එක දවසක් පාසල් වැඩ ඇරිල හවස 6ට විතර ගෙදර යන්න කියලා කාරෙකට නැග්ගා. දෙහිවල හන්දියේ කලර් ලයිට්ස්වල නවත්තගෙන ඉන්නකොට පාසල්ට එක පාරටම ගෙදර නොගිහිං Head office එකට යන්න හිතුනා. මේක "අහා" සිතුවිල්ලක් උනත් මේක අහේතුවකට පහල උන එකක් නම් නෙමේ. තත්පරයකටත් අඩු කාලයක් ඇතුලතයි මේ ඔක්කොම සිද්ධ උනේ. ඒ කියන්නේ පාසල්ගේ මුළු ජීවිතයම ඒ සිතුවිල්ලෙන් වෙනස් උනා.
වැඩකරගෙන ගියතැන සිද්ද උනු හැම දේම අමතක කරල දාලා ජොබ් එකෙනුත් අස් වෙලා හිත හදාගෙන අළුත් තැනක රස්සාව පටන් ගන්න පාසල්ට තිබ්බේ සති 2කටත් අඩු කාලයක්. මාස ගානක් තිස්සේ "සුද්දා try again කිව්වෙ නිකං නෙමෙයිනේ.." කියලා පහුගිය කාලේ පාසල් සැහෙන ගේමක් දුන්නා කොට ජීවිතේව සෙට් කරගන්න. ඒ එකකින්වත් කිසිම සුභ ප්‍රතිඵලයක් ලැබුනේ නෑ. සමහරක් වෙලාවට පාසල් වැඩපලේ ළඟින්ම ඇසුරු කරන කීප දෙනෙක් එක්ක "මට කොටාව සෙට් උනොත් මම මේ හැම දේ ම අත ඇරල දානවා.. මට ඒ ඇති.." කියලත් තිබ්බා. ඒ හැම වෙලාවකම ඒ කතාවට හරින්දයා (ඩයියා) හිනා උනේ "අනේ පලයං උඹ වෙනස්වෙන්නේ නෑ.. උඹ කවද්ද බං සීරියස් උනේ.." කියලා. ඩයියට එහෙම කියන්නත් හේතු ගනනාවක්ම තිබ්බා.
කාලය බිසී සේ ගෙවිලා ගියත් පාසල්ට වැඩපලේ සෑහෙන වැඩ කන්දරාවක් කරගෙන යන්න සිද්ද උනත් වැඩපලේ කෙල්ලන් හා ඇන්ටිලා අතරේ චාටර් නමක් හදාගන්න පාසල් අමතක කලේ නෑ. පාසල් මුලින්ම කොට ජීවිතේ දැක්කේ මාස ගානකට කලින් එක දවසක් එක මොහොතකට විතරක් උනත් ඒ වෙනකොට පාසල් head office එකේ චා වෙලා ඉවරයි. ඒ වෙලේ පාසල්ට කොට ජීවිතේ එක්ක කතා කරන්න අවස්තාවක් නොලැබුනත් පාසල් එතන හිටපු කොට ජීවිතේගේ ටීම් ලීඩ්ගෙන් අසා බැලුවා. ඒත් එයින් කිසිම ඵල ප්‍රයෝජයනක් නොතිබුනු නිසාත් ඒ දවස්වල පාසල් වෙනත් කටයුතු රාශියක නියැළුනු නිසාත් පාසල්ට ඊට පස්සේ කොට ජීවිතේ හමු උනේ නෑ.
Head office එකේ කිහිප දෙනෙක් එක්ක වැඩකරන්න ගත්තු දවසක පාසල්ට කොට ජීවිතේ ආයෙත් හමු උනා. ඒත් ඒ වෙනකොට පාසල් කොට ජීවිතේ එක්ක කතා කරල නැති නිසා ඒ අවට හිටපු කිහිප දෙනෙක්ගෙන් (Faz, ප්‍රභාත්, සුසන්ත) කොට ජීවිතේ ගැන පොඩ්ඩක් හොයා බලන්නට පටන් ගත්තා. ඒ ලැබුනු ආරංචිවලින් වැඩි හරියක් ඒවා පාසල්ට සුභදායී උනේ නැති නිසා පාසල් කෙලින්ම කොට ජීවිතේ එක්ක කතා කරන්නට පටං ගත්තා. කතාව දිගටම කරගෙන යන්නට තරම් කොට ජීවිතේ ගැන නොදන්නා නිසා කතා බහ නිතරම කොට ජීවිතේට ඇණයක් වෙලා නැවතුනා.
