් කමක් නෑ කියමුකො. ඒත් මේ දඹුල්ලේ එකෙක් කැන්ඩි කියනව ඇහුවමයි
"නුවර කිව්වේ මචං මාතලේ."
ReplyDeleteමේ ටික හොදටම ඇතිය....
Queen's එකේ chicken submarine එක vegetarianද :O
ReplyDeleteපත්තරේ ඇඩ් එකක් යන්නේ "මාතර වීරකැටියේ වෙද හාමුදුරුවෝ" කියලා.
ReplyDelete(කතා සෙට් එක නම් පට්ට.)
මගෙත් ගම නුවර. ඒත් මම නම් ඔන්න මහමායා පාරෙ ඉන්නෙ හොදේ. ඇත්තටම තමන්ගෙ ගම නුවර කියල මම උනත් පම්පෝරි ගහනව නෙවෙයි. ඒත් පාසල් අයියෙ නුවර උන් ආසයි ආඩම්බරෙන් කියන්න "මගේ ගම නුවර" කියල.
ReplyDeleteමොන හෙතුවක් නිසාද දන්නෙ නෑ.
නුවර උන් ආසයි "මම නුවර" කියල කියන්න මොකද සුද්දනෙ ගල විද්දෙ
ReplyDeleteමේක අහල තියෙනවද?
ReplyDeleteගම ගාල්ල - පුක ලෑල්ල
@MaRLan: ඒක නම් ඇත්ත.. ඒත් මූ ඉන්නෙ දඹුල්ලෙනේ.
ReplyDelete@කොට ජීවිතේ: සබ් එක චිකන් උනාට කුකුල වෙජිටේරියන් :-D
ReplyDelete@කාංචන: තෑන්ක්ස්.. මොකද්ද මේ වෙද හාමුදුරුවොන්ගේ සීන් එක?
ReplyDelete@Gayan: ඒක මගෙ හිතේ නොදැනුවත්වම කියවෙනවා ඇති.
ReplyDelete@Supun: සුද්ද ගල විදින්නත් කලිං බුවාල හඳට පොලු විසිකලේ.. ඊටත් කලිං ඉඳං එක ගෙයි කෑවෙ..
ReplyDelete@Kathandara: ඔව් ඔව් ඒක අහල තියේ :-D
ReplyDeleteමට ඔය ඇඩ් එකේ තියන ඒව නම් හරියට මතක නෑ. වශී ගුරුකම් එහෙම කරන හාමුදුරු නමක්. අර ටීවී එකේ යටින් යන ඇඩ් වලත් ඔය නම යනවා දැකල තියනවා. උඩින්ම ලොකුවට ෆොටෝ එකත් එක්ක දාල තියනවා මාතර වීරකැටියේ වෙද හාමුදුරුවෝ කියලා. වීරකැටිය තියෙන්නේ හම්බන්තොට දිස්ත්රික්කෙනේ. නුවර ඉඳන් මාතලේට වගේ දෙගුණයක් විතර දුර තියනවා මාතර ඉඳන් වීරකැටියට. හැබැයි දඹුල්ලට තරං නං දුර නෑ :D :D
ReplyDeleteආ පුතා මම ඉන්නේ කොළඹ පෝස්ට් එකට දීලා තියෙන ලින්ක් එක පොඩ්ඩක් අවුල් වගේ....
ReplyDeleteපට්ට සිරා කතාව....
@අභීත: හුටා. Link එක මුස්ලිම් වෙලානේ. ඔන්න හැදුවා. තෑන්ක්ස්.
ReplyDelete@කාංචන: ඇත්ත නේන්නං. ඒක මට මීටර් උනේම නෑ නෙ.
ReplyDeleteඑල කතාව. අපෙත් ඔය වගේ එකෙක් හිටියා
ReplyDelete@gadol: හික්ස්.. බලාගෙන යනකොට මෙහෙම බුවාල හැමතැනම ඉන්නව වගේ.
ReplyDelete