Monday, January 17, 2011

Honeymoon යන්න එළ තැනක් කියපං

පාසල් වැඩකරපු තැන කොල්ලො ටිකයි, client-site එකේ බුවාලයි රෑ වැඩවගයකට සෙට් උනා. සාමාන්‍යයෙන් ඔහොම සෙට් උනාම රෑට ළඟ කඩේකින් කාල client-site එක ඉස්සරහ පඩිපෙලේ ඔක්කොම ටික කියව කියවා ඉන්නවා. ඔතන එකෙක් හිටියා wedding එක ඔන්න මෙන්න ළඟ තියාගෙන honeymoon යන්න තැන් හොය හොයා.

රුමේ: ඒ මචං.. මට තැනක් කියපංකො. නැද්ද උඹල ගිය එල තැං?
අපේ එකෙක්: මචං Tree-of-Life පලයං ඒකට එන්නෙ honeymoon couples විතරයි.
රුමේ : එහෙ ගිහිං තියෙනවා බං.
අපේ තව එකෙක් : එහෙනං කන්ඩලම පලයං rock on!
රුමේ : ගිහිං තියෙනව මචං.
තවත් එකෙක් : රම්බොඩ falls එල ඔය වැඩේට
රුමේ : එහෙත් ගියා මචං.
තව එකෙක් : Earl's regency නැත්තං නකල්ස් camping නියමයි day dreaming
රුමේ : ඒ දෙකටම ගිහිං තියෙනව මචං. මොකද්ද බං, උඹල කොල්ලො නේද. කියපංකො හොඳ තැනක් raised eyebrows

දැං ඉතිං කට්ටියම එකතු වෙලා රුමේට honeymoon යන්න තැං කියනවා. කට්ටිය කියන කියන ඔක්කොටම වගේ බුවා කෙල්ලත් එක්ක ගිහිං තියෙනවළු.

බලේ : සීගිරි cottage මරු honeymoon වැඩේට නං.
රුමේ : ගියමාසෙ නිවාඩු දාල එහෙ තමා හිටියේ බලේ. නොගිය තැනක් වෙන්න ඕනෙ මචං. දන්නවනෙ ගෑණුන්ගෙ හැටි.
අපේ එකෙක් : මේ.. බන්ඩාරවෙල දුරවැඩි නැත්තං Dutch house හොඳා.
රුමේ : එහෙ දුර වැඩී මචං.

මූට ආතල් ගන්න අනික් උං ඉරාගෙන මතක් කරන්න ඕනෙ හෝටල් frustrated පාසලුත් ඉතිං බුවාගෙ කතාව අහගෙන හිටියා. පාසල්ට ඔය හෝටල් ගැන දැනුමක් නෑ.

පාසල් : මෙහ්.. සීගිරිය ක‍ටුගස්තොට? winking
රුමේ : කොහේ confused
පාසල් : එහෙනං.. අරීනා ක‍ටුගස්තොට big grin
රුමේ : මොකක් I don't know
පාසල් : Queens ගාල්ල big grin
රුමේ : මොනවද බං උඹ ඔය කියන්නෙ feeling beat up ඕව film halls නේ බං.
පාසල් : ඔව් ඉතිං උඹට හෝටල් හොයන්න බෑ. Box එකකට පලයං hee hee පැය 2ක් විතර තියෙනවනේ වැඩේට.
රුමේ : මෙ මචං සිරාවට කියපංකො honeymoon යන්න තැනක් praying
පාසල් : හරි එහෙනං එල තැනක් තියෙනවා.
රුමේ : කොහෙද?
පාසල් : මේ ළඟ තියෙන්නෙ. වැඩි ගානක් යන්නෙත් නෑ. සතියේ දවසකට රු. 500 ක් විතර ගන්නෙ couple එකකට.
රුමේ : අඩේ මරු නේ big hug එක පට්ට ලාබයි නේ.
පාසල් : වැඩිය කට්ටියත් නෑ මචං. කෑමත් මාර රහයි. පොඩි ගාණකට අපිට ඕනෙ කරන දෙයක් කියල හදාගන්නත් පුලුවං.
රුමේ : ෂා...  කොහෙද තියෙන්නෙ.
පාසල් : හැබැයි මචං.. උඹ සති අග ගියොත් කේස්. මොකද සෙනඟ වැඩි උනොත් රු. 600 ක් විතර ගන්නවා වරුවකට. රෑ වෙනකල් ඉන්න දෙන්නෙත් නෑ මචං. රෑ 7ට විතර යන්න වෙනවා.
රුමේ : ඔහ්.. එහෙමද...
පාසල් : හැබැයි මචං පොට්ටෙක නං නියමයි ඔය වැඩේට. බුදු ෂුවර්.. පොලිසියෙන් පනින්නෙ නෑ.. rolling on the floor
රුමේ : at wits' end
සෙට්ටෙක : rolling on the floor
පාසල් : big grin මගේ යාලුවෙක් තමා ඒකෙ කෝකියා.

