පාසල්ගේ කසින් අක්ක කෙනෙක්ට දුවල පුතාල දෙන්නෙක් ඉන්නවා. පුතා නම් පට්ට අන්ඩපාලයා. හයිපරැක්ටිව්. එක විදියකට ඉන්නම බෑ. පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. දවසක් පාසල් එහෙ යනකොට ඇහෙනව හෙන සද්දයක් හරියට නිකං ලොකු විජ්ජුම්බරයක් වෙලා වගේ.
පාසල් : මොකෝ අක්කේ?
අක්කා : නෑ මල්ලි. මේ පුතාගේ වැඩ තමයි ඉතිං.
පාසල් : ඇයි?
අක්කා : මම fridge එක අරිනකොට අමුතු ගඳක් එනව. බැලින්නම් මෙයා එකෙ චූ දාල.
පාසල් :
ටික දවසකට පස්සේ එහෙ පොඩි ගෙට්ටුගෙදර් එකක් තිබ්බා. පාසල්ල සෙට්ටෙකම හවස් වෙලා එහෙ යනකොට අක්ක ඉන්නවා සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන. පොඩි කොල්ල ඉන්නවා ගෙදර බිත්තිය කොණේ හිට්ටවලා. මේක දැක්ක ගමං පාසල්ලට තේරුණා පොඩි කොල්ල මොකක් හරි අල වැඩක් කරල තමයි කියලා.
පාසල් : මොකො අක්කෙ තාම පාටි පටං ගත්තෙ නැද්ද? අපි කලිං වැඩිද ආවා?
අක්කා : නෑ නෑ. එන්න ගෙට. මේ පුතා මගේ බ්ලවුස් එක කිළුටු කරලනේ.
පාසල් : ඒ මොනව කරල ද?
අක්කා : එයා බිම චූ කරලා. මම හොඳට අයන් කරල ඇඳ උඩ දාල තිබ්බ බ්ලවුස් එකෙන් චූ ටික පිහිදානවා මම බලනකොට.
පාසල් :
තවත් දවසක් පාසල් හදිසි අවශ්‍යතාවයකට කසින් අක්කලාගේ ගෙදරට ගොඩ උනා. ගෙදර ඉස්සරහ කවුරුවත් නෑ. ඔක්කොලාම ගේ පිටිපස්ස පැත්තේ.
පාසල් : මොකෝ අක්කෙ ගේ හෝස් ගාල ඇරල දාල. ඉස්සරහ කවුරුවත් නෑ.
අක්කා : ඔව් මල්ලි මේ කොල්ලත් එක්ක බෑ. මේකා ටොයිලට් එක වනසලා.
පාසල් : ඒ ගමන මොනව කරල ද?
අක්කා : බාත්රූම් එකේ දොර පිටිපස්සෙනේ එල්ලලා තියෙන ටොයිලට් පේපස්.. පැම්පස්.. බෑග් එකට මෙයා චූ කරලා.
පාසල් :
දවසක් උදේ පාන්දර වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරගන්න කියල පාසල්ගේ කසින් අයියා උඩ තට්ටුවට ගියා. ගිහිං වැඩිවෙලාවක් යන්න ලැබුන්නෑ අක්කට අයිය කෑගහන්න ගත්තා. අක්කත් ඉතිං දුවගෙන ගිහිං බලන්න මොකද්ද මේ කේස් එක කියල.
අයියා : බලන්න බබ්ස් මේකා කරල තියෙන වැඩේ. චිහ්.. මෙන්න මේක විසිකරල අලුත් වතුර බෝතලයක් ගේන්න අයන් එකට දාන්න.
අක්කා : අනේ.. මේකටත් චූ කරලද?
බැලින්නම් අයන් කරනකොට දාන්න තිබ්බ වතුර බෝතලේ ඔරෙන්ජං බාර්ලි බෝතලයක් වගේ. පොඩි කොලුවා ඒකට චූ කරලා මේ පොඩි එකා තාම නර්සරි එකට යන්නේ. ඒකෙ ඩෙන්ටල් එකකුත් තියෙනවා. දවසක් අක්ක පොඩි එකා එක්ක එන්න ගිහිං ඩෙන්ටා කොම්ප්ලේන් කරලා. අක්ක එනව මූණ දෙල් කරගෙන. පොඩි එකත් අවට සිරි නරඹ නරඹ එනව.
පාසල් : මොකො අක්කෙ මලපැනල වගේ?
අක්කා : මෙයා ඩෙන්ටල් එකේ ඩොක්ට එහා මෙහා වෙනකල් ඉඳල අර දත් සුද්ද කරනකොට කෙල ගහන්න තියෙන බින් එකට චූ කරලනේ.
පාසල් :
තවත් දවසක් ගෙදර යනකොට පොඩි කොල්ල හෝ ගාල අඬනවා. අයියත් මලපැනල බනිනව ඇහෙනවා. අක්කත් අඬනව ඇහෙනවා. පාසලුත් ඉතිං කලබල වෙලා දුවල ගියා බලන්න මොකද සීන්නෙක කියලා.
