Saturday, February 5, 2011

ලාකැන්ඩියන් කිව්වේ කැන්ඩිවලට ළඟ කියන එකද

ලාකැන්ඩියන් කිව්වේ කැන්ඩිවලට ළඟ කියන එකද

රංගගේ දුර කියන හැටි පෝස්ටෙක කියවගෙන යනකොට දැක්කෙ ආ පුතා මම ඉන්නෙ කොළඹ පෝස්ටෙක. මේ සීන් එක මතක් උනේ එතකොටයි. පාසල් කලිං වැඩ කරපු වැඩපලේ ඊ-මේල් හා අන්තර්ජාල පහසුකම් බලාකියා ගන්න ඩයල් එකක් හිටියා මාරේ කියලා. හිටපු ගමං web templates එහෙමත් හදල දෙනවා. බුවාට ඉතිං ටීම් එකක් වැඩක් නෑ. බුවා බුවාගෙ කාලසටහනට අනුව යක්කු ගස් නගින වෙලාව කිට්‍ටු කරල වැඩපලට වාර්තාකරනවා.

පාසල් : මචං බඩගිනී party බිත්තර ආප්ප ගේමු ද?
මාරේ : මචං මං vegetarian.
පාසල් : ඔහ්.
ජයලත් : මෙහ්.. අපි එහෙනං බිත්තර රොටී ගේමු ද? මස් හොදිත් එක්ක පාට්ට.
පාසල් : මාරෙ.. උඹට ප්ලේන් රොටී ගේන්න ද?

මාරේ : මචං මස් හොදි කන්නෙ නෑ sick
පාසල් : මේක හරියන්නෑ thinking අපි Queen's එකෙන් Submarine ගේමු. අපිට Spicy Chicken and Beaf ගනින්. මාරෙට Vegetable Sub එකක් ගෙනෙන්.
මාරේ : මේ.. මේ.. Submarine නම් මටත් Chicken එකක් ගනිං හොඳේ drooling

තවත් දවසක මාරේ හෙන පම්පෝරිය බුවා කැන්ඩි කියලා chatterbox පාසල්ටත් ඉතිං ඕක අහගෙන ඉන්න බැරි උනාට එදා මුකුත් නොකිය බොහොම අමාරුවෙන් හිටියා. ඔය අස්සේ වැඩපලේ අලුත් branch එකක් open කරන සීන් එකකුත් යනවා. මාරේ සති අන්තයේ නිවාඩුවට ගමේ ගිය වෙලේ ඒකට ගිහිං.

මාරේ : මචං අපේ office එකේ අලුත් branch එක දාල තියෙන්නේ අපේ ගෙදර කිට්‍ටුවමයි.
පාසල් : උඹලගේ ගෙවල් කිට්‍ටුව confused
මාරේ : අඩෝ ඒක එලට තියෙනවා. ඒ හරියෙ තියෙන ලොකුම shop එක ඒක තමා thumbs up මම drop-in උනා saturday.
පාසල් : ඇත්ත ද.. එතකොට උඹ නුවර කිව්ව නේද. කැන්ඩිවල අලුතෙන් branch එකක් දැම්මෙ නෑනේ laughing
මාරේ : නුවර කිව්වේ මචං මාතලේ.
පාසල් : අනේ යකෝ.. එතකොට අපේ මේ අලුතෙන් ඇරපු දඹුල්ලේ branch එක තියෙන්නේ උඹලගේ නුවර ගෙදර කිට්‍ටුව ද rolling on the floor
මාරේ : I don't want to see d'oh

සමහරක් මාතලේ උන් කොළඹ ඇවිල්ල කැන්ඩි කියනවා. කමක් නෑ කියමුකො. සමහරක් කෑගල්ලේ එවුනුත් කැන්ඩි කියල කියනවා. ඒකත් කමක් නෑ කියමුකො. ඒත් මේ දඹුල්ලේ එකෙක් කැන්ඩි කියනව ඇහුවමයි rolling on the floor

18 comments:

  1. "නුවර කිව්වේ මචං මාතලේ."
    මේ ටික හොදටම ඇතිය....