22 comments:

  1. හික්ස්!! බුවා අපි දන්න කියන පොරක්ද? ;)

    ReplyDelete
  2. මෑන්ට කියන්න නෙවෙයි මෑන්ගෙන් අහගන්න වටින ජාතියෙ ඩයල් එකක්. හැම එකටම present!

    ReplyDelete
  3. ඔය හැමතැනටම ගිහින් තියනවනං ඉතිං අහවල් එකටැයි ආයෙත් හනිමූං යන්නෙ. ඒ වෙද්දිත් ඉතින්...... හික් හික්

    ReplyDelete
  4. ඔය කිව්වේ උඹලගේ ගෙදර වෙන්ටැ . . හික් හික් හික්
    අර උඹේ බොක්ස් කතාව එල ඈ
    සිරාවට ඌට එහෙම එකකට ගියා නම් තමා හොඳ

    ReplyDelete
  5. අනේ ඌ උඹව වැඩිය නොදන්න එකෙක් වෙන්න ඇති. නැත්නම් උඹගෙන් ඕව අහන්න යන්නෙ නැහැනෙ

    ReplyDelete
  6. Anonymous කිව්ව වගෙ ආයෙ මෑන්ස් මොන මගුලකට හනිමූන් යනවද? කෙලින්ම ගෙදර ගියා නම් ඉවරනෙ.

    ReplyDelete
  7. යාලුව ලංකාවෙ ඇවිදල තියෙන හැට්යට අභීතගෙ Explore Lanka ඒජන්ත කෙනෙක් හැටියට පත් කලහැකි.

    ReplyDelete
  8. he he .... maru kathawa

    ReplyDelete
  9. Box යනවනං ඉතිං Savoy තමයි :-D

    ReplyDelete
  10. @Naveen: සමහරවිට දන්නවත් ඇති. බැංකුවක කොල්ලෙක්.

    ReplyDelete
  11. මැරීන් ඩ්‍රයිව් එකේ කාරෙක පාක් කරන් ඉන්නත් පුළුවං. එත් ටින්ට් කරගෙන යන්න වෙනවා. නැත්තං බඩුම තමා.

    ReplyDelete
  12. සමහටවිට හෝටල්වලට ගියාට බල බල ඉඳල කාල බීල අනික් පැත්තට ආවද දන්නෙ නෑ.

    ReplyDelete
  13. හික් හික් පාසල් ගෙ කට නම් පට්ටය.

    බොක්ස් සීන් එක නම් එළම තමා... අර කිව්වත් වගේ ඌ අහවල් එකකට ආයෙ හනිමූන් යනවය. කෙලින්ම ගෙදර ගියා නම් හරි

    ReplyDelete
  14. ඔය හැටි සැරයක් හනිමූන් යන්න ඌ කීපාරක් බැඳලද බන් :-D

    ReplyDelete
  15. මාර පොරක්නේ .... හෙහෙ ..

    ReplyDelete
  16. ඉස්සෙල්ලම බුවා ගෙදර ගිහිං. කෙල්ල ගෙදරින් එලියට ගන්න නං ඉතිං එහෙම කරන්න වෙනවනේ. එලියට ගත්තට පස්සෙ ඉතිං පාරෙ බස්වල chaa වෙන්න බෑ කියන්න ඇති කෙල්ල. ඊට පස්සෙ හනිමූන් ගිහිං. අතමිට කාසි නැතිවේගෙන එනකොට හිතෙන්න එති එකට පදිංචි උනානං හෝටල්වලට දෙන සල්ලි කෙල්ලට ඕනෙ දෙයක් කරගන්න කියල දෙන්න පුලුවන් කියලා. ඒ නිසා වෙඩින් එක ගන්න තීරණය කරන්න ඇති. :-D හනිමූන් ඉතිං වෙඩින් පැකේජ් එකේ එන එකක්නේ. ගෙදරට කියන්න බෑනෙ ඉරිදට කලින් සඳුද ඇවිල්ල කියලා :-D

    ReplyDelete
  17. පාසල් එතකොට කොට ජීවිතේගේ මගුල වුනෙත් ඔය හේතුව නිසාද?

    ReplyDelete
  18. නැහැ. ඒක නිකං හෙන ගහන්නා වගේ එකපාරටම බැන්දා :-D

    ReplyDelete
  19. බුවාව දැක්කමනං හිතෙන්නෙ නෑ ඔය විදියට රට වටේට කෙල්ලෙක් එක්ක රෝන්දෙ යනව කියලා. අනික බැංකුවකනේ. ඔය ගන්න පඩියට පුළුවනැයි ඔහොම හෝටල් වලට යන්න :-D

    ReplyDelete
  20. ඉරිදට කලින් සදුද ආවම ඉරිදට මෙලෝ වැඩක් නැති වෙනව ඇති නේද :D

    ReplyDelete
  21. එහෙම උනහම ඉරිදාවක් නැහැනෙ :-D

    ReplyDelete
  22. "ඉරිදට කලින් සදුදා ඇවිත්...."
    ඒක තමයි පට්ටම කතාව.....

    ReplyDelete