Tuesday, April 12, 2011

බැංකු පාස්පොත නැතිව සල්ලි දෙන්නේ නෑ

පාසල්ට දවසක් බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ වෙලා බැංකුවට යන්නම උනා. මේක ඉතිං සාමාන්‍යයෙන් පාසල් කරන්න කැමති වැඩක් නෙමේ. මොකද, පාසල්ට, Identity card එකත් නෑ, බැංකු පාස්පොතත් නෑ. ඉතිං කොහොමද සල්ලි ගන්නේ බැංකු කවුන්ටරෙන්. පාසලුත් කරන්නේ මේ වගේ වෙලාවට සල්ලි අතට ගන්නේ නැතිව අදාල බැංකු ගිණුමට සල්ලි යවන්න කියලා ලියුමක් ලියලා දීලා එනවා. බැංකුවේ කට්ටිය ඉතිං වැඩේ හිමිං සැරේ කරල තියනවා.

මේ සීන් එකට පාසල්ට එහෙම කරන්න බැරි උනා. සල්ලි අතට ගන්න ම උනා. ඉතිං පාසල් බැංකුවට ගිහිං "මුදල් ආපසු ගැණුම්" කොළයක් පුරවගෙන කවුන්ටරේට ගියා. Identity එක වෙනුවට Driving License එක දුන්නා. දැං ඉතිං කවුන්ටරේ ඉන්න මිස් පාස්පොතක් ඉල්ලනවා.

පාසල් : මිස්.. පාස්පොත නැතිවෙලා දැං අවුරුදු 7ක් විතර වෙනවා. මම බැංකුවට දන්වලා තියෙන්නේ.
මිස් : අපි සල්ලි දෙන්නෙ නෑ පාස්පොත නැතුව no talking පොඩ්ඩක් මැනේජර්ට කතා කරනව ද ඔහොම්මම ගිහිං.
පාසල් : මේ වගේ පොඩි සීන් එකකට මැනේජර් ගාවට යන්න අවශ්‍ය නෑ නේ මිස්.

දැං ඉතිං පාසල්ට මල. දැං මිස් කැමති නෑ සීන් එක මැනේජර්ට ගිහිං කියන්න. ඉතිං මිස් පාසල්ට maxxa ටෝක්ස් ටිකක් දෙන්න ගත්තා.

මිස් : පාස්පොත නැති උනානං ඔයා affidavit එකක් දෙන්න පාස්පොත නැති උනා කියලා. අපිට ඔයාගේ ගිණුම වහල අලුත් එකක් ඇරලා එකට පාස්පොතක් දෙන්න වෙනවා nerd
පාසල් : එතකොට මට සල්ලි ගන්න පුලුවන් ද batting eyelashes
මිස් : ඔව්.. එතකොට ඔයාට සල්ලි ගන්න පුළුවන් angel

ඇත්තටම ඒක නං maxxa කතාව. පාස්පොත නැතුව සල්ලි ගන්න බෑ. ගිණුම වහන්න පුළුවං. එතකොට ඒකේ සල්ලි වෙන ගිණුමකට මාරු කරන්න පුලුවං. ඕනේ නං සල්ලි අරං යන්නත් පුළුවං. මාර කතාවක් නේ කියන්නේ rolling on the floor දැං ඉතිං පාසල්ට මේ මිස්ගේ ටෝක්ස් අහගෙන ඉන්න අමාරු තත්ත්වයක් උදාවේගෙන එනවා.

පාසල් : මේ මිස්.. මං හරිම හදිස්සි වැඩකට යනගමං ආවේ මගේ wedding එකේ වැඩකට සල්ලි ගන්න. ඔයාට දුන්න DL එකේ හැඳුනුම් පත් අංකේ තියෙනවා. ඔයා අර අතන තියෙන "P" ලාච්චුවේ මගේ ගිණුම් අංකෙට තියෙන mandate එක අරගෙන අත්සන තහවුරු කරගෙන මගේ සල්ලි දෙන්න. මම පස්සේ වෙලාවක එන්නං ගිණුම වහන වැඩේට.

මිස් ගිහිං ලාච්චුවෙන් පාසල්ගේ mandate එක ගෙනවා. ඒකේ හැටියට පාසල් කොළේ ගහපු අත්සන වෙනස්.

මිස් : මේ අත්සන වෙනස් වෙලා නේ rolling eyes ආයෙත් ගහන්න පුළුවන් ද?
පාසල් : big grin ඔව් වෙනස් ඇති. ඔය ඉතිං අවුරුදු ගානකට කලිං ගහපු එකක් නේ. දැං හරි ද බලන්න?
මිස් : නෑ සර්. මේ තියෙන්නේ. මේ විදියට ගහන්න angel

හරිම අපූරු බැංකුවක්. පාසල්ට ගහන්න ඕනේ අත්සනත් පෙන්නුවා. පාසලුත් ඉතිං ඒක බලාගෙන ගහලා, mandate එකේ තිබ්බ පරණ අත්සන කපලා අලුත් අත්සනත් ගහලා සල්ලි ටිකත් අරගෙන ගියා. ගිණුම් වැහුවේ නෑ. මේ වගේ Customer service එකක් පාසල්ට වෙන බැංකුවලින් ලැබෙයි ද rolling on the floor

17 comments:

  1. ඔය බැංකුව නිල් පාට එකක්ද ? රතු පාට එකක්ද? හික්ස් !!!!!!!!!!

