මේ සිද්දිය වුනේ පාසල්ට හා හා පුරා කියල ලැබුණු පළවැනි රස්සාවෙ. කොල්ලුපිටියෙ ප්රසිද්ධ තැනක. Shape එකේ වැඩ කරගෙන යන අස්සෙ office එකෙ එකෙක් රට ඉඳං ආව බෝතල් දෙක තුනකුත් එක්ක. එතකොට පාසල් වැඩ පටංගෙන මාසයයි, probation. බෝතලෙ වේලෙන නිසා කීපදෙනෙක් (5ක්) සෙට් උනා saturday දවසක. සෙට් උනේ ඉතිං office එකේම වෙන department එකක, MD ඉන්න තට්ටුවෙ. පාසල් ඉතිං අමු අමුවෙම තිබහට වතුට බොනව වගෙ බීල කට්ටියටම ආතල් එකක් දුන්න මුළු floor එකේම හෝටල් දදා ගිහිං.
ඊළඟ දවසෙ වැඩේ දෙල්. ලොක්කො ටික බීපු 5දෙනාටම එන්න කියල දැං පලු යන්න බනිනවා. එක manager කෙනෙක්ගෙ ලාච්චුවක් අස්සෙ කොත්තු කෑලිත් තිබිලා. පාසල් පණ බයේ ඉන්නව ගෙදර යවයි කියල. යාන්තම් ඉතිං වැඩේ ගොඩ ගියා.
Manager : හරි.. එහෙනං දැං ඔයාල ගිහිං වැඩ කරන්න.
සංක : Ok sir, sorry about this.
Manager : මම හිතනවා මීට පස්සෙ ඕගොල්ලො මේ office එකේ බොන එකක් නෑ කියලා.
අහූ : නෑ සර්.
වොරන් : No sir, we will not.
පින්ටො : Yes sir, අපි ...
පාසල් : අපි ඉතිං මේ සතියෙ කොටහේනට shift කරනවනෙ. එතකොට ඉතිං මෙහෙ බොන්න සෙට්වෙන එකක් නෑ. එහෙ office එක ඉස්සරහ baar එකක් තියෙනවනෙ
Manager :
සංක, අහූ, වොරන් :
ලාච්චුව ඇරල බලද්දි කොහොම හැඟීමක් එන්න ඇද්ද? ඊ.....යා...
ReplyDeleteමැනේජර් අපේ වැ ද? ;)
ReplyDeleteඑපා වෙන්න ඇති මැනේජර්ට
ReplyDeleteපාසල් ඉතින් කිව්වොත් කියන්නේ ඔහොම කතාවක්ම තමයි. :D
ReplyDelete"හෝටල්" කියන්නෙ මට හිතෙන එක නේද? සුද්ද කෙරුවෙ?
ReplyDeleteහොඳ වැඩේ තොපිට බොසාට නොදී බිව්වට ... හික්ස්
ReplyDeleteමේ මැනේජර් දැං ඒහෙ නෑ. දැං ලොකු බැංකුවක වැඩ.
ReplyDeleteක්ලීනිං එකට එන උන් දවස් කීපයක් කන්නෙ නැතිවත් ඉන්න ඇති පාසල් හෝටල් සුද්ද කරලා.
ReplyDeleteකොහොමත් පාසල්ට බොන්න බෑ. මූඩියක් පෑගුනත් අම්බානෙට වෙරි වෙනවා. ඔය සිද්දියෙන් පස්සෙ පසල්ට "ඩෙඩ්බොඩියා" කියල කාඩ් එකකුත් වැදුනා :-D බුවාව එදා උස්සගෙන ගියේ කරේ තියං පන්සලක් මැද්දෙං හරියට නිකං බාරයක් ඔප්පු කරන්න යනව වගේ :-D
ReplyDeleteලාච්චුවට කොත්තු කොහොම වැටුනද දන්නෙ නෑ. සුද්ද කරනවා කියල ඔක්කොම එතන ලාච්චුවට දාන්න ඇති.
ReplyDeleteඩෙඩ්බොඩියා කියන එක දිග වැදි නිසා ඩී.බී. කිය කිය ඉන්දලා ටිකකලෙකින් වාචීස්වර කියන්න ගත්තා. ඊට පස්සෙ වාචී උනා. ඊට පස්සෙ ටික කාලෙයක් ඩෙඩ්බොඩි වාචි කිය කිය ඉඳලා පාසල් කියන්න ගත්තා. තව මොනව කියනවද දන්නෙ නෑ.
ReplyDeleteහික්ස්... දැන් බ්ලොග් එකේ බාගයක් විතර කියෙව්වා. බලමු තව ඉස්සරහට
ReplyDelete@gadol: හිහ් හිහ්.. තෑන්ක්ස් ආවට.
ReplyDelete