මතකනේ පාසල්ගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනෙ වැඩපල. මේ වැඩපලේ සේවක සේවිකාවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩපලේ කෙනෙක් අස්වෙනකොට එයාගේ ටීම් එකෙන් පොඩි තෑග්ගක් එහෙම දෙනවා. ඔයවගේ වැඩවලට අතිමහත් කැමැත්තෙන් ඇහැකි උපරිමෙන් සහයෝගය දෙන ගොං සැන්ටා කියල එකෙක් ඉන්නවා.
සුප්පා : පාසල්.. යමං තෑග්ගක් ගන්න Titus Stores එකට.
සුප්ප පාසල්වත් සෙට් කරගත්තා. මේ වගේ වෙලාවට සැන්ට ටිකක් එක්සයිට් වෙනවා.
සැන්ටා : මොනව ද අපි ගන්නේ?
සැන්ට සංකත් එක්ක කාරෙකට නගින ගමං ඇහුවා. සුප්පගාව තමයි එකතු කරගත්තු සල්ලි තියෙන්නේ.
සුප්පා : මචං 4ක් විතර තමයි එකතු උනේ. ගිහිං බලමු.
සුප්ප කාරෙකට නගින ගමං සැන්ටගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නා. දැං ඉතිං සැන්ටත් එක්ක කට්ටියම කොල්ලුපිටියෙ Titus Stores එකට ගියා. ඒකෙ තියෙන දේවල්වලින් මොනවා ගන්නද කියල හිතාගන්නත් බෑ. නානාප්රකාරේ විසිතුරු බඩු හැම තැනම. සෙට්ටෙකම හතර අතේ ඇවිදිනවා මොනව ගන්න ද කියල හිතාගන්න බැරිව.
සුප්පා: ඒ මචං .. අපි කාඩ් එකක් ගත්තෙ නෑනෙ.. පාසල්.. එල කාඩ් එකක් තෝරපං.. හොඳට ලියන්න ඉඩ තියෙන එකක්..
සුප්පට එකපාරටම මතක් උනා. සාමාන්‍යයෙන් ටීම් එකෙන් දෙන කාඩ් එකේ හුඟක් ජාතක කතා එහෙම ලියලා දෙනවා. ඒ නිසා කාඩ් එක ටිකක් ලොකු, හොඳට ලියන්න ඉඩ තියෙන එකක් වෙන්න ඕනේ. පාසල් ඒකෙ පිංතූරත් අඳිනවා.
පාසල් : කොහෙද බං මේකෙ කාඩ් තියෙන්නෙ?
පාසල් Titus Stores මීට කලිං ඇවිල්ල නැති නිසා බුවා අතරම්ං වෙලා තනියෙම කියවනවා. අන්තිමට කට්ටියම තීරණය කලා වටිනා කියන පෑනක් තෑගි හැටියට දෙන්න. සෙට් එකම දැං සල්ලි ගෙවන්න ලෑස්ති වෙලා කවුන්ටරේ වටකරගෙන ඉන්නවා.
කැෂියර් : Credit card එකෙන් පේ කරනවනම් ඩිස්කවුන්ට් තියෙනව.
කියල දැං කවුන්ටරේ ඉන්න මෑන් සෙට්ටෙකට මාකටිං පාරක් දාන්න ගත්ත. මේ කතාව ඇහුව විතරයි සැන්ට කොහේද ඉඳල එක පාරටම ඉස්සරහට පැනලා සුප්පට සල්ලි ගෙවන්න දෙන්නෙ නෑ.
සැන්ටා : මචං.. පොඩ්ඩක් හිටපං. මේ .. 1 පෑනකට 25% ක්ම ඩිස්කවුන්ට් දෙනවා
සැන්ට ටිකක් කෑදරයි. ඩිස්කවුන්ට් කිව්වම බුවා ඉවවහා ගිහින්. කට්ටියම දැං බලන් ඉන්නවා සැන්ට මොනවද මේ කියන්න හදන්නෙ කියලා.
සැන්ටා : අපි පෑන් 4 ක් ගමු. එතකොට 100% ක්ම ඩිස්කවුන්ට්. සල්ලි ගෙවන්න ඕනෙ නෑ
දැන් ඉතිං මේ සැන්ට එක්ක එක ඔෆිස් එකේ වැඩ? :D
ReplyDeleteසැන්ටට සෑහෙන්න හොඳට ගනන් එහෙම පුලුවන් ඇති නේද?
ReplyDeleteඅනේ වාසනාවයි....
ReplyDeleteඉතින් කතාව හරිනෙ! පෑන් හතරක් ගත්තම තව පෑනක් නිකන් හම්බවෙනව. ඒ පෑන සැන්ටට!
ReplyDelete**************************** මට කියන්න තියෙන ටික * වලින් කිව්ව.. අපේ great සැන්ට අයිය.. :D
ReplyDelete@කලිකාල : මූ කියන්නෙ 1 පෑනක් නිකන් ලැබෙන කතාවක් නෙමේ බං... පෑන් හතරම නිකන් දෙන කතාවක්.
ReplyDelete@පිටස්තරයා : අනික් උන් ටික තාම වැඩ. මම නම් අයිං උනා.
ReplyDelete@කොටජීවිතේ : ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික කැම්පස් එකක උපාධිධාරියෙක්. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ කොළඹ පාසලක ඉගෙන ගත්තු, රගර් ගහල කණ කපාගෙන ප්ලාස්ටික් සැත්කමක් කරගත්තු කෙනෙක් තමයි ඔය ගොං සැන්ට කියන්නේ.
ReplyDeleteසැන්ට ඔතන නෙමෙයි හරි නං ඉන්න ඕනෙ ... හෙහෙ
ReplyDeleteදැං සැන්ට එසේ මෙසේ එකෙක් නෙමේ. දැං සැන්ටා ලොක්කෙක්.
ReplyDeleteසැන්ට මොල කාරය
ReplyDeleteඔහොම තමයි පාසල් අයියා. මිනිස්සුන්ටනෙ වරදින්නේ,, හිහිහික්zz
ReplyDeleteමූට වලිගයක්.... නැහැ නැහැ සොරි.... අන් දෙකක්.... නැහැ, අනුය් වලිගෙය් සෙට් එකම තියනවද? අම්මප මුන් වගේ එවුන් ලොක්කො වුනාම, මුන් ගාව වැඩ කරන්න වෙන එවුන්ට අබ සරනය්.
ReplyDelete@Observer: ඌට නැට්ටයි.. වලිගෙයි.. පුල්ලියි.. වයිරනුයි.. ඔක්කොම තියෙනව මගේ හිතේ... :-D
ReplyDeleteමේ රංගයි අර රංගයි දෙන්නම එක්කෙනා ද? දෙන්නෙක් ද? :-O
ReplyDeleteඒ රංග වෙනයි මේ රංග වෙනයි. ඒ A රංග මම B රංග. :D
ReplyDelete:-?? #-o
ReplyDeleteඅයින්ස්ටයින් වගේ පොරක් නොවැ!
ReplyDelete@gadol: අයින්ස්ටයින් පරාදයි මේක කියන කතාවලට. මට ඊයෙ අපේ එකෙක් මතක් කලේ මූ දවසක් කාරෙකේ යනගමං කෑමවගයක් ගන්න ඕනෙවෙලා අපිට කියනවා
ReplyDelete"යනගමං ටේක් කෙයා එකෙන් ගමු" කියලා..
අපි හිතුවේ කෑම කඩයක නමක් කියලා. බුවා "ටේක් කෙයා" කිව්වේ take away එකට.. =))