මේ කියන දවස වෙනකොට කොට ජීවිතේ ගැන අදහසක් තිබ්බත් ඒක පාසල්ගේ හිතේ තියෙන හීනයක් හැටියට සීමා වෙලා තිබ්බේ. ඒකට හේතු උනේ පාසල් වැඩකරන තැන ඉඳලා head office එකේ කොට ජීවිතේ බලන්න කියලා බයිල ගගහා එහෙට ගියත් කොට ජීවිතේ එක්ක පාසල් හිතාගෙන හිටපු කිසිම ආකාරයක කතා බහකට කොට ජීවිතේගෙන් ඉඩක් නොලැබුනු නිසා. මීට දවස් කීපයකට කලින් අන්තිම last try එක කියලා පාසල් කොට ජීවිතේට lunch වලට එලියට යන්න අඬගැහුවත් ඒකට කොට ජීවිතේ සෑහෙන සැරින් බැනපු නිසා පාසල් වෙන අතක් බලාගන්නම් කියලා එදා හිත හදාගත්තත් සැරින් සැරේ යටි හිතින් පාසල්ට හිතුනේ කොහොමින් හෝ කොට ජීවිතේ එක්ක එක මොහොතක් නිස්කලන්කව කතා බහ කරන්න ලැබුනොත් කොට ජීවිතේ පාසල්ට කැමති වෙයි කියලා.
ඒ පහල උනු "අහා" සිතුවිල්ලට පාසල් head office එකට ගිහිං කෙලින්ම 3වන මහලේ වැඩකරන කොට ජීවිතේ ගාවින් හිටගත්තා. පාසල්ගේ පලපුරුද්දේ හැටියට පුළුවන් හැකි උපරිමින් ඇණයක් වෙලා හරි කමක් නෑ බලෙන් වගේ කාරෙකෙන් ඇරලවන්න කොට ජීවිතේව කැමති කරගෙන පාසල්ගේ හිතේ තියෙන අදහස කියා දාන්න අවස්ථාවක් ලබාගන්න කරන අන්තිම වෑයමයි මේ. මේ සිදුවීම ඇදහිය නොහැකි එකක් උනා. "අහා" සිතුවිල්ලෙන් පාසල්ගේ සිහිනය සැබෑවෙලා කොට ජීවිතේ කාරෙකේ එක්කගෙන ගිහින් ගෙදරින් ඇරලවන්න පාසල්ට අවස්ථාවක් ලබාදෙන්න කොට ජීවිතේ කැමති උනේ ඔය කියන්නා වාගේ බෑ කියපු හැම දේටම පාසල්ට වාසිවන ආකාරයට කොට ජීවිතේට උත්තර නැතිවෙන විදියට ප්‍රශ්න අහලා කරකියාගන්න දෙයක් නැතිව කොට ජීවිතේට පාසල්ගේ කාරෙකෙන් යන එක ඇරෙන්න වෙනත් ක්‍රමයක් නැතැයි කියන අදහස computer virus එකක් වාගේ කොට ජීවිතේගේ හිතට ඇතුළු කරපු නිසා වෙන්න ඕනේ.
අතර මගදී කොට ජීවිතේගෙන් නොයෙකුත් ප්‍රශ්න අහන්න පාසල්ට සෑහෙන අවස්ථාව ලැබුනේ ගාලුපාරේ පට්ට traffic එකේ කොට කොට යන්න උන නිසා. මේ හැම ප්‍රශ්නයකටම ලැබුනු උත්තරවලින් පාසල් සෑහීමකට පත් උනත් ඇත්ත පාසල් මොනවගේ කෙනෙක් ද කියලා කියන්නවත් කොට ජීවිතේ අවස්ථාවක් උදාකර දුන්නේ නැති නිසා තවත් ටික වෙලාවක් කොට ජීවිතේ එක්ක නිදහසේ පිළිසඳරේ යෙදෙන්න පාසල් වාද්දුවේ saffron hut එකෙන් බීම බොන්න යෝජනා කලා. Suffron hut එකේ කතාවෙන් කොට ජීවිතේගේ මොලේ කා දමන්න පාසල්ට හැකියාවක් උදා උනත් පාසල්ට උවමනා උනේ තමන්ගේ ඇත්ත තත්ත්වය කොට ජීවිතේට තේරුම්කර දී ඒ අනුව කොට ජීවිතේගේ මුහුණේ දිස්වන අදහස් දැකබලා ගන්නයි. කෙසේ හෝ පාසල් කොට ජීවිතේට කියූ බොරු ටික ඒ ආකාරයෙන්ම මේ කණෙන් අහලා අනික් කණින් පිටකර ඇතත් පාසල් හිතුවාට වඩා සෑහෙන පහත් තත්තවයකට පාසල්ව දමා ඇති බව ඒ කතාබහින් පාසල්ට දැනගන්න පුළුවන් උනා. මේක හොඳ ලකුණක් හැටියට පාසල් දැක්කේ මෙතැනින් එහාට "මම එල කොල්ලෙක්.." කියලා රඟපා පෙන්නන්න ඕනෙ නැති නිසා. මොකද, හිතන තරම් යකා කළු නැති විත්තිය කොට ජීවිතේට දැන් දැන් ඉබේටම වැටහෙන්නට පටන් ගන්න නිසා.
