Wednesday, January 5, 2011

පාසල්ගෙ කාර් පැදිල්ල

පාසල්'ට ඩ්‍රයිවින් ලයිසන් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. ඩ්‍රයිව් කරලත් නෑ. පාසල්ට office එකෙන් කාරෙකක් දුන්න. ඒ ගමන පාසල් තව අතිජාතී මිත්‍රයෙක්ගෙ සහායෙන් ලයිසන් එකත් ගත්ත. දැං ඉතිං පාසල් ලෝඩ්පකීර් වගේ කාරෙකේ යන්න ගත්තා. යනවට වඩා හප්පනවා. ඒ එකකටවත් පාසල් වැරදි නෑ.

ඉස්සිස්සෙල්ලාම දෙහිවල පල්ලිය ඉස්සරහ Crystal super market car park එකේ නවත්තල තියෙන සුදුම සුදු කිරි ටොයියා Jeep එකක හැප්පුවා. Jeep එක හරියට පාක් කරල තිබ්බනම් හැප්පෙන්නෑ. සික්ක බැලුවෙත් නෑ. 119 කථා කරල Jeep එක පාසල්ව හප්පගෙන ගියා කියල කිව්ව.

ඊට පස්සෙ office car park එකේ නවත්තන්න ගිහිං තාප්පෙ හැප්පුව. කාරෙකේ ඉස්සරහ බොනට්‍ටුව එබිල දෙපැත්තෙන් එළියට පොඩ්ඩක් විතර පැන්නා. හරිහමං car park එකක් තිබ්බනං ඔහොම වෙන්නෙ නෑ. කොහොමත් එතන නවත්තන්න සෑහෙන හොඳ පලපුරුද්දක් ඕනෙළු.

Liberty Plaza car park එකෙන් එලියට ගන්නකොට ඉස්සරහ නවත්තගෙන හිටපු Double cab එකේ පිටිපස්සෙ හප්පල Nissan AD Wagon එකෙ ඉස්සර ඔක්කොම Wingroad එකක් කරන්න උනා. එකත් ඉතිං කාරෙකෙ gas ඉවරවෙලා break ඔක්කොම හිරවෙලා වෙච්ච වින්නැහියක්. Cab එකේනම් පිටිපස්සෙ number plate එක පොඩ්ඩක් ඇදවෙලා තිබ්බ. කාරෙක gas කරල තිබ්බෙ නැත්තං ඔහොම වෙන්නෙ නෑ.

ඔන්න දැං company එකේ CEO බලාගෙන ඉන්න බැරිතැන කථා කරල warning එකකුත් දුන්නා. පාසලුත් ඉතිං පරිස්සමෙන් එලවන්නම් කියල ආවා.

කියල කට ගන්න කලිං තවත් දවසක බොරලැස්ගමුව හංදියෙ බල්ලො ටිකක් පාරට දුවං ඇවිල්ල සෙට් එකම හප්පං ගියා නවත්තගන්න බැරි වේගෙන් ඇවිල්ලා. බල්ලොටික bowling cones වගේ විසිවෙලා ගියා. බල්ලො බේරන්න ගියානං පස්සෙන් ආපු Jeep කාරය අපිව යටකරං යනවා. ඒ නිසා කරන්න දෙයක් නෑ බල්ලො ටික යටකරන් ගිහින් නැවැත්තුවා. Number plate එක පොඩ්ඩක් ඇදවෙලා තිබ්බා. ඒක කෙලිං කරත් හරියන්නෙ නේ. පාසල් කිව්වෙ ඒ number plate එකෙ හැටි කියලා.

ඊට පස්සෙ තව යාලුවෙක්ගෙ office එක ඉස්සරහ විදුලි කණුවක හැප්පුවා. කරුවලේ රිවස් කරද්දි පෙනුන්නෑ. කවුද අනේ පාර මැද්දෙ කණු හිටවන්නෙ. යාළුවත් කිව්ව ඒ කණුවෙ හුඟක් අය හප්පගන්නව කියල.

ඔන්න ඉතිං දැං CEO'ට අම්බානෙට මල පැන්නා. GM'ට කථා කරල පාසල්ට advice කරන්නලු. GM කොහෙද පාසල්ට advice දෙන්නෙ, ඌ පාසල්ට හපං. ඌ තමයි පාසල්ගෙ competitor. ඒත් ඉතිං බුවා පාසල්ට call කරල පොඩ්ඩක් පරිස්සමෙන් එලවන්න කියල පොඩි advice එකක් දුන්නා.

දැං ඉතිං පාසල්ගෙ කාරෙක කාගෙත් සුන්දරී වගේ office එකේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම පදිනවා. පාසල්ට දැං කට ඇරල කියන්න පුළුවනි කවුරුහරි හප්පපු එකක් කියල. කරුමෙට පාසල් ඇරෙන්න වෙන එකෙක්වත් හප්පන්නෑ.

තව දවසක් පාරෙ වෙට්‍ටු දාන්න ගිහින් Audi කාරයෙක් ඇවිල්ල පස්සෙන් හේත්තු කලා. Audi එකෙ driver දත්මිටි කාගෙන steering wheel එක උඩ නැගගෙන break කරනව දැක්ක. හොඳ වෙලාවට අර කණුවෙ හප්පපු තැනමයි හැප්පුනේ.

