Wednesday, January 26, 2011

office එකේ පරිස්සම් වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා

පාසල්ගෙ වැඩ හොඳ වැඩි කමට කලින් වැඩකරපු office එකේම වෙන company එකකට පාසල්ව මාරු කලා. අලුත් තැන එල. ඔක්කොම ඉන්නෙ පාසල්ගෙ වයසෙ කොල්ලො කෙල්ලො සෙට් එකක්, දැනට අවු. 10කට කලින් පට්ට තරුණ කාලෙ. පාසල් හිතාගෙන හිටියේ office එකේ කෙල්ලො පාසල්ගෙ මූණවත් බලන්නෙ නැත්තේ පාසල් හිටපු තැනට ඇත්තටම එකෙක්ටවත් එන්න බැරි නිසා කියලා. කොටින්ම ලඟින් යන්නත් බැරි නිසා කියලයි. පාසල්ගෙ වැ‍රැද්දක් නිසා නෙමේ. ඒ හරියෙ හිටියෙ maxxa කොල්ලො සෙට් එකක්. පිට කවුරුහරි ආවොත් ඉවරයි. මේ තියෙන්නෙ එන කෙනාට දෙන වද list එකෙන් ටිකක්:

එකෙක් කොන්ඩෙ අවුල් කරයි.
අනිකා ලස්සනට යටකරගෙන ඉන්න shirt එකෙන් අදී.
එතකොට තව එකෙක් කලිසම් zip එක ගලවයි.
කලිසම් belt එක ගලවයි.
ආපු කෙනා කෙල්ලෙක් නම්, කොළෙත් එක්ක ටොපි කාල තියේ ද අහයි.

රෙද්ද මේසෙට තියලා ස්ටේප්ලර් කරයි.
ඇස් වහලා ටොකු අනී, අමතරව තව ගුටිත් දෙයි.
අහන ප්‍රශ්නවලට උත්තර නොදී වැල්වටාරම් කියවයි, නිකම් Goldfish without a bicycle වගේ ඒව.
සපත්තු ලේස් ගලවයි.
වැරදිලාවත් ලේස් එක ගැටගහන්න නැවුනොත් නම්... මදුමතියේ බඩුම තමයි.

ඒත් ඔය එකකටවත් පාසල් සම්බන්ධ නැහැ. ඔය ඔක්කොටම ප්‍රසිද්ධ එතන හිටපු අනික් කොල්ලො සෙට් එක. දවසක් පාසල් කැන්ටිමේ කකා ඉන්නකොට එහා පැත්තෙ කෙල්ලො සෙට් එකක් කනගමන් ලොකු කතාවක්. එතන අලුතෙන්ම ආපු කෙල්ලෙක් වටකරගෙන induction එකක් දෙනවා.

ඩුෂී : ඩිනේෂා.. මේ office එකේ පරිස්සම්වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා.
ඩිනේෂා : ඔහ්.. ඇත්ත ද? ඒ කවුද?
ඩුෂී : එක්කෙනෙක් සංක. අනික් කෙනා තමයි පාසල්.
පාසල් : surprise

ඩුෂී පාසල් එක්ක වචන 10කට වඩා කතා කරල නෑ. එකට වැඩ කරලත් නෑ. එකට ගමන් බිමන් ගිහිනුත් නෑ. එකට කාල බීලත් නෑ. කොටින්ම ඩුෂී පාසල්ගෙ නම හරියට දන්නෙත් නෑ. පාසල් ඉන්නෙ කොහෙද යන්නෙ කොහොම ද මොනවා කනව ද මොනවා කරනව ද කිසිම දෙයක් දන්නෙ නෑ I don't want to see

18 comments:

  1. ඔයාල නැති අඩුව අපිට තාම දැනෙනව.. ;)

    ReplyDelete
  2. අපෝ ඔෆිස් එකේ අසරණ මිනිස්සු ටික මෙයා වැඩට එන්නැති දවසට පාටි දානව ඇති.

    ReplyDelete
  3. අඩො පාසල් පින්තූරෙ නන් එ කාලෙට නියමෙට ගැලපෙනව. දැන්නන් ආප්ප කඩයක් වගෙ :)

    ReplyDelete
  4. අඩේ මූ අර රංගයාට හපන් පිස්සු පූසෙක්ද කොහෙද . .
    අඩෝ තොගේ මූනු පොතේ තියෙන නම කියපන්.
    හිටු රංගයගෙන් අහල උඹවත් ඇඩ් කොර ගන්න. හික් හික් හික්

    ReplyDelete
  5. අපිට හිතා ගතහැකි කලින් ඔෆිස් එකෙන් යැව්වේ ඇයි කියලා....ඒ ඔෆිස් එකේ අය ඊට පස්සේ සැහෙන ජොලියේ ඉන්න ඇති......:)

    ReplyDelete
  6. @නිර්මල : ආ.. මාව යැව්වෙ නෑ.. ඉල්ලල ගත්තා :-D

    ReplyDelete
  7. @a : ඒ මොකො දැං අප්ප කඩයක් වෙලා? ඉන්න උන් තමා ඒකට වගකියන්න ඕනේ :-D

    ReplyDelete
  8. @පිණිබිඳු: Naveen මලයගෙ කතාවෙන් පේනවනේ.. අපි නැති උනාම කොච්චර පාඩු ද කියලා.

    ReplyDelete
  9. @දුකා: මම දැං මූණුපොතේ නැහැ. මාව ඒකෙන් අස් කලා :-(

    ReplyDelete
  10. දුකා : මූව මූනු පොතෙන් එලෙවුව මචං මුගේ වැඩ නිසා.

    මුගෙ කිට්‍ටුවෙන් කෙල්ලො යන්නෙ නෑ මොන ඔ‍ෆිස් එකේවත්. මොකද මුගේ කටට බ්‍රේක් නෑ. කටට එන ඕනෙ මගුලක් ඔහේ ඇරල දානව කවුරු වටේ හිටියත්

    ReplyDelete
  11. මේක පාසල් ගෙන් අහල වැඩක් නැහැ, රංග ගෙන් ඇහුව නම් හරි උත්තරේ දැනගත්තකි.
    මොන මොන සෙල්ලම් දැම්මත් පොර කොටජීවිතෙට ෆුල් සරෙන්ඩර් නේද?

    ReplyDelete
  12. @Observer: ඒක රංගගෙන් අහල වැඩකුත් නෑ. රංගයා දැං single උනාට, කෙල්ලෙක් ඉන්නකොට බලන්න ඕනෙ. ඇඟේ තැන් 5ක් බිම ගෑවෙන්න දෝත් මුදුන් තබා දණ නමස්කාර කරගෙන ඉන්නේ :-D

    ReplyDelete
  13. @රංග: ඒකට සිංහලෙන් කියන්නෙ හොනස්ට් කියලයි :-D

    ReplyDelete
  14. ඒ බය එහෙම නෙමෙයි ඕං... ගවුරවය වෙන්ට ඇති

    ReplyDelete
  15. ඔය උඩ පොටෝ එකේ ඉන්නෙ පරන පසල් දැන් පසල් ගෙ පොටෝ එක තියෙනවා කොටජීවිතේ බ්ලොග් එකේ

    ReplyDelete
  16. @නිශ්: ඒකත් දැනට අවුරුදු කීපයකට කලින් එකක් :-D

    ReplyDelete