කොට ජීවිතේ එක්ක කාරෙකේ යනගමන් පාසල්ට නිතරම මතක් උනේ Clint Eastwood ගේ Million Dollar Baby film එකේ දෙදෙනෙක් අතර සිදුවුනු වින්නැහිය පිලිබඳවයි. ඒ Clint Eastwood ගේ හැටියට ජීවිත දෙකක් නොසිතූ හැටියට වෙනස් උනා වාගේ පාසල්ගේ ජීවිතයත් "අහා" සිතුවිල්ලක් නිසා සැනෙකින් ගත්තු තීරණයකින් නොසිතූ ආකාරයට වෙනස් උනා. ඒදා ඒ තීරණය නොගෙන පාසල් කෙලින්ම ගෙදර ගියානම් මේ වෙනකොට පාසල් කොයිතරම් දුරට නන්නත්තාර වෙලා ඉඳීද කියලා හිතාගන්නත් අමාරුයි.
ඇත්තටම ඔයා එදා ආවේ නැත්නම් අද අපි දෙන්න කොහෙ ඉඳීද කියලා මට හිතා ගන්නවත් බැහැ.
ReplyDeleteඑක සිතුවිල්ලකින් ජීවිතේ සෑහෙන වෙනසක් සිදුවෙන්න පුලුවනි.
ReplyDeleteහැමදේම වෙන්නේ කිසියම් සැලැස්මකට.... අන්තීමට පාසල් අයියා ගොඩින් වැඩේ ගොඩ දාගත්තා නේ....?
ReplyDelete@MaRLaN: මොන පිස්සුද. ගොඩින් නෙමේ. පුදුමාකාර කට්ටක් කාලා අතෑරල දාල ඉන්නකොට තමයි සෙට්ටුනේ :-)
ReplyDelete@RoshanHerath: අනිවා ඩෙෆා. මේ කතාවත් එහෙම වෙච්ච එකක්.
ReplyDelete@කොටජී විතේ: ඒකනම් මම නිතරම හිතල සතුටුවෙන දෙයක්.
ReplyDeleteකොහොම කොහොම හරි ඒක ඉතින් උනා :-)
ReplyDeleteඅනේ බන් උඹලා දෙන්නගේ උසවල් කියපල්ලකෝ
මේ කොට ජීවිතේ කිව්වම මට හිතෙන්නේ උඹ අඩි 6+ සහ කොට 4+ කියලා :-D
@ම: හික්ස්. එච්චර උස නෑ. 5+ සහ 4+.
ReplyDeleteහ්ම්.. දැන් පාසල්ගෙ පැත්තෙනුත් අපිට කතාව අහන්න පුලුවන්. මෙච්චර දවස් කොට ජීවිතේ (අයියෝ කටක් ඇරල මේ නම කියන්නෙ කොහොමද?)පාසල්ව දකින විදිහනෙ අපි කියෙව්වෙ. දැන් හොඳයි. දෙපැත්තම fair.