    ReplyDelete
  2. හික්ස්.. නෑ මේක රතු නිල් බැංකුවක් නෙමේ.

    ReplyDelete
  3. කහ පාට අකුරු තුනේ එකක්ද?

    ReplyDelete
  4. හිහ් හිහ්.. නෑ.. මේ ඒ බැංකුවත් නෙමේ..!

    ReplyDelete
  5. මේක ජහමන බැංකුව වෙන්න ඕනි මටත් ඔහොමම වැඩක් උනා බැංකුවකින් මාර නීති තමා

    ReplyDelete
  6. මටත් ඔහොම වැඩක් උනා,,අපේ ගෙදරින් පොඩි කාලේ පටන්ගත්ත 18 අඩු ගිනුමෙන් මම අවුරුදු 23 දී ගියා ගිනුම අස් කරලා සල්ලි ගන්න,,මුන් කියාපි දෙමවුපියෝ දාපු සල්ලි ගන්නේ මොකටද,,මේක ඔහොම්ම තියන්න,,,පස්සේ කාලෙක ගන්නල්ලු,,ඇයි දෙයියනේ උන් බලෙන්නේ අපේ සල්ලි තියාගෙන ඉන්නේ,,ඔන්න ආයේ කියනවාහරි මේකේ සල්ලි වෙන ගිනුමක් තියනවා ඒකට දාන්න 50000 තිබුනොත් බදින දවසේ මුද්දක් තෑගි දෙනවලු,,,හික්ස්,,ඔන්න වැඩ කොහොමහරි ඒ කතාවලින් බේරිලා සල්ලි ටික අරගත්තේ බොහොම අමාරුවෙන්.

    ReplyDelete
  7. මටත් පාස් පොතක් නැ ඉන්ටර්නෙට් බැන්කින් සහ ATM එකට පිංසිද්ධ වෙන්න ඉන්නව.. ඔය අත්සන ගහන වඩෙ තමෛ මට පෙන්නෙම බැරි... අකුරු කොටල මිසක් ලියල පුරුද්දක් නැනේ.. :)

    ReplyDelete
  8. ජහමන එකේ මටත් ගිණුමක් වහන්න ගිහින් අමු බොරුවක් කියන්න වුනා. මම ඒක පාවිච්චියක් නැති නිසා තියෙන පොඩි ගාන ගන්න ගියේ. මුන් ටික ඒකට හොඳ හේතුවක් අහනව. මම කිව්වා වැඩි දුර අධ්‍යාපනයට ඇප්ලිකේෂන් දාන්න කියල. එපා කියන්නයැ.

    ReplyDelete
  9. මම හිටන්නේ බැංකුවෙන් කරපු වැඩේ හරි.ඔය account එක ඔපෙන් කරනකොට application එක කියෙව්වනම් ඕක වෙන්නේ නැහැ. මොකද හුගක් application වල තියනවා pass පොත නැතුව සල්ලි දෙන්නේ නැහැ කියල .

    ReplyDelete
  10. හරි හරි ඔය ජහමන එකෙන් තමයි මටත් එක සැරයක් සල්ලි ගන්න ගිහින් මගෙ පොඩි කාලේ ගිනුම වහලා සල්ලි ගන්න ගියාම දෙන්නම බැ වෙන ගිනුමක් හදාගන්න කම් කිව්වා...මොකක්ද ඇති වැඩේ...එකෙන් හැදුවත් මම සල්ලි ගන්නවා..මෙකෙන් දුන්නත් ගන්නවා..එකම දේ අරක හදන කම් කන කට්ට...බලද්දි පාසල් අයියේ මේක නේද බැංකුව...

    ReplyDelete
  11. @නිශ්, ItalyDilan, Naveen, පිටස්තරයා, නිම්ශා : මේ සීන් එක නම් ඔය කියන බැංකුවෙත් නෙමේ :D.

    මට පොඩි කාලේ ඔයාල කියන බැංකුවෙත් ගිණුමක් තිබ්බා. ඒකේ ඒ කාලේ තිබ්බේ රු. 6.40ක් විතර. මම ඒක ගන්න ගියාම මැනේජර් අම්බානේට බැන්නා එයාට මගේ ගිණුම වහන්න යන cost එක ඊටත් වැඩී කියලා. මමත් ඉතිං නෑ මට සල්ලි එපා කියලා ආවා.

    ReplyDelete
  12. @Harsha : හරි ඉතිං සල්ලි දෙන්න බෑ කියමුකෝ. ඒත් පාස්පොත නැතුව කොහොමද මම එහෙනං ගිණුම වහන්නේ? ඒකේ තියෙන සල්ලි අලුත අරින ගිණුමට මාරු කරන්නේ? අන්න එතන තමයි සිස්ටම් බොලගේට් වෙලා තියෙන්නේ :D

    ReplyDelete
  13. ඇත්තටම බැංකුවක්ද? කියල කියවල බලන්න මේක.


    http://onezerozerowords.blogspot.com/2011/03/blog-post_28.html

    ReplyDelete
  14. ෂෝක් බැන්කුව............ හික්ස්z..........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  15. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  16. @Obs : ඉයෑක්කා.. පට්ට කතාව :D

    @Kathandara : ජය වේවා!

    ReplyDelete
  17. මේ බෑන්කුව ගෑනත් බලන්න ලන්කවෙ වගෙඩ කියල...

    http://www.personalloans-singapore.com/index.html

    ReplyDelete