ඔන්න තවත් දවසක් පාසල් යාළුවෙක්ව drop කරන්න කියල හෝමාගමට වැස්සෙ traffic එකේ wrong side යනගමං mate-50 එකක යන අංකල් කාරයෙක්ව හැප්පුවා. අංකල් කාරය විසිවෙලා ගියා හැබැයි ව‍ටුනෙ නැද්ද කොහෙදෝ. අංකල් shape shape කියල යන්න කිව්වා. Bike එහෙක යනවනං සිහිකල්පනාවෙන් යන්න ඕනෙනේ.

තවත් දවසක් ගාල්ලෙ town එකෙ පාරෙ අයිනට කරල නවත්තන්න ගිහිං නවත්තල තිබ්බ motor bike එකක silencer එකේ වැද්දුවා. කාරෙකෙ දොර පොඩ්ඩක් හීරිල ඇතුලට පොඩ්ඩක් කපාගෙන ගිහිං තිබ්බා. Bike එකක් park කරන්න ඔච්චර ඉඩ ඕනෙද. Shape එකෙ පැත්තකිං නවත්තල තියන්න තිබ්බනේ.

කොල්ලුපිටියෙ උදේ office hours වල වෙට්‍ටු දදා යනගමං ඉස්කෝලයක් ඉස්සරහ කහ ඉරේ නවත්තගන්න උනා. එකපාරට ටකස් ගාල සද්දයක් ආව නවත්තනකොටම. පිටිපස්සෙන් ආපු Bike එක නවත්තගන්නකොට පොඩ්ඩක් වැදිලා. බුවා බැණල බැණල පොඩ්ඩක් හිමිං එලවන්න කියල ගියා. Break තියෙන්නෙ ගහන්නනෙ අනේ.

කාරෙක වත්තට දානකොට එතන තියෙන කම්බි වැටක පැටලිලා ඉස්සරහ buffer එක හැමදාම හීරෙනවා. අම්මටත් ඉතිං මල් වවන්න ඕනෙ කාරෙක අස්සෙ.

ඔහොම කාර් පැදපු එකා දැං office එකේ උංට කියනව උංගෙ driving චාටර් කියලා.

15 comments:

  1. සැලෙන්න එපා... වැරදි දකිනකොට ගිහින් අනින්න ... පුලුවන්නම් අයිය පාරෙ යන වෙලාව අපිට කියල තියන්න

    ReplyDelete
  2. බයවෙන්න කාරි නෑ. දැං පාසල්ට කාරෙකක් නෑ. ගත්තොත් ආරංචිවෙයි, අනිවා ඩෙෆා.

    පොලීසියට බරිද දන්නෑ අර හංදිවල CCTV එකේ රෙකෝඩ් කරන ඒව Youtube දාන්න. පට්ට ආතල්එකක් ගන්න තිබ්බා :-D

    ReplyDelete
  3. මටත් කියන්න තියෙන්නෙ සහෝදරයගෙ කතාවම තමා. "පුලුවන්නම් අයිය පාරෙ යන වෙලාව අපිට කියල තියන්න" :D

    ReplyDelete
  4. මමත් පාසල් එක්ක යනකොට යන්නේ පණ අතේ තියාගෙන. කොයි වෙලවේ hospita එකේ නතර වෙයිද දන්නේ නැහැනේ. :D

    ReplyDelete
  5. ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩයිවර් කෝ කාරෙකේ
    අනේ අපොයි ඇගේ හැපෙයි පාරෙ උන්ට මාරකේ //
    හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා

    ReplyDelete
  6. පාසල්ගෙ කාර් පැදිල්ල පට්ට සිරා (කාරෙකට බ්‍රේක් ABS තියෙනම්)

    ReplyDelete
  7. අර කිව්වත් වගේ යන එන වෙලාව කිව්වනම් අපි ගෙවල් වලට වෙලා ඉන්න.. හික් හික්.

    ReplyDelete
  8. මේ අයියල කොයි පැත්තෙද ඉන්නේ?

    ReplyDelete
  9. මල්ලි බයවෙන්න එපා. මේ අය්යා පස්සෙං එන්නෙ නෑ :-D

    ReplyDelete
  10. කාර් එක දැං අටපට්ටම් වෙලා එහෙම නැතුව ඇති නේද?
    කිව්වත් වගේ ඕක ඇරං එලියට බහිනව නං පොඩ්ඩක් අපිට කියන්න, ගෙවල් වලට වෙලා ඉන්න
    /කුම්බකර්ණයා

    ReplyDelete
  11. menna thawa rangayek hina kala kassakuth haduna. office ekata ena minissu mata pissu kiyala hithanawath athi ela ohoma yan

    ReplyDelete
  12. පාරෙ යන්නත් බයයි මේවා ඇහෙද්දි

    ReplyDelete
  13. @කුම්බකර්ණයා, gadol:
    මට වඩා එලට ඒ වැඩපලේ කුමා (මල්ලි සුදූ) කියල එකෙක් පැදල තියේ කියලා ආරංචියක් ආවා. මම හිතන්නේ කාරෙක දැං කන්ඩෙම්.

    ReplyDelete
  14. @prabathw7: හික්ස්.. තෑන්ක්ස්. රංගගෙන් තමා අය්ඩියා එක ආවේ.

    ReplyDelete