පාසල් : ඇයි ඇයි?
අයියා : බලන්න මල්ලි මේකා කාරෙකේ කැබිහෝල් එකට චූ කරලනේ.
අක්කා : ඒකට ඔහොම ගහනව ද පොඩි ළමයින්ට?
අයියා : නෑ මල්ලියා. මූට පනිෂ්මන්ට් දෙන්නත් බෑ. පනිෂ්මන්ට් එකට බිත්ති කොණේ හිටවල තිබ්බා. මං බලනකොට මූ එතන බිත්තියටත් චූ කරනවා.
පාසල් :
චූ බවුසරයක්නෙ.
ReplyDeleteමූ නම් එල කොල්ලෙක් ,,මහ 2ගේ කටට එහෙම චූ කලේ නැද්ද? ඒකත් නොකර ඉන්න විදිහක් නෑ....
ReplyDeleteකථා නම් ඔක්කොම කියෙවුවා...
ReplyDeleteඋදේ පාන්දර ම මේක කියවලා ලේ පිරිසිදු කර ගත්තා..
හෙහ් හෙහ් මරු චූ පුත්තරයෙක් නේ... :D
පාසල්ගේ නැයෙක්නේ ආයෙත් ඉතින් අහන්න දෙයක් නැ ඔය ඉතින් ජාන වලින් එන දේවල් නේ.. :D පාසල් version 2 කියන්න පුළුවන් මේ කොළුවට..
ReplyDeleteනවීන් අයිය කියපු එක නම් හරි පාසල්ගෙ නෑයෙක් කියන්නෙ මෙහෙම දේවල් වෙන්න පුලුවන්
ReplyDeleteමූ මාර චූ කේස් එකක් නේ ... මෙහෙම ගියොත් මූට catheter එකක් දාන්න වෙයි
@Naveen: හික්ස්.. බුවාගේ තව රස කතා තියෙනවා.. පස්සෙ වෙලාවක ලියන්නම්.
ReplyDelete@සෝරෝ: තැන්ක්ස්.
ReplyDelete@ItalyDilan: හිහ් හිහ්.. ටික කාලෙකින් ඒ පැත්තේ යන්න බැරි උනා. තව මොනව කරලද දන්නේ නෑ.
ReplyDelete@සහෝධරයා: අක්ක තමයි මගේ නෑයෙක් වෙන්නේ. ඕක මම හිතන්නේ අක්ක බැඳපු අය්යගෙ පැත්තෙන් එන සීන් එකක් :-D
ReplyDelete@පිටස්තරයා : පරම්පරාවේ පලවෙනි වතාවට ඔහොම බවුසරයක් දැක්කේ.
ReplyDeleteඅඩේ පාසල් අයියා පරිස්සමින්... :))
ReplyDeleteචූලාන් කියල නම තියන්න තිබ්බෙ
ReplyDeleteෂුවර් එකටම පාසල් අයියටත් කොල්ල ගෙන් චූ ප්‍රහාරයක් හම්බවෙලා ඇති.
ReplyDeleteචූ කොල්ලෙක්නේ....
ReplyDelete@පිණිබිඳු: හික්ස්. ඒක එල නම. අපි ඌට ඒ කාඩ්ඩෙක දාන්නං.
ReplyDeleteතාම චූ කොල්ලෙක්
ReplyDeleteඑළ කොල්ලෙක්නෙ!!!!!!!!!!!!!!1
ReplyDeleteElama kiri :D
ReplyDeleteමේ අර අපේ වෙඩින් එකේදි අර පොඩි එකාව පොන්ඩ් එකට විසිකරපු කොල්ලා. අර උදේ පාන්දරම ඇඳෙන් බහිද්දි ජොනියෙක් ඇඳයටින් ඇදල අරගෙන වක්කරගන්න බුවාගේ පුත්රරත්නේ.
ReplyDeleteහප්පේ මේ ඕශධ කියන්නෙ අපේ ඕශධය නේද? දැන් මූත් බ්ලොග් සීන් එකට බැහැලද?
ReplyDeleteමූටනං ලියන්න සෑහෙන සීන් තියෙනවා. මේකට කිව්ව කීපවතාවක්ම ලියපං කියලා. තාම නෑ ලියන්න පටංගෙන.
ReplyDeleteලියන්න නම් ඕනේ තරන් දේවල් තියනව බන් එත්... එක පටන් ගන්න එක තමි අමාරු!!!
ReplyDeleteමම හිතන්නෙ අද තමයි මේ පැත්තෙ ආවෙ. පට්ට බ්ලොග් එක. හික් හික්!! ලොවෙත් නෑ
ReplyDelete@gadol: එල. වෙල්කම් වෙල්කම්.
ReplyDelete@Oshadha: කිසිම අමාරුවක් නෑ බං. උඹ අපිට කියනවා වගේම ලියලා දාපං.
ReplyDeleteකොල්ලා ලොකු වෙලා බ්ලොග් කාරයෙක් වෙයි!
ReplyDelete