Saturday, April 9, 2011

ඔයා interview පාස් appointment letter එක ගන්න එන්න

You have been selected

පාසල්ගේ කලින් ofis එකේ සෙට් පිටින් අස්වෙන්න පටං ගත්තා කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු (බලධාරිණිය විසිං කැපුවා) වගේ හේතු හුඟාක් නිසා. ඒකට කමක් නෑ. ඔය interview වලට ගියාම අමුතු අමුතු ප්‍රශ්න වැලක් විතර අහනවනේ. Program එකේ bug count එක වැඩි උනාම Queen Latifa'ව බයිසිකලේ මැද පොල්ලේ වාඩිකරගෙන කන්ද පාගපු සචියත් සෑහෙන interviews වලට යන්න පටං ගත්තා. බුවා ඇවිල්ල අමුතුම ඩයල් එකක්. වැඩිය කවුරුත් එක්ක කතාවට යන්නෙ නෑ. තමංගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. පාසල්ල එක්ක සෙට් වෙලා පොඩි පොඩි project කීපයක් කරනකොට තමා බුවා පොඩ්ඩක් විතර කතා කරන්න අරගෙන ලාවට වගේ social උනේ. දවසක්;

සචී : මේ පාසල්.. උඹ interviews යනවද?
පාසල් : big grin Without without!
සචී : මොකෝ උනේ ඉතිං? නැද්ද තාම එකක් හරියට සෙට් උනේ?
පාසල් : නෑ බං sigh technical මදි කිව්වා. ඉල්ලපු ගාන වැඩී කිව්වා. සමහරක් උන් interview කෝල් කලෙත් නෑ. සමහරක් උන් ඕනේ ගාන අහගෙන ආයෙත් කතා කරන්නං කියල ආගිය අතක් නෑ.
සචී : surprise අනෙ මෙහ්.. පලයං.. බයිල ගහන්නැතුව.

ඇත්තටම ඉතිං හුඟක් තැන්වලින් පාසල්ව ගත්තෙ නෑ නාකි හින්දා.

සචී : cool ඒකට මුලිං පොඩි ගානක් කියපං. එතකොට උන් ගන්නවා. Select කරගත්තට පස්සේ උන් call කරල කියනවනේ "ඔයාව අපි select කරගත්තා appointment letter එක ගන්න එන්න" කියලා. එතකොට කියපං "මේහ් පිස්සු කෙලින්න එපා. මට ඒ ගානට එන්න බෑ. මට දැං මෙච්චරක් money eyes ඕනේ" කියලා වැඩි කරගනිං ලොකු කුට්ටියක්.

පට්ට advice එක laughing ඒ වගේ බුවෙක් පාසල්ට මීට කලින් අහම්බෙන්වත් හම්බුවෙලා තිබ්බෙ නෑ. ඔය වගේ පාසල් එක්ක තවත් එකෙක් හිටියා "බෙහෙතා" කියලා. ඌත් ඉන්ටවිව් ගිහින් ඇවිත පට්ට කතා කියනවා.

Log in page

Interview කරන බුවා : ඔයා කොහොමද මේ project එකේ security දැම්මේ?
බෙහෙතා : Mmm.. අහ් ඒකේ අපි log in වෙන්න page එකක් දැම්මා.
Interview කරන බුවා : d'oh

ඕක තමා බුවා මොනවා ඇහුවත් කියන්නේ. අන්තිමට interview කරන බුවාට මුගේ log in page එක ගැන අහල එපා වෙලා security ගැන අහන එක නැවැත්තුවා hee hee

Interview කරන බුවා : Ok, මේකේ mobile එකේ සීන් එක කොහොමද කලේ කියන්න බලන්න.
බෙහෙතා : cool ඒක අපි මුලින්ම user'ට log in වෙන්න කියනවා. අර මං කලින් කිව්ව log in screen එකෙන්. ඊට පස්සේ එයාට වැඩේ කරගෙන යන්න පුලුවන්.
Interview කරන බුවා : waiting ඔව් හරි. කොහොමද ඒක කලේ?
බෙහෙතා : worried අහ් ඒක අපි නෙමේ කලේ. ඒක වෙන කොම්පැනියක් කලේ.
Interview කරන බුවා : at wits' end

laughing බුවා ආපු ගමන්ම පාසල්ලත් එක්ක ඔය සීන් එක කිව්වා. සචියත් ඉතිං ඕක හොඳට අහගෙන හිටියා.

සචී : උඹට එහෙම නෙමේ බං කියන්න තිබ්බේ nerd
පාසල් : එහෙනං කොහොමද?
සචී : උඹට කියන්න තිබ්බ, උඹ එහෙට යනකොටත් ඒකේ security දාලා තිබ්බේ, ඇතුල්වෙන ගේට්‍ටුව ගාව security room එකක් තියේ, එතන ඉන්නව security දෙන්නෙක්, උන් ඔක්කොම චෙක් කරලයි යන්න දෙන්නේ, කාටවත් එහෙම නිකං ඇතුලට යන්න බෑ කියලා.
පාසල්, බෙහෙතා : rolling on the floor

පොඩ්ඩක් හිතපං. ඔහොම උත්තරයක් දුන්නොත් එහෙම interview එකේ කොහොමට හිටී ද කියලා.

13 comments:

  1. ඔහොම උත්තරයක් දුන්නොත් එහෙම ඉතින් කිසි කතාවක් නෑ කෙලින්ම appointment letter එක අතටම දෙයි.
    :-P

    ReplyDelete
  2. හිනා කටයි බත් දෙකටයි. ඉන්ටර්වීව් කරන උන්ට වෙනම ගානක් දෙන්න ඕනෑ මුං එක්ක ඉහ ගහනවට.

    ReplyDelete
  3. සමහර විට ටෙක්නිකල් නැතුව ක්‍රියේටිවිටි පැත්තට ගන්ඩ තිබ්බ ඒ වගේ උත්තරයක් දුන්නනම්....... ලොල්....

    http;//aluthkolla.blogspot.com

    ReplyDelete
  4. ආයි මොනවද ඉන්ටර්විව් කරන අයට දෙයියන්ගෙම පිහිටයි.......


    සචී කිව්ව මේ කතාව ඇත්තද අයියා..

    සචී : අනෙ මෙහ්.. පලයං.. බයිල ගහන්නැතුව.
    ඇත්තටම ඉතිං හුඟක් තැන්වලින් පාසල්ව ගත්තෙ නෑ නාකි හින්දා.

    ReplyDelete
  5. මමත් ඉන්ටවීව් යනකාලෙක මෙන්න මෙහෙම උත්තර තමා දෙන්නේ.. මරු මරු.. :)) :))

    ReplyDelete
  6. @Kasun : හික්ස්.. බය උනා ද? බයවෙන්න එපා.. ඔයාලට එහෙම වෙන එකක් නෑ. මොනව හරි අවුලක් උනොත් දන්නවනේ කරන්න ඕනේ දේ.. රංග අයියාට කියන්න. එයා වැඩේ කරල දෙයි :D

    ReplyDelete
  7. එකෙන්ම ජොබ් එක ගොඩ.... :D

    ReplyDelete
  8. අනිවා ජොබට ගන්නවා :D

    ReplyDelete
  9. ඕවා ඉගෙනගෙන ඉන්න එක හොදා. අපිටත් ඉන්ටවීව් එකකට යන්න උනොත් මේවා ආදුරුසෙට ගන්න පුලුවන්නෙ :D

    ReplyDelete
  10. මාත් තව මාස කීපයකින් ෆුල් බයිල ටිකක් ගහන්න ලැස්තිවෙනව.. අපි බලමුකො..

    ReplyDelete
  11. ඔය සචී මට හිතෙන විදියට තාමත් interviews වලට යනව ඇති...

    ReplyDelete
  12. @Naveen : එල. බෙහෙතගෙන් අහගනින් කතන්දර ටික (y)

    @prasanna86k : හික්ස්.. ඔව් තාම යනවා.. :D

    ReplyDelete
  13. ඔය සෙට් එකත් එක්ක මමත් අවුරුදු 3ක් වැඩ කරානෙ

    ReplyDelete