Saturday, April 2, 2011

Extra-Mile සීන් එක manager කොහොම ද දන්නේ?

Willing to go extra-mile

මේ දවස්වල කස්ටිය හෝ ගාලා වැඩපලෙන් අස්වෙලා යනවා. හුඟක් තැන්වලින් අලුත් කස්ටිය ගන්නවත් එක්ක. නැත්තං ඉතිං අස්වෙලා කොහේ යන්න ද. පරණ අළුත් කියලා නෑ පාසල්ගේ වැඩපලෙන් අස්වෙලා යන උන්ට හොඳට සලකලා තමා යවන්නේ. වැඩපලේ කස්ටියටම එන්න කියල එක තැනකට සෙට්වෙලා manager ඉතිං බුවාගේ වටිනාකම කියලා.. කරපු වීර ක්‍රියා එහෙමත් කියලා... ඉස්තූති කතාවක් එහෙම කරනවා.

හුඟක් වෙලාවට මේ සීන් එකනම් ඉතිං වැඩපලේ ඉන්න කස්ටියට අමතක වෙන්නේ නෑ. මේක තමා යන කට්ටියට ලැබෙන අන්තිම චාන්ස් එක බනින්න ඕනේ උන්ට බනින්නත් ඉස්තූති කරන්න ඕනේ උන්ට ඉස්තූති කරන්නත්.

මේ වගේ පාසල්ලගේ වැඩපලේ "එලා" කියලා ඩයල් එකක් අස්වෙලා යන නිසා කස්ටියම සෙට්කරගෙන manager ඉස්තූති කතාව කරන්න පටන්ගත්තා.

Manager : ... actually this guy is an asset for any company he joins. එලා is a guy who is willing to go extra-mile ... thumbs up

ඔහොම කියලා හෙන ටෝක්ස්වගයක් දුන්න එලා ගැන. කතාව ඉවර උනාම බුවත් පටං ගත්තා ඉස්තූති කතාවක් කරන්න. ඒකත් නැගල ගියා. ඊට පස්සේ සාමාන්‍ය පරිදි කට්ටියම හොඳට සප්පායම් වෙනවා. හුඟක් වෙලාවට මෙහෙම සප්පායම් වෙනගමන් තමයි කට්ටියම අස්වෙලා යන බුවාට පෞද්ගලිකව කතා කරලා සුභපතලා විහිළුවක් එහෙම කරලා ඉන්නේ.

බෙහෙතා: මේ.. මොකද්ද බං අර උඹේ extra-mile කියලා කිව්වේ?
එලා: Extra-Mile confused
බෙහෙතා: ඔව්.. උඹේ extra-mile කියලා මයිල් වැඩි සිද්දියක් ගැන manager හැමෝම ඉස්සරහ කිව්වේ big grin

oh go on
එලා: ඒක තමා මටත් හිතාගන්න බෑ manager කොහොම ද ඒක දන්නේ කියලා thinking
පාසල්: ඒක තමා මමත් මේ බැලුවේ හැමදාම commode එක වටේට කලුපාටට මයිල්ගස් වැටිලා තියෙනකොට මොකාගෙද කියලා rolling on the floor

8 comments:

  1. මෙට්‍රික් ක්‍රමේට එක්ස්රා කිලෝ මීටර් කිව්ව නං ඔය අවුල වෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
  2. කිලෝ මීටර් හරියට රයිම් වෙන්නෙ නෑ නේ..

    ReplyDelete
  3. පාසල් ගේ කට නං මරු.

    ඒක නෙමේ මං නං මගේ කතන්දර වල කියන්නේ වැඩපොල කියලයි work-place එකට. වැඩපල කිව්වාම නිකං work etc. වගේ අදහසක් නේද එන්නේ?

    ReplyDelete
  4. හික්.. එල කතාව...

    ReplyDelete
  5. ඉතාම ලොල්.........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  6. පොරට අස්වෙන එක හොදයි කියල හිතෙන්න ඇති මේවගේ උන් එක්ක ඉන්නවට වඩා...

    ReplyDelete
  7. Mens Titanium Necklace - Titanium Arts
    The Mens Titanium Necklace is a traditional cut from the ground into a titanium curling wand 3 rainbow titanium piece stainless ceramic vs titanium steel mens titanium watches case oakley titanium sunglasses with two teeth. It is designed to hold the necklace in a

    ReplyDelete