    ReplyDelete
  2. Queen's එකේ chicken submarine එක vegetarianද :O

    ReplyDelete
  3. පත්තරේ ඇඩ් එකක් යන්නේ "මාතර වීරකැටියේ වෙද හාමුදුරුවෝ" කියලා.
    (කතා සෙට් එක නම් පට්ට.)

    ReplyDelete
  4. මගෙත් ගම නුවර. ඒත් මම නම් ඔන්න මහමායා පාරෙ ඉන්නෙ හොදේ. ඇත්තටම තමන්ගෙ ගම නුවර කියල මම උනත් පම්පෝරි ගහනව නෙවෙයි. ඒත් පාසල් අයියෙ නුවර උන් ආසයි ආඩම්බරෙන් කියන්න "මගේ ගම නුවර" කියල.
    මොන හෙතුවක් නිසාද දන්නෙ නෑ.

    ReplyDelete
  5. නුවර උන් ආසයි "මම නුවර" කියල කියන්න මොකද සුද්දනෙ ගල විද්දෙ

    ReplyDelete
  6. මේක අහල තියෙනවද?
    ගම ගාල්ල - පුක ලෑල්ල

    ReplyDelete
  7. @MaRLan: ඒක නම් ඇත්ත.. ඒත් මූ ඉන්නෙ දඹුල්ලෙනේ.

    ReplyDelete
  8. @කොට ජීවිතේ: සබ් එක චිකන් උනාට කුකුල වෙජිටේරියන් :-D

    ReplyDelete
  9. @කාංචන: තෑන්ක්ස්.. මොකද්ද මේ වෙද හාමුදුරුවොන්ගේ සීන් එක?

    ReplyDelete
  10. @Gayan: ඒක මගෙ හිතේ නොදැනුවත්වම කියවෙනවා ඇති.

    ReplyDelete
  11. @Supun: සුද්ද ගල විදින්නත් කලිං බුවාල හඳට පොලු විසිකලේ.. ඊටත් කලිං ඉඳං එක ගෙයි කෑවෙ..

    ReplyDelete
  12. @Kathandara: ඔව් ඔව් ඒක අහල තියේ :-D

    ReplyDelete
  13. මට ඔය ඇඩ් එකේ තියන ඒව නම් හරියට මතක නෑ. වශී ගුරුකම් එහෙම කරන හාමුදුරු නමක්. අර ටීවී එකේ යටින් යන ඇඩ් වලත් ඔය නම යනවා දැකල තියනවා. උඩින්ම ලොකුවට ෆොටෝ එකත් එක්ක දාල තියනවා මාතර වීරකැටියේ වෙද හාමුදුරුවෝ කියලා. වීරකැටිය තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කෙනේ. නුවර ඉඳන් මාතලේට වගේ දෙගුණයක් විතර දුර තියනවා මාතර ඉඳන් වීරකැටියට. හැබැයි දඹුල්ලට තරං නං දුර නෑ :D :D

    ReplyDelete
  14. ආ පුතා මම ඉන්නේ කොළඹ පෝස්ට් එකට දීලා තියෙන ලින්ක් එක පොඩ්ඩක් අවුල් වගේ....

    පට්ට සිරා කතාව....

    ReplyDelete
  15. @අභීත: හුටා. Link එක මුස්ලිම් වෙලානේ. ඔන්න හැදුවා. තෑන්ක්ස්.

    ReplyDelete
  16. @කාංචන: ඇත්ත නේන්නං. ඒක මට මීටර් උනේම නෑ නෙ.

    ReplyDelete
  17. එල කතාව. අපෙත් ඔය වගේ එකෙක් හිටියා

    ReplyDelete
  18. @gadol: හික්ස්.. බලාගෙන යනකොට මෙහෙම බුවාල හැමතැනම ඉන්නව වගේ.

    ReplyDelete