Monday, January 31, 2011

Shanaya Fernandez ගැන ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න

Shanaayaa Fernandiz ගැන ප්‍රශ්න

පාසල්ගෙ වැඩපලේ coming soon කෙල්ලො සෙට්ටෙකක් ඉන්නවා. Coming soon කිව්වේ කෙදිනක හෝ ඉදිරියේ දී posh වෙන්න ඉන්න ගෑණු ළමුන් කිහිප දෙනෙක්. ඒ අතර සමහරක් අය නානාප්‍රකාරයේ දුක් විඳිනවා posh වෙන්න. පහුගිය මාස කිහිපයේ Shanaya Fernandez නිලියක් හැටියට ටිකක් ප්‍රසිද්ධ වේගෙන ආවා. එයා සිංදු කීපයකුත් කිව්වා, ටෙලිනාට්‍ය සහ සුරූපී ඇඩ්ස් වලත් පෙනී හිටියා. ඉතිං එයාගෙ interviews එහෙමත් TV එකේ යන්න ගත්තා. එතකොට ඔය රෑට TV එකේ යන පැදුරු පාටි වගේ ඒවටත් එයා එන්න පටං ගත්තා. පාසල්ගෙ වැඩපලේ "වෙන්ට posh" කෑලි ටිකත් ඉතිං Shanaya Fernandez ගැනතමා කතාව. හැබැයි ටිකක් වෙනස් විදියේ කතාවක්.

සජානි : Ya men.. she is හරිම පොඩි girl කෙනෙක්.
අනූපමා : එහෙම ද.. but එයා හරිම matured looking නෝ.
නදිනි : හාපෝ අර ඊයේ රෑ TV එකේ හිටියේ.. මේකප් දාල කියන්නේ..
සජානි : Ya men සාරි එකක් ඇඳං ඇවිල්ල හිටියේ. she.. එයාට college එකෙන් warning දීල තියෙන්නේ.
අනූපමා : එයා කොහෙ ද studying?
සජානි : R. I. එකේ නේ. There මොකක් හරි scene එකක් ගිහින් එයාව එලියට දාලා.
නිම්මි : Really? but you cant say the way she is in fronta da screen නෝ.
සජානි : Yaa men..

ඔය වගේ ඉතිං මේ "වෙන්ට posh" කට්ටිය හෝ ගාල Shanaya ගැන කියවනවා. ඔතන ඇත්තටම Shanaya Fernandez ගැන පෞද්ගලිකව දන්න කියන කවුරුත් නෑ. ඔක්කොලාම කරන්නේ රඟපෑමක්. එහෙං මෙහෙං ඇහිඳ ගත්තු බයිල ටිකක් තියාගෙන "ඔයාට වඩා මමයි Shanaya'ව හොඳටම දන්නෙ...; මමත් ඉතිං ඔය society එකේනෙ ඉන්නෙ...; අපිනම් ඉතිං සෑහෙන posh..." කියල පෙන්නන්න හදනවා.

පාසල් බොහොම අමාරුවෙන් එතන එහා පැත්තෙ මේසෙට වෙලා කකා හිටියේ. ඒ කනගමං පාසල් කල්පනා කලේ "යකෝ.. මැස්සො උඩ ගිය තරම.." කියලා. ඔහොම ඉතිං පැය භාගයක් විතර ඔය කතන්දරේ යනවා. එක පාරටම පාසල් එතන හිටපු කෙල්ලො සෙට්ටෙකෙන් ප්‍රශ්නයක් ඇහුවා.

