දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්රාන්ච් එකේ වෙච්ච පරණ සිද්දියක් කිව්වා.
මහජන බැංකුවේ head office branch එකට අලුත් manager නෝනා කෙනෙක් ආවා. Staff එකේ කට්ටිය ඉතිං නිවාඩු approve කරගන්න manager නෝනා ගාවට ගියාම හුඟක් අය පට්ට විදියට බැනුම් අහගන්නවා "පෞද්ගලිකයි" කියල reason එකට දාගෙන ගියාම. ඉතිං ආයෙත් ඒක කපලා අලුත් එකක ඇත්ත හේතුවක් හරි නැත්තං මොකක් හරි බොරුවක් ලියාගෙන ඇවිල්ල approve කරගන්නවා. Approve කරන ගමං දාහක් විතර ප්රශ්නත් අහනවා.
දවසක් staff meeting එකකදී manager නෝනා මේ "පෞද්ගලිකයි" කියලා නිවාඩු කොළ අරගෙන එන්න එපා කියලා පොඩි සද්දෙකුත් කස්ටියටම දැම්මා. හැමෝටම අම්බානෙට මලත් පැනල සීන් එකට.
Staff meeting එක ඉවර උනා විතරයි එක්කෙනෙක් නිවාඩු කොලයක් අරගෙන ගියා manager නෝනා ගාවට. බුවා ඔරොප්පුවටම "පෞද්ගලිකයි" කියලා ලියාගෙන ගියා. Manager නෝනට පට්ට මල. බැනල එලවලා හරි හමං reason එකක් දාගෙන එන්න කියලා.
බුවා කුපාඩිකමට පට්ට reason එකක් දාගෙන ගියා. එදායිං පස්සේ manager නෝනා "පෞද්ගලිකයි" කියල නිවාඩු කොලයක් ආවම හ්ම් සද්දයක් නැතිව approve කරල දානවා.
බුවා දාපු reason එක "බිරිඳ සමඟ සංසර්ගයේ යෙදීමට නුවර යාම".
පට්ට කතාව... අනුන්ගෙ කෙහෙල් මල් හොයනවට හොදම වැඩක්...
ReplyDeleteප්රයිවට් හේතුව නේ ඕනා ඉතින් හරිම උත්තරේ දීලා,,පොලව පලන් යන්න හිතෙන්න ඇති මැනේජර් නෝනට
ReplyDeleteඑළz........ ඔය වගේ උන් ඉන්නව ගොඩක් ආයතන වල....... කාලකන්ණි යක්කු
ReplyDeletehttp://aluthkolla.blogspot.com
ඇත්ත.. සහතික ඇත්ත.. මේ ළඟදි මං දන්න එකෙක්ගෙනුත් "ප්රයිවට්" කිව්වම "ප්රයිවට් මොකද්ද" කියල අහල තිබ්බා :-D
ReplyDeleteබැදපු නැති එකෙක්ට නම් කියන්න වෙන්නෙ බඩුවක් ගහන්න යනව කියල තමයි.. :D
ReplyDeleteඅප්පට බොල.. නොනාට සංසර්ගේ මතක් වෙන්ටැති :P
ReplyDelete"සංසර්ගයේ යෙදෙනවා!"
ReplyDeleteරමණීය කතාවකි.
ReplyDeleteකවුද නෝනා කියල ඇහුවෙ නැද්ද?
ReplyDelete"කොයි නෝනත් එක්ක ද?" කියල අහන්න ඇති සමහරවිට.. :-D
ReplyDeleteමැනේජර් නෝන නිවාඩු ගන්න කොට මොන වගේ හේතු දාන්න ඇද්ද?
ReplyDeleteහොද වැඩේ මැනේජර් නෝනට.. අනුන්ගේ ප්රර්යිවට් වැඩ හොයන්න ගියාට....
ReplyDeleteතියෙන හැම සිදුරකින්ම හිනා යනවා මේ කතාවටනම්. :D
ReplyDeleteහික්ස්! සිරා සිරා
ReplyDeleteඅම්මප යකෝ මේකා මොන නැකතට ඉපදිච්ච එකෙක්ද කියලා බැලුවෙ නැද්ද?
ReplyDelete