ReplyDeleteමමත් ඔහොම සිතුවිල්ලක් නිසා තමා මගෙ භාර්යාව හම්බ උනේ ඇයි මන්දා එහෙම වෙන්නෙ
ReplyDeleteඒව හරි අසාදාරනයි දෙපත්තෙන් කතාව කියන්න පටන් ගත්තේ "සීතල ඇස්" / "සුරඟන ඇස්" වල... එහෙම කියනවනම් අපිට වැදල පටන් ගන්න :P
ReplyDeleteඅයියත් දැන් කතාව කියන්නකො බලන්න කොට අක්ක මොනාද අතින් දැම්මේ කියලා බලාගත්තැකිනෙ..... ඒ දවස් වල කට්ට කැවටත් එක්ක දැන් හම්බෙනවනෙ නේ ;)
@ පිනිබිදු අක්කා -
ReplyDelete"කොට අක්කා" කියපුවම ඇති... ගනන් හදල බලපු විදිහට කොට අක්කට දැන් 53ක් විතර වෙනවා ඇක හින්ද බය නොවී කිවුවෑකි
@Marlan : ශා... ඔයාට හොඳට ගනන් හදන්න පුලුවන් නේද? හොඳ වෙලාවට මම ඔයාට වඩා අවුරුදු 10ක් විතර බාල උනේ. :D
ReplyDelete@පිණිබිඳු : ඔයාට කට ඇරලා ඕක කියන්න බැරි උනාට ඉස්සර සමහරු මට කියන්නෙම ඔහොමනේ. ඒ අතින් බලද්දි ඔයා කොච්චර හොඳද? බලන්න මගේ ඇහැට කඳුලුත් ආවා. :D
ReplyDeleteහත් ඉලව්වයි...මම මේ පැත්තේ ආව මුල්ම පාර නේ බොලේ...මම සිරාවටම දැනන් ඉදියේ නෑ නේ මේ වගක්...දැන් ඉතින් මුල ඉදලා පාසල් අයියගේ බ්ලොගය කියවන්න එපැයි...හිටු මේක කියවලම වැඩ පටන් ගන්න
ReplyDeleteඅපි නරකයි කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ ඇතුලාන්තය අපි හිතනවට වඩා ගොඩක් වෙනස් ... ඒ මිනිස්සු නරකයි(නරකයි කියන එක අර්ථදක්වන්න මං දන්නෙ නෑ) කියල අපි කියන්නෙ ඒ මිනිස්සු කරන වැඩ කරන කතාවල් වල සංශිප්තයක් සලකලයි... නමුත් ඒ අයත්ගෙ මුලු ස්ටෝරි එකම දන්නව නම් අපි එහෙම කියන්නෙ නෑ ... ඔය ගොඩක් නරකයි කියන හොද අය සමාජයට පේනනෙ අමුවෙන්මයි... ඒ කියන්නෙ ඒ අය කතාකරන්නෙ වැඩකරන්නෙ සංස්කරනයකින් තොරවයි ... අර සද්දෙන් හිතන්න යනව වගේ :D
ReplyDeleteමේ කතාව ඇත්තටම සිරා ... මටත් එහෙම අහා සිතුවිල්ලක් එනකම් තමයි මාත් බලන් ඉන්නෙ : )
ඔයාගේ කතාවනම් සහතික ඇත්ත සහෝධරයෝ. මිනිස්සු සමාජය ඉස්සරහ ඉන්නේ තමන්ගේ ඇත්ත මූණ වහගෙන. ඒක නිසා පිටින් බලලා කියන්න බැහැ එයා කොයි වගේ කෙනෙක්ද කියලා.
ReplyDelete@ machan Pasal
ReplyDeleteSuffron hut එකේ කතාවෙන් කොට ජීවිතේගේ මොලේ කා දමන්න පාසල්ට හැකියාවක් උදා උනත් ???? Kohamada macho මොලේ කා දමන්2න ???
:P
ReplyDelete@නිශ්: අහන්නත් සතුටුයි.
ReplyDelete@පිණිබිඳු: අපි දෙන්නගේ කතාන්දර දෙකේ වැඩි වෙනසක් නෑ.
ReplyDelete@bluesky: ඒකට සිංහලෙන් කියන්නේ බ්‍රේන්වොෂ් කරනවා කියලා :-D
ReplyDelete@සහෝධරයා: ඒ මාතෘකාව ගැන සෑහෙන වෙලාවක් කතා කරන්න පුලුවන්. ඒතරමට දේවල් තියෙනව කතා කරන්න.
ReplyDelete@MaRLaN: නිකන් ලැබෙන දේ අගයක් නෑ කියල කියනවනේ. කට්ටක් කන්න ඕනේ ඒකේ අගය තේරෙන්න නම්. කට්ට කාපු එකා තමයි කට්ටෙ ආතල් එක දන්නේ :-D
ReplyDeleteහා හා.. කොට ජීවිතේගේ වයස වැඩි කරන්න එපා. එතකොට මගේ වයසත් ඊට සාපේක්ෂව සෑහෙන්න වැඩිවෙනවා. එතකොට ඒකට සාපේක්ෂව Observer ගේ වයසත් පට්ට විදියට වැඩිවෙනවා :-D
@රත්ගමයා: හාලෝ welcome කියලා පිලිගන්නවා.
ReplyDeleteඒ පැත්ට දුවලා මේ පැත්තට දුවලා කතාවක් බැලුවා !! ..මට හති වගේ ..කමක්නෑ මහන්සි නොදැනෙන කතාවක් ..ඇයි මෙහෙම කතාවක් බ්ලොග් අවකාසේ කවුරුත් ලියලා නෑ ..ඒකනිසා මම කැමතියි .. අනික මම කැමති හැපී එන්ඩිං වලට මේක එහෙම එකක් කියලා මම හොඳටම දන්නවා ..ඒ නිසා බලනවා
ReplyDeleteඒ උනාට බං ලක් එක තියෙන්නත් ඕන. දැං බලහං, උඹ මම වගේ එකෙක් උනා නං කොච්චර බොක්කෙං ට්‍රයි කළත් කවදාවත් වැඩේ හරියන්නෙ නෑ. ලක් එක තියන එකා ආතල් එකට කලත් 10-15 සෙට් වෙනවා.
ReplyDeleteඅපි කොහොම හිතුවත් මාත් හිතන්නේ අපේ ජීවිතේ ගමන් කරන විදිහක් ලියවිලා තියනවා...
ReplyDelete@හිස්: කොහෙද අනේ දුවන්නෙ ඒ පැත්තට මේ පැත්තට හරව හරව පිටිපස්සට!
ReplyDelete@budhajeewa: මමත් ඉතිං උඹ වගේම තමා. වැඩි වෙනසක් නැහැ. ලක් එක නම් ඕනේ තමා.
ReplyDelete@ItalyDilan: ඔව් එහෙම වෙන්න පුලුවන්. ඒත් තමන්ට අවශ්‍ය නම් ඒක වෙනස් කරගන්නත් පුලුවන්.
ReplyDeleteඑහෙනම් මට සමාවෙන්න අයියේ.....
ReplyDeleteයකෝ මුන් ගණන් හදන විධියට ඔබ්සර්වර් මැරිල, වලදාපු තැන්වල,හෙන ගසුත් වැවිල.
ReplyDeleteඒක තමයි මමත් මේ MaRLaN ළමයට කිව්වේ. අනික ඔයතරම් වයසක අය වලලන්නෙ නෑනේ. ආදහ්නය කරනව ඇරෙන්න, නේද :-D
ReplyDeleteපාසල් වගේ එකෙක් අමාරුවෙ දාන්න කොට ජීවිතේ මායම් කීයක් නම් දාන් ඇත්ද?
ReplyDeleteකාටවත් හිතෙන්නෙ නැද්ද පාසල් අයියා ලගදි ලිව්ව දිගම පොස්ට් 1 මේක කියලා. හිකිzzzz
ReplyDeleteඔය දෙන්නටම ගොඩාක් කාලයක් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා අයියේ... :)
ReplyDelete@Gayan: ඔව්මයි. මල්ලි හරි මල්ලි. මේක් තමා මම ලියපු දිගම කතාව.
ReplyDelete@තාරා: තැන්කියූ සෝ මච් ඇන්ඩ් විශ් යූ ද සේම් :-)
ReplyDelete@රංග: සමහරක් විට වැඩිය දාන්න වෙන්න නැතිව ඇති මගේ හිතේ :-D
ReplyDelete@රංග: කොහොමත් අමාරුවේ දාන්න දෙයක් තිබ්බෙ නෑ ඒ දවස්වල මම කොහොමත් සෑහෙන ලොකු වලක් කපාගෙන හිටියේ :-D බැන්දයින් ගොඩ ගියා.
ReplyDelete@රංග : මායම් දාහක් විතර දැම්ම පාසල්ව අල්ලගන්න... :D
ReplyDeletehttp://kathandara.blogspot.com/2011/02/blog-post_11.html#comment-form
ReplyDeleteකතන්දරගේ මේ පොස්ට් කියෙව්වේ නැත්නං කියවල බලන්න විශේෂයෙන්ම කොමෙන්ට්ස්.
@Observer, Kathandara: මට තේරෙන්නේ නෑ. දැං රණමුඛ කියන්නේ කොටියෙක් ද?
ReplyDeleteනැහැ බොලේ මදුරුවන්ට ඊට වඩා ටිකක් ලොකු වගේ පේන ඕනෙම සතෙක් පේන්නෙ උට ඇටැක් එකට එන එකෙක් වගේ.
ReplyDelete