පාසල් : මේ ඔයාල ඔය කතා කරන්නේ Shanaya Fernandez ගැන ද?
සජානි : Yaa men .. අර හරියට කටක් ඇරල සිංදුවක්වත් කියාගන්න බැරි girl, men..
පාසල් : ඊයෙ රෑ TV එකේ හිටපු Shanaya Fernandez ද?
අනූපමා : Yes yes ඒ girl තමයි.
පාසල් : ඔයාල එයාව දන්නව ද? එයා මගේ cousin sis. ඔයාලට මොනව හරි දැනගන්න ඕනෙනම් කියන්න. මම එක්කගෙන එන්නම්. ප්‍රශ්නයක් නෑ.
සජානි, නදිනි, නිම්මි, අනූපමා : it wasn't meI don't want to see d'oh

ඇත්තටම පාසල්ගෙත් කිසිම නෑකමක් නැහැ ඔය කියන Shanaya'ත් එක්ක. Shanaya ගැන පාසල් දන්නෙත් නෑ. "Coming soon" සෙට්ටෙක මූණට මූණ බලගෙන හිටියා ටික වෙලාවක්. කොටින්ම පාසල් කාල ඉවරවෙනකංම වගේ කිසිම සද්දයක් තිබ්බෙ නෑ.

15 comments:

  1. Shanaya Fernandez මෙකි නිලියෙක්ද බන්.. ඔය TV එකත් බලපු කාලයක් මතක නැ.. ගූග්ල් දෙයිය වත් මෙකි ගැන දන්නේ නැනේ..

    ReplyDelete
  2. ඔය දාලා තියෙන්නේ ඒ නිළියගේ ඇත්ත නම නෙමෙයි. කොහොම උනත් ඔ‍ෆිස් එකේ කෙල්ලො ටිකනම් තම හිතාගෙන ඉන්නේ පාසල් ඔය නිළියගෙ කසින් කියලද කොහෙද... :D

    ReplyDelete
  3. හි හී ඔය කියන්නේ අර දෙරන ඩ්‍රීම් ස්ටර් 1එ සිංදු කියපු නැති ITN 1එ 7.30 ට යන කතාවක රගපාන්නේ නැති එක්කෙනා නේද... අර මහත මිටි... :D

    ReplyDelete
  4. Shanaya කව්රු වුනත් පාසැල් දීපු ගිනි ගෙඩිය නම් මරේ මරු ...

    ReplyDelete
  5. හොයලත් බැලුවා සිරා එකක්ද කියල බලන්න.. කොහෙද.

    ReplyDelete
  6. ඔය ගෑනුන්ගෙ ඊරිසියාවට කියන කතානෙ ... වෙන්ට පොෂ් අයට පොශේ පොශ් (වගේ) අයව පෙන්නන්න බෑ අනේ :D

    ReplyDelete
  7. නිලියගේ හරි නම මම දාල තිබ්බේ. ඒත් බලධාරිණිය විසිං කපා හරින ලදී.

    ReplyDelete
  8. අඩෙ ඔන්න මට ජුං අලයගේ තවත් සීන් කෝන් එකක් මතක් උනා..

    ReplyDelete
  9. පාසල්,බලධාරිණිය කොටජීවිතේද?

    මාරයා,ජුන් අල කතාවත් අහමු එහෙනම්.

    ReplyDelete
  10. @Observer: වෙන කවුද ඉතිං.. :-)

    ReplyDelete
  11. @මාරයාගේ හෝරාව: මොකද්ද ජුං අලයගේ සීන් එක?

    ReplyDelete
  12. අප්පද බොල..ජුංඅලයව දන්නෙ නැද්ද..?
    මෙං බලාගමු...

    http://ctkumara.blogspot.com/search/label/%E0%B6%A2%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F...

    ReplyDelete
  13. @පිටස්තරයා: සොරි වෙන්න ඕනේ. පහුගිය දිනවල සිදුවුන blog පලහිලව් සහ media ethics නිසා බලධාරිණිය තරයේ ප්‍රතික්ෂේප කලා ලංකාවේ hotest teenage actress'ගෙ නම දාන එක. කොටින්ම පිංතූරෙත් වෙනස් කරන්න උනා :-(

    ReplyDelete
  14. @MaRLaN: ඩ්‍රීම්ස් ස්ටා එකේ හිටියද නැද්ද දන්නෙ නෑ. 7.30ට ගිය කොටස් 100ක විතර මෙගා නාට්ටියක හිටියද නැද්ද දන්නෙත් නෑ ;-)

    ReplyDelete
  15. LoL එහෙනම් හරි...
    මෙයාව කවුරුත් අදුනන්නෙත් නෑ

    